IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


50% පළමු වතාවට කාටවත් නැති වෙයි?

වසර 1982 න් ආරම්භ වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ කිසිදු අපේක්ෂක​ෙයකු සියයට පනහ ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නා ජනාධිපතිවරණය බවට මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වීමට ඉඩ ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති. මෙවර ජනාධිපතිවරණයේදී ඊට තරග කරන කිසිදු අපේක්ෂක​ෙයකුට 50% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වෙනු ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

ජනාධිපතිවරණයකදී කිසියම් අපේක්ෂක​ෙයකු ජයග්‍රාහකයා වශයෙන් පත්වීමට නම් දෙන ලද වලංගු ඡන්දවලින් 50% ක් හා තවත් ඡන්දයක් (50% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක්) ලබා ගත යුතු බව ජනාධිපතිවරණ ඡන්ද විමසීම් පනතෙහි දැක්වෙන අතර 1982 සිට මේ දක්වා පැවැති ජනාධිපතිවරණවලදී ජයග්‍රහණය කළ සෑම අපේක්ෂක​ෙයකුම 50% ඉක්මවා ඡන්ද ලබා ගත් හෙයින් කිසිදු අවස්ථාවක දෙවැනි තුන්වැනි මනාප ගණනය කිරීමක් සිදු කර නැත.

එබැවින් මුල්වරට දෙවැනි සහ තුන්වැනි මනාප ගණනය කිරීමෙන් ජයග්‍රාහකයා තෝරන ජනාධිපතිවරණය බවට මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගතවීමට ඉඩ ඇතැයි ද දේශපාලන විචාරකයෝ කියති. ජයග්‍රාහී අපේක්ෂකයා 40% ක් හෝ ඊට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවටද දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.

1982 සිට පැවති ජනාධිපතිවරණවලදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරයා වශයෙන් පත්ව ඇත්තේ 1994 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු පෙරමුණේ අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. එහිදී ඇය හිමි කර ගත් මුළු ඡන්ද ප්‍රතිශතය 62.28% කි. 

2019 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 52.25% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. 2015 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ මෛත්‍රීපාල සිරිසේන  51.28% ක ඡන්ද ප්‍රතිශතයක් ද 2010 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ 57.88% ක ඡන්ද ප්‍රතිශතයක් ද ලබා ගත්හ.

 



අදහස් (0)

50% පළමු වතාවට කාටවත් නැති වෙයි?

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ලොක්කන් 13 ක ගේ එතෙර ගිණුම් පරික්ෂා කරයි
2024 ඔක්තෝබර් මස 14 308 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන් වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු සම්බන්ධය


චෝදනා ලැබුවන් ඉවත් කළ නොහැකිව අපේක්ෂක ලැයිස්තු අර්බුදයක
2024 ඔක්තෝබර් මස 07 482 0

දූෂණ, වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේ දී තරග කිරීමට ඉදිරිපත්වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී දේශපාලන ප


මහ ඡන්දෙට විපක්ෂයෙන් සන්ධාන රැසක්
2024 සැප්තැම්බර් මස 30 162 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මවා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික


50% පළමු වතාවට කාටවත් නැති වෙයි?
2024 සැප්තැම්බර් මස 21 359 0

වසර 1982 න් ආරම්භ වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ කිසිදු අපේක්ෂක​ෙයකු සියයට පනහ ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නා ජනාධිපතිවරණය බවට මෙවර ජනාධිප


රටින් පැන්නු මුදල් ගෙන්න මාලිමාව සජබ සුදානම්
2024 සැප්තැම්බර් මස 09 312 0

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ “රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන”‍ ආයතනයක් ස්ථාපිතකොට, දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් විසින් රටෙන් සොරාගන්නා ලද අයථා ඉපැයී


ඉන්දීය ධීවරයෝ කල්පිටිය තෙක් මුහුද ආක්‍රමණය කරති
2024 අගෝස්තු මස 31 282 0

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වනවිට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 632 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site