IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අග්නිදිග සරසවි සිසුන් සත්‍යග්‍රහයක

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර ඔලූවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ කි‍්‍රයාකාරි ශිෂ්‍ය සංගමය අම්පාර නගරයේ දැයට කිරුළ ස්මාරකය අසලදි තම ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලමින් සත්‍යග‍්‍රහයක් ආරම්භ කැරිණි.

ඔලූවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් සිසුන්ගෙන් දිගින් දිගටම පලි ගන්නා බව පවසමින්  වාණිජ සහ කළමණාකරණ පිඨයේ සහ තාක්ෂණ පීඨයේ  සිසුන් 1350 ක් පමණ විභාගයට සහභාගි නොවි විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව ගොස් ඇත.

විභාග කප්පාදුව නැවැත්විම,පන්ති තහනම ඉවත් කිරිම යන කරුණු මුල් කරගෙන  මෙම සත්‍යග්‍රහය පැවැත්වේ.



අදහස් (18)

අග්නිදිග සරසවි සිසුන් සත්‍යග්‍රහයක

maalaka Friday, 28 July 2017 12:08 PM

මේ සියලුම රජයේ සරසවි වසා දමා පෞද්ගලික ඒවා අරින්න. අවශ්‍ය නම් ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කර (උපයන විට ගෙවීමේ ක්‍රමයට ) දැඩි විනය ප්‍රතිපත්ති මත පවත්වා ගෙන යන්න. එවිට ඉගෙනීමට අවශ්‍ය, උනන්දුව සහ කැපවීම ඇති අය පමණක් මේවට එයි. ඇහෙම නැති අය බංකොලොත් දෙස්පාලුවොත් එක්ක එකතු වෙයි

:       530       711

බද්රානිFriday, 28 July 2017 12:52 PM

මාලක, ඔන්න ඕක තමයි ලංකාවේ සිදුවිය යුත්තේ. හැමදේම පිනට ලැබෙන නිසා කිසිම අගයක් නැහැ. අවසානයේ රටට බිහිවෙන්නෙත් පින්ගුත්තරයෝ රෑනක් තමයි. රටම විනාශකරන බංකොලොත් දේශපාලකයන්ගේ අතකොළු වලට මොකටද ජනතාවගේ මුදලින් උගන්වන්නේ?

:       44       166

NuwanFriday, 28 July 2017 01:45 PM

මුදල් ගෙවා අධ්‍යාපනය දෙන රටවල දෙමව්පියෝ සහ දරුවන් ඉතා වගකීමෙන් ඉගෙන ගන්නවා වයස 27 වෙද්දී අරන් පිටවෙනවා අවුරුදු 22 විතර ඉදන් රස්සා කරලා රටට දායක වෙනවා , නිකන් ලැබෙන අධ්‍යාපනය නිසා අපේ රටේ අය, සහනාධාර චින්තනේ සේරම නිකන් ඉල්ලන දුප්පත් මානසිකත්වය , ඉරිසියාව වැඩිවෙනවා , මෙයාල රටට වැඩක් කරන්නේ කවදද

:       14       206

SudathSaturday, 29 July 2017 01:13 AM

මේ සිසුන්ගේ සත්‍යග්‍රහය ඉතාම සාධාරනයි. විශ්වවිද්‍යාලයකට යාමට නොහැකි වූ ඇතැමුන් කුහකකමින් තමන්ගේ වෛරී අදහස් සොයා බැලීමකින් තොරව පල කරයි. ඔලුවිල් විශ්ව විද්‍යාලයේ පාලකයෝ ඉතාම ජාතිවාදී ආකාරයට සිංහල සිසුන්ට සලකන අතර දකුණේ මහලොකු සංහිදියාවක් කතා කලද මේ ප්‍රදේශ වල සිංහලයන්ට ජිවත් වීමට අපහසුය. ඔවුන් ඇතැම් අන්තවාදී නීති පවා විශ්වවිද්‍යාලය තුල ක්‍රියාත්මක කරයි. ඔබ යමක් කීමට පෙර සොයා බල අදහස් පල කරන්න. ඔබ සිංහල ජත්කයෙක් නම් දවසක් හෝ මේ ප්‍රදේශයේ ගත කර බලන්න ඔබටම වැටහෙයි.

:       0       12

aravinda Friday, 28 July 2017 01:48 PM

මේ අයගේ පන්ති තහනම් කර ඇත්තේ නවක වදය දීම වැනි විනය කඩ කිරීම් වලටද?

:       9       115

sudes Friday, 28 July 2017 01:52 PM

ඔලුවිල් විශ්ව විද්‍යාලයේ පාලකයෝ තනිකරම ජාති වාදී විදිහට කටයුතු කරන්නේ. අඩු ගානේ පෝයකටවත් බෞද්ධ වැඩසටහනක් විශ්ව විද්‍යාලය තුල කරන්න ඉඩක් නැහැ. සිංහල ළමයිට එපා වෙන විදිහට තමයි මේ විශ්ව විද්‍යාලයේ වැඩ සිද්ද වෙන්නේ. අපි හොදට දන්නවා ඔය විශ්ව විද්‍යාලය ගැන. දකුණේ තමයි සිංහල, දෙමල, මුස්ලිම් හැම ළමයම නිදහසේ අධ්‍යාපනික කටයුතු කරගෙන යන්නේ. මේ ළමයිට බනින උදවිය පොඩ්ඩක් ඔලුවිල් පැත්තේ ගිහිල්ල බලන්න ඇත්තටම මොකක්ද වෙන්නේ කියල. පාලකයෝ මෙහෙ බයිලා ගහනවා සංහිදියාවක් ගැන. මේ විශ්ව විද්‍යාලයේ පාලකයෝ තනිකරම සිංහල ලමයිගෙන් පලිගැනීමක් මේ කරන්නේ.

:       4       223

menna Friday, 28 July 2017 02:07 PM

කසල කළමනාකරණ විද්‍යා පීඨයක් තිබුනොත් හරි. හොඳට විභාග දෙන්න පුළුවන්.

:       4       2

Anil Friday, 28 July 2017 03:35 PM

අයිතිවාසිකම් කොහෙන්ද නොමිලේ ඉගෙනගන්න අයට?

:       19       0

Nishadi Friday, 28 July 2017 03:49 PM

මේ බැනලා තියෙන ඔබතුමාලා, ඔබතුමියලාට කියන්නේ මෙච්චරයි.. එක දවසක් අක්කරෙයිපත්තු ඔලුවිල් මේ අග්නිදිග විශ්වවිද්‍යාලයට එන්න. ඇවිත් බලන්න ඇත්ත මොකක්ද කියලා. මේ අය පාරට බැස්සේ මොකද කියලා බලන්න. ඊට පස්සේ බනින්න.

:       7       154

dingiralaFriday, 28 July 2017 10:15 PM

සමහරවිට මේ ළමයින්ට සාධාරණ ප්‍රශ්න ඇති. ඒක එහෙමනම් පාලකයන්ගේ යුතුකම ඒවා ගැන සොයාබලා සිසුන්හට සාධාරණය ඉටුකිරීමයි. ජාතිවාදීව කටයුතු සිදුවෙනවානම් එය ගැන සොයාබලා යුක්තිය ඉටුකරදීම ඉක්මනින්ම කල යුතු දෙයක්. නමුත් අද සිසුන්ගේ සටන් පිළිබඳව ජනතාවගේ බහුතරයකගේ සිත් තුල ඇත්තේ අප්‍රසාදයක්. එයට හේතුව සිසුන්ගේ දඩබ්බර හැසිරීමත් ඔවුන් බංකොලොත් දේශපාලන පක්ෂ සහ අන්තවාදී කණ්ඩායම් වල අතකොලු බවට පත්වී නවක වධය දීම් පන්ති වර්ජන කිරීම් සහ ඉරිසියා සහගත උද්ගෝෂණ වල නිමග්නවීම් සිදුවීමයි. දැනට දකුණේ සිදුවන සිසු අරගල දෙස බැලුවිට එය හොඳින්ම පේනවා. අද සිසුන්ගේ සෑම අරගලයක් පසුපසම කුමක් හෝ අදිසි හස්තයක් තිබීම නිසා ඔවුන් අවංකව උද්ගෝෂණයක් කලත් ජනතාවගේ බහුතරයකට ඒක සැකයි.

:       1       1

NishSaturday, 29 July 2017 07:07 AM

දෙන්නෙ නැති සාධාරණය තමා මේ ඉල්ලන්නේ දෙයියනේ... අපිට මේ පාලකයෝ සාධාරණය දුන්නා නම් මෙහෙම පාරවල් ගානේ අපේ කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕනෙ නෑ. මේ වගේ අව් රශ්මිය වැඩි පළාතක මෙහෙම අව්වට වෙලා විනෝදයට නවෛයි... සාධාරණයයි ඉල්ලන්නේ.

:       1       4

chris Friday, 28 July 2017 10:23 PM

පාර්ලිමේන්තුවත් පිස්සු කෙලිනවා ,දොස්තරලත් පිස්සු කෙලිනවා ,නීතියත් පිස්සු කෙලිනවා ,ආගමික නායෝකයොත් පිස්සු කෙලිනවා ඉතින් මොකද විශ්ව විද්‍යාල සිසුනුත් පිස්සුවක් කෙලල ආතල් එකක් ගත්තම .අබ සරනය් ශ්‍රී ලංකා.

:       0       1

ලහිරු Saturday, 29 July 2017 12:56 AM

මෙතන ඉන්න ගොඩක් අය හේතුව දන් නෑ..සරසවි සිසුන් පිලිබදව තියන තරහක් පිට කරන්නේ..හේතුව නම් හිතා ගන්න බෑ..රාජ්‍ය විශ්වවිද්‍යාලය විකුනන්නලු...ඔබතුමාන්ලාට සල්ලි තියෙන්න පුලුවන්..ඒත් මේ රටේ නිදහස් අද්‍යාපනය නැති වෙච්ච දවසක ඔබතුමන්ලාම කියයි රාජ්‍ය විශ්වවිද්‍යාල තිබ්බා නම් කියල...අලුත් ශිෂ්‍යයන් පිලිගැනීමට ඉදි කල තොරන පරිපාලකයන් විසින් කඩා දැමීම,ආපන ශාලා වල ආහාර වල පණුවන් තිබී අසු වීම,තවද ආරක්ශක නිලදාරින් සිසුන්ට පරුෂ වචන වලින් බැන වැදීම.ඔන්න ඔය වගෙ තව ගොඩක් දේවල් මේ විශ්වවිද්‍යාලය තුල සිදු උනා..ඔබ තුමන්ලා කිසි දෙයක් හරියට නොදැන චෝදනා කරන එක හරි වැරදි ..

:       0       5

rocky Saturday, 29 July 2017 04:49 AM

මේ විශ්වවිද්‍යාලය සිසුන් උද්ඝෝෂණය කරන්නේ කුමක් නිසාදැයි හරිහැටි නොදැන බොරුවට දොඩවන්න එපා. මේ රටේ දැනට නිදහස් අධ්‍යාපනයක් තියෙනවද? අධ්‍යාපන විශාරදයන් වගේ දොඩවන පිරිසටයි කියන්නේ...

:       1       5

ලහිරු Saturday, 29 July 2017 05:28 AM

මෙතන ඉන්න ගොඩක් අය හේතුව දන් නෑ..සරසවි සිසුන් පිලිබදව තියන තරහක් පිට කරන්නේ..හේතුව නම් හිතා ගන්න බෑ..රාජ්‍ය විශ්වවිද්‍යාලය විකුනන්නලු...ඔබතුමාන්ලාට සල්ලි තියෙන්න පුලුවන්..ඒත් මේ රටේ නිදහස් අද්‍යාපනය නැති වෙච්ච දවසක ඔබතුමන්ලාම කියයි රාජ්‍ය විශ්වවිද්‍යාල තිබ්බා නම් කියල...අලුත් ශිෂ්‍යයන් පිලිගැනීමට ඉදි කල තොරන පරිපාලකයන් විසින් කඩා දැමීම,ආපන ශාලා වල ආහාර වල පණුවන් තිබී අසු වීම,තවද ආරක්ශක නිලදාරින් සිසුන්ට පරුෂ වචන වලින් බැන වැදීම.ඔන්න ඔය වගෙ තව ගොඩක් දේවල් මේ විශ්වවිද්‍යාලය තුල සිදු උනා..ඔබ තුමන්ලා කිසි දෙයක් හරියට නොදැන චෝදනා කරන එක හරි වැරදි ..

:       0       4

Nishadi Saturday, 29 July 2017 05:35 AM

මේ යන news බලලා බනින එක ලේසි. මුන් පිනටනේ ඉගෙන ගන්නේ.උඹලට ඒකෙන් වත් හරියට ඉගෙන ගන්න බැරිද කියලා අහන්නේ. අපේ අම්මලා තාත්තලාත් මේ රටට බදු ගෙවන මිනිස්සු.ඒත් මේ කෙල්ලො කොල්ලො ආසාවට මෙහෙම පාරට වෙලා අව්වෙ පිච්චි පිච්චි ඉන්නෙ නෑ. මේ සිද්ද වුණ ප්‍රශ්නෙදි මමත් අසාධාරණයට පත් වුණ කෙනෙක් . මේ කොල්ලො කෙල්ලො බැහැලා ඉන්නේ එහෙම අසාධාරණයට ලක් වුණ ළමයි වෙනුවෙන්. එකම එක දවසක් නිවාඩුවක් දාගෙන ලංකාවෙ කෙළවරක තියෙන මේ කැම්පස් එකට එන්න. සංහිදියාව ගැන කතා කරන අය එන්න ඇවිත් බලන්න.මම දන්නවා එච්චර දුරක් ගෙවාගෙන එන්න,ඔය කටට එන වචන මේවයෙ කොටන තරම් ලේසි නෑ.

:       0       15

naradhaSaturday, 29 July 2017 10:47 AM

නිශාදි, මෙතන බොහෝ දෙනෙක් මේ විශ්ව විද්‍යාලයේ අසාධාරණයක් වෙන බව කියා තිබෙනවා. නමුත් කිසි කෙනෙක් මේ බරපතල ලෙස සිදු වුනු අසාධාරණය කුමක්ද කියා ලියා නැහැ. කරුණාකර ඔබට වුනු අසාධාරණය කුමක්ද කියා කමෙන්ට් කරනවද?

:       0       1

Ayomi Saturday, 29 July 2017 06:47 AM

හැමදෙයක් ම අැස් දෙකින් නොදැක හොයන්නෙ බලන්නේ නැතිව හිතුමතේට තීරණය කරන්න එපා. පොඩ්ඩක් හොයලා බලන්න මොකටද මේවා කරන්නෙ කියලා. ඊට පස්සෙ අදහස් දක්වන්න. මේ ළමයි පාරෙ ඉන්නෙ තමන් ගැන විතරක් හිතලා නෙවෙයි. අනාගතේ කැම්පස් යන නංගිලා මල්ලිලා ගැන හිතලා. මේ රට අගාධයට යන්නේ අනුන් ගැන හිතන මිනිස්සු හන්ද නෙවෙයි. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව කෑගහන මිනිස්සු හන්දා...

:       0       7

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31632 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23783 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 437 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 203 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site