IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අපේක්ෂා රෝහලට නව පෙට් ස්කෑනර් යන්ත්‍රයක්

පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ලබාගත් පෙට් ස්කෑනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර අප්‍රේල් (01) සිට සේවා කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කදීජා පදනමේ සභාපති එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සහ සියලු මාධ්‍ය ආයතනවල මැදිහත්වීම මත මෙම මුදල මහජන ආධාර වශයෙන් එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන්  අතර අනතුරුව  පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා පෙට් ස්කැනර් යන්ත්‍රය ගුවන් මගින් ශ්‍රි ලංකාවට ගෙන්වීය.

 ඉන් පසු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්වීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ජර්මනියේ සීමන්ස් ආයතනයෙන් යන්ත්‍රය ගෙන්වීමට පියවර ගෙන තිබිණි.

 රුපියල් මිලියන 202 ක් වැය කරමින් මෙම යන්ත්‍රය මිල දී ගෙන ඇති අතර  මෙම යන්ත්‍ර යෙන්a පිළිකා රෝගය සියුම්ව හදුනා ගත හැකි අතර, මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අප්‍රේල් මස 01 දායින් පසු සේවා කටයුතු ආරම්භ කිරීමත් සමග පිළිකා රෝගීන්ගේ සත්කාරක සේවා තවත් වැඩි කළ හැකි බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විල්ප්‍රඩ් කුමාරසිරි මහතා සඳහන් කළේය.
මේ දිනවල ජර්මනියේ සීමන්ස් ආයතනයේ ඉංජිනේරුවන් පැමිණ යන්ත්‍රය සවිකර ඇති අතර, එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරමින් සිටින බවද  ඔහු සඳහන් කළේය.



අදහස් (10)

අපේක්ෂා රෝහලට නව පෙට් ස්කෑනර් යන්ත්‍රයක්

sachith Friday, 30 March 2018 10:33 AM

මේක සම්පුර්ණයෙන්ම මොහොමඩ් මහතාගේ කැපවීමෙන් මහජනතාවගේ, මාධ්‍ය ආයතන හරහා ලබාගත්තු උපකරණයක්. එ්ක නිසා කරුණාකරලා මේකේ සේවා කටයුතු පටන් ගන්න... උත්සවයට ආරාධනා කරන්න එපා.

:       0       110

HafeelFriday, 30 March 2018 01:06 PM

ඔව්, සචින් කිව්වා වගේ මෙතනට රාජිතව ගාවන්න හොඳ නැහැ.

:       2       20

bandaFriday, 30 March 2018 02:22 PM

කාටද උත්සවයට ආරාධනා කරන්න එපා කියන්නේ...?

:       1       2

sachinSaturday, 31 March 2018 03:14 AM

හොඳයි.. හැබැයි ඒකත් දේශපාලකයින්ටද දන්නේ නැහැ.

:       0       0

රොමේෂ්Saturday, 31 March 2018 07:10 AM

සචින් කියන්න ඇත්තේ උත්සව අවශ්‍ය නැහැ. වැඩ පටන්ගන්න කියන එකයි. ඒක තමයි ඇත්ත. මේ යන්ත්‍රය අමුතුවෙන් ජනතා අයිතියට පත්කරන්න දෙයක් නැහැ. මොකද මේක ගත්තේ ජනතාවගේ ඍජු මුදල් පරිත්‍යාගවලින් මිසක් ජනතාවගේ බදු මුදල් වියදම්/ කළමනාකරණය කරලා ආණ්ඩුව විසින් නොවන බැවින්. ඇත්තෙන්ම කියනවා නම් ඕනෑම අැමැති කෙනෙක්ට රෙද්දක් ඇඳන් මේ ආරම්භක අවස්ථාවට සහභාගි වෙන්න බැහැ. සෞඛ්‍ය ඇමතිට කොහෙත්ම බැහැ. සල්ලි හොයලා දීලත් මෙච්චරකල් කඹ ඇද ඇද කල්මැරුව එක සම්බන්ධව ලැජ්ජා වෙන්න ඕනෑ. මේ ඇමතිලා. මේ යන්ත්‍රය ස්ථාපිත කරන්න උරදුන් දුප්පත් පොහොසත් සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!

:       0       1

akila Friday, 30 March 2018 11:58 AM

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලට පාවිච්චි කරන්නෙත් නැතිව මාසෙට කුලිය මිලියන 20ක් ගෙවන ආණ්ඩුවට මේවගේ මැෂිමක් අරන් දෙන එක කජ්ජක් නෙමෙයි.

:       1       113

janatha anura UAE Friday, 30 March 2018 12:37 PM

මේක මහජනතාවගේ සේවාවක්.. දේශපාලනය වැඩක් නැහැ. අපි තවත් එකක් අරන් දෙමු... අපේ දෙමාපියන් සිහිවෙන්න. අපි මේකට දායකත්වය දෙන්න එමිරේට්ස්වලදී මුදල් පරිත්‍යාග කරා. අපි එනවිට ඉලක්ක ගත මුදල අවසන් වී තිබුණත් බොහෝ දෙනෙක් අමතර මුදල් වශයෙන් දුන්නා.

:       0       2

සම්පත් Friday, 30 March 2018 02:09 PM

සචිත්, හරියට ඇත්ත දැනගෙන අදහස් දක්වන්න. මේ මොහමඩ් මහතාගේ පුතා පිළිකා රෝගය නිසා අවුරුද්දකට පෙර මිය ගියා. එදා ඔහුගේ ලක්ෂ දහයෙන් ආරම්භ කල මේ අරමුදල කොටි 2.5 දක්වා වර්ධනය වෙලා අද අපට මේ යන්ත්‍රය ලබා ගැනීමට හැකිවුනා. ජාතිය කුමක් වුනත් ලොකු පිනක් මේ මොහොමඩ් මහතාට ලැබෙනවා. බොහොම ස්තුතියි .

:       22       7

abaran Saturday, 31 March 2018 03:47 AM

මෙහි ප්‍රධාන දායකයා තමයි තම පුතු පිළිකා රෝගයෙන් මිය ගිය මොහොමඩ් මහත්තයා... එතුමාගේ අගනා කාර්යය ඉතා ගරුත්වයෙන් සිහිකරමු... ඔය අතරේ සෞඛ්‍යය ඇමතිතුමාට තියෙන්නේ මේවාට ඇඟිලි ගහන්නේ නැතිව රටේ ජනතාවගේ ජීවන රටාව පිළිකා සහ අනෙකුත් රෝග නොහැදෙන ආකාරයට ක්‍රමයෙන් වෙනස් කිරීමය... වකුගඩු රෝගය වැළඳෙන මුල සොයා නොගෙන කොපමණ වකුගඩු රෝහල් රටේ ඇතිකළත් බිහිවන්නේ රෝගී ජනතාවක් නම් පහර වදින්නේ රටේ ආර්ථිකයට පමණක් නොවන බව දැන ගත යුතුයි ..

:       1       0

samjay Saturday, 31 March 2018 08:01 AM

රාජිත මේකෙන් ලකුණු දාගන්න හදයි. මැෂිම ගෙන්නුවේ දෙසැම්බර්වල ජනතා ඡන්දෙන් පත් වුණු ගසා කන ඇමති මණ්ඩලේ අනුමැතිය ගන්නත් මස ගාණක් බලාගෙන ඉන්න ඕනෑ. පිස්සු රටක්.... මෝඩ ඇමතිලා...

:       1       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23005 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22867 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site