(නිමල කොඩිතුවක්කු)
මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැව් බෝට්ටු වෙත ක්ෂණිකව ළඟා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධීවර වරායේ දී දියත් කෙරිණි.
සෝලා මැරීන් ලංකා ආයතනය විසින් මෙම ගිනි නිවීමේ යාත්‍රාව නිෂ්පාදනය කර ඇති අතර පැයට නාවීක සැතපුම් 35 ක වේගයකින් ගමන් කිරීමට හැකිවීම එහි විශේෂත්වයකි.
පැයකට වතුර ලීටර් ලක්ෂ 06 ක් මීටර් 120 ක් දුරට විදිය හැකි පහසුකම් සහිත මෙම යාත්‍රාව ගොඩබිම සිට නාවික සැතපුම් 200 ක දුර ගිනි නිවීමේ මෙහෙයුම්වල නිරතවීමේ පහසුකම් වලින් සමන්විතය.
මෙම ගිනි නිවීමේ යාත්‍රාවේ ගිනි නිවීම් භටයින් 6 දෙනෙකුට ගමන් කර මෙහෙයුම් සිදු කිරීමේ පහසුකම් ඇත.
ගිනි ගැනීමක් පිළිබඳව වාර්තා වූ වහාම අදාළ ස්ථානය නිශ්චිතව හදුනාගැනීමේ නවීන තාක්ෂණික ක්‍රම මෙන්ම එවැනි ගිනි ගැනීමක් දැනගැනීමත් සමඟ අදාළ නැවේ අයිඑම්ඕ අංකය මගින් එම නැව ඇති ස්ථානය පහසුවෙන් හදුනාගැනීමේ ඒඅයිඑස් තාක්ෂ්ණයෙන් ද මෙම යාත්‍රාව සමන්විත වේ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කරයි
latha Friday, 14 September 2018 09:36 AM
ගිනි බෝට්ටුව වතුරේ යනකොට යන්නෙත් නලා පිඹගෙනද?
athula Friday, 14 September 2018 09:57 AM
සුබ පැතුම් කොච්චර අගනේද
Chandana F Friday, 14 September 2018 10:45 AM
ජයවේවා..!!! ජය සැප දේ!
sirimal Friday, 14 September 2018 10:57 AM
මහ මුහුදේ ගිනි නිවනවාට කලින් "ගේ ඇතුලේ ඇවිලෙන ගිනි කන්ද" නිවා ගන්න මොකක් හරි ක්‍රමවේදයක් හදා ගත්තානම් තමයි වටින්නේ.
Raveendra Friday, 14 September 2018 12:59 PM
අප රටේ නිෂ්පාදනයක් අප සියල්ලෝම අගය කළ යුතුයි. අප විශ්වාස කරනවා වෙනත් රටකින් මිලදී ගන්නවා නම් විශාල මුදලක් වැයවෙනවා.
Nilanga Friday, 14 September 2018 01:29 PM
කදිම අත්කරගැනීමක්...
anura Friday, 14 September 2018 06:33 PM
අහන්නත් ඉතා සතුටුයි! අපේ රටේ නිෂ්පාදකයන්ට පලමු තැන හිමිවිය යුතුමය. ඔවුන්ව දිරිගන්වා අවශ්‍යය සියලු පහසුකම් ලබාදිමෙන් ඉතා වේගයෙන් රට සංවර්ධනය කළ හැකියයි මා අවංකව විශ්වාශ කරමි. ජයවේවා! ජර්මනිය මෙතරම් දියුනුවට පත්වි ඇත්තේ ඹවුන් තම රටේ වැසියන් කෙරේ තබා ඇති විශ්වාශයත් ඔවුන්ට අවශ්‍යය සියලු පහසුකම් නොඅඩුව සපයා දෙන නිසාත්ය.
anura Sunday, 16 September 2018 06:57 AM
අනාගතයේදී උද්ඝෝෂණය කරන ධීවරයන්ට විරුද්ධවත් මේවා භාවිතා කරාවි.