IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අගමැති මහින්දට නවදිල්ලියේදී උණුසුම් පිළිගැනීමක්

දින 4 ක නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගොස් සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් උණුසුම් අන්දමින් පිළිගන්නා ලදි.

දෙරටේ අගමැතිවරු අද (8 වැනිදා) පෙරවරුවේදී නවදිල්ලියේ අග්‍රාමාත්‍ය මන්දිරයේදී විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.

 

ඡායාරූප - ප්‍රංශ පුවත් සේවයෙනි



අදහස් (7)

අගමැති මහින්දට නවදිල්ලියේදී උණුසුම් පිළිගැනීමක්

kamal Saturday, 08 February 2020 09:53 AM

මේ ප්‍රවෘත්තිය එනකොට මම ඩම් ඇන්ඩ් ඩමර් බලලා ඉවරවුණා විතරයි.

:       308       4

Champa Saturday, 08 February 2020 03:24 PM

ටී.එන්.ඒ එක කිව්වා මේ පාර ජිනීවා යන්නේ නැහැලු ඉන්දියාව එපා කිව්ව හින්දා. ඒ කියන්නේ මෙච්චර කල් ලංකාවට එරෙහිව ටී.එන්.ඒ එක ජිනීවා යවල තියෙන්නේ ඉන්දියාව. ඒ ගැනත් ඇහැව්වා නම් හොඳයි නේද අගමැතිතුමා?

:       0       15

siri Sunday, 09 February 2020 09:53 AM

දෙවෙනි පුතා සහ බිරිඳ, රියැදුරන් 3ක්, මාධ්‍ය කණ්ඩායමේ 8 ක්, සහ ආරක්ෂකයින් 12ක් ඇරුණාම මිරිස් කුඩු කාරයොත් අරන් ගිය 39 දෙනාට ඇතුළත් කියන්නේ ඇත්තද? අන්තර් ජාලයේ පලවෙලා තියෙනවා දැක්ක නිසයි අහන්නේ...

:       1       126

එම්. ඒ. ජේ.Sunday, 09 February 2020 11:23 AM

ඇත්තෙන්ම හරිම කණගාටුයි. පාර්ලිමෙන්තුවෙදි අර මිරිස්කුඩු-වතුර විසිකරපු මැර මන්ත්‍රීවත් එක්කගෙන ගිහිල්ලා ඉන්දීය අගමැතිතුමාට අතට අත දෙනවා. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදි මේ වගේ මැරයෙක්ව ඉදිරිපත් කරේ ඇයි කියලා හිතාගන්නවත් බෑ. ඇයි මේ නායකයින්ට මිට වැඩිය පරිණත මිනිස්සු වගේ වැඩ කරන්න බැරි ? රටේ සෞභාගයේ දැක්ම කරා මේ විදියට යමුද?

:       3       98

sirimal Sunday, 09 February 2020 12:54 PM

මේ සංචාරය ගැන මෙන්න මෙහෙම වෙබ් අඩවියක පළකර තියෙනවා. " අගමැති වී පසුව දෙවතාවක් ජනාධිපති වී යළිත් අගමැති වී සිටින මහින්ද රාජපක්ෂගේ ප්‍රථම විදෙස් නිල සංචාරය වූ ඉන්දීය සංචාරය පුස්සක් වී තිබේ. පස් දින සංචාරයක් වුවද ඉන්දීය නායකයන් හමුව දින දෙකකින් අවසන්වූ අතර ඉතිරි දින තුනේදී මහින්ද කරනුයේ බරණැස, සාරානාත්, බුද්ධගයා සහ තිරුපති ආදී සිද්ධස්ථාන වන්දනාව මිස රටට වැඩක් ඇති දෙයක් නොවේ. ඉන්දියාව පසුගිය කාලයේ උතුරේ සහ වතුකරයේ නිවාස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළඅතර මහින්ද එකී නිවාස ව්‍යාපෘති දිවයිනේ සෙසු පළාත්වලත් ආරම්භ කරන ලෙස මෝදිගෙන් ඉල්ලා සිටි නමුත් ඊට ‘හා’ හෝ ‘බෑ’ හෝ කීවේ නැත. මහින්ද සමග ඩග්ලස් දේවානන්ද සහ තොණ්ඩමන්ද සංචාරයට එක්ව සිටි නමුත් ඔවුන්ටද ඉන්දියාවේ අමුතු ප්‍රතිලාභයක් ලැබුනේ නැත. ඉන්දියාවේ පමණක් නොව ලංකාවේද මහින්දගේ ඉන්දීය සංචාරයට ලැබුනේ දුප්පත් ප්‍රචාරණයකි. අඩුම ගණනේ මහින්ද මෝදි දෙදෙනාගේ ඒකාබද්ධ ප්‍රකාශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රචාරය කළේ නැත. ඒ කෙසේවෙතත් මේ සංචාරය අතරතුර අගමැතිගේ වැඩ බැලීම නොනිල වශයෙන් කරන්නේ නාමල් රාජපක්ෂ වීම කැපී පෙනෙන්නක් වී තිබේ."

:       0       168

Chathuri Sunday, 09 February 2020 02:25 PM

මෝදි අගමැතිගේ වටිනා කාලය මෙවැනි දේශපාලුවන්ට වෙන්කරපු එක මහා අපරාධයක්.. ඉන්දියාවේ ජනගහණයෙන් වැඩි දෙවැනි රට. නමුත් ලෝකයේ දියුණු රටවල් සමග ඉදිරියෙන්. ඕනෑම හදිසි අවස්ථාවකදී රජයට මුදල් තිබෙනවා. සතයක් හොරකම් නොකර... නමුත් මේ උන්දැලාට ළදරු පාසලක් වැනි අපේ කුඩා රට... පාලනය කරගන්න බැහැ.. දන්නේ හොරාකන්න. ණයට ගන්න. පන්සල් යන්න අගමැති මෝදිට. මුළු ලෝකනායකයින්ගෙන් ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ රහස දෙවියන් රවටන්නෙත්, ජනතාව රවටන්නෙත් නැහැ. එ්කට අපේ අයට. ඕන හොරවැඩක් කෙරුවම පිරිත් කියන්න වෙනම හාමුදුරු ගොල්ලක් ඉන්නවා. ඒ සාපේ තමයි රටට වැදුනේ මේ කට්ටිය ආවම බඩ පිරෙන්න කන්න නොදී පුස්තකාලයට අරන් යන්න.

:       25       49

Nalaka Sunday, 09 February 2020 07:49 PM

ස්ටේජ් එකේ පඩිපෙලින් වැටෙන්න යනවා පින්තූර දැක්කේ නැද්ද?

:       1       19

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6547 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6231 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7659 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18307 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1279 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9456 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 546 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2091 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site