(අජිත් ලංකාතිලක)
මාතර දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගලමින් ඇති අතර ප්‍රදේශයේ ගමනාගමන කටයුතු ඇනහිට ඇත. මේ හේතුවෙන් අකුරැස්ස පෝරතොට ප්‍රදේශයේ අවමංගල අවස්ථාවක දේහය භූමිදාන කිරීමට රැගෙන යාමට සිදුවූයේ ඔරුවක ආධාරයෙනි.
ඊයේ අකුරැස්ස පානදුගම, අගලකඩ, පෝරතොට යන ප්‍රදේශවලින් නිල්වලා ගඟ පිටාර ගලා ගිය අතර, සවස වනවිට අකුරැස්ස ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවිය.
පානදුගම මාරගොඩ ප්‍රදේශයේ මාර්ගය ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල විය. අකුරැස්ස පිටබැද්දර මාර්ගය ජලයෙන් යටව පැවතීම හේතුවෙන් පානදුගම ප්‍රදේශයට තංගල්ල නාවික හමුදාවේ ජීවිතාරක්ෂක භට කණ්ඩායමක් පැමිණ බෝට්ටුවකින් ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයූහ.
මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ සම්මත මිනුම්වලට අනුව අකුරැස්ස පානදුගම ජල මාපකයේ නිල්වලා ගගේ සාමාන්‍ය ජල මට්ටම ලෙස සලකනු ලබන්නේ මීටර් 3.2 කි. පිටාර මට්ටම වන්නේ මීටර් 5.8 කි. අද (23) දින උදෑසන 06.15 වන විට එහි අගය ලෙස සටහන්ව ඇත්තේ මීටර් 6.38ක් ලෙසටය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අකුරැස්සේ වැසියෙක් ඔරුවෙන් අවසන් ගමන් යයි
chandima Monday, 23 September 2019 07:14 PM
ප්‍රශ්නයක් නැහැ, මැතිඇමතිවරු යන්නේ හෙලිකොප්ටරයෙන්...