(වසන්ත චන්ද්‍රපාල)
ගොයම් කපා අවසන් වීමෙන් පසුව හැදෙන නිරිවගාව ආහාරයටගැනීම සඳහා අම්පාර බුද්ධංගල අභයභූමියේ සිටින වන අලි 200ක් පමණ පිරිසක් මේ දිනවල සවස්වරුවේ අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගයේ මල්වත්ත සහ වලතාපිටිය ප්‍රදේශවල සැරිසරමින් සිටිති.
බුද්ධංගල අභයභූමියේ සිට එන වන අලි වලතාපිටිය වැවට පැමිණ පැයක පමණ කාලයක් දිය නෑමෙන් පසු ආහාර සොයා අස්වනු නෙළන ලද කුඹුරු වෙත යති.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අම්පාරේ වන අලි රංචු කෙත්වතුවල කෙළිදෙලෙන් සරති
ජයරත්න Thursday, 15 August 2019 11:47 AM
වසන්ත මහත්තයා, පිංතූර ටික නම් සුපිරි, සම්මාන ලැබෙන්න ඕනෑ. ඒ වගේම මේ එක් පිංතූරයක් පත්තරේ මුල් පිටුවේ ගියේ නැත්නම් වැඩක් නෑ. සුන්දරම දසුන් පෙළක්... මේ අයට මේ දවස්වල හරියට කන්නේ නෑ. සමහර පළාත්වල් වතුරත් නෑ ජලාශ හිඳිලා. එතකොට ගැටුම් තමයි.
sampath Thursday, 15 August 2019 12:17 PM
මෙන්න අපේ රටේ සුන්දරත්වය මේවා විනාශ වුනොත් අපේ අනාගත පරම්පරාවට අලි බලන්න සිංගප්පූරුවට යන්න වෙයි.
sirimal Thursday, 15 August 2019 12:27 PM
වන සතුන්ට අයිති ප්‍රදේශවල මිනිස්සු පදිංචි වෙන්න ගියහම වෙන්නේ ඕක තමයි. විශේෂයෙන් සතුන් ගමන් කරන මංකඩවල් අහුරා භවබෝග වගාකිරීම මේ ප්‍රශ්නයට එක හේතුවක්... මම දැක්කා මේ සතුන් ගොයම් කපාගත්තාට පසු ඉතිරිවෙන ඉපනැල්ල කන එක නවත්වන්න සමහරු ඒවාට ගිනි තියා ඇති බව... ඉපනැල්ලට ගිනි තියන එක නීතිවිරෝධී ක්‍රියාවක්... මොකද ඒවා දිරාපත්වූ විට පසට පොහොර එකතු වෙන නිසා. අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීම සඳහා ගතයුතු හොඳම ක්‍රියා මාර්ගය වන්නේ අලිමංකඩ බේරා අවශ්‍ය තැන්වල සවිමත් විදුලි වැට සවිකර ඒවා නිසි අයුරින් නඩත්තු කිරීමයි. ඒ වගේ වැඩක් කරන එක රොකට් යවනවා වැනි මහා අති විශේෂ විද්‍යාවක් නෙවේ. අවශ්‍ය වෙන්නේ වුවමනාව පමණයි.
ජයරත්න Thursday, 15 August 2019 02:41 PM
මේ අයට මේ දවස්වල හරියට කන්න නෑ. සමහර පළාත්වල වතුරත් නෑ.. නියඟය නිසා ජලාශ සිඳිලා
chandima Thursday, 15 August 2019 04:16 PM
මේ මොකටද මේ අය එන්න හදන්නේ? දැන් එක අලි රංචුවක් කෙළිදෙලෙන් මහබැංකුවට විදලා ඉවර උනා විතරයි. මිනිස්සු පාඩමක් උගන්නපු දාට තමයි රඟේ සිහිවෙන්නේ..
elpee Friday, 16 August 2019 03:41 AM
අන්තිම පින්තූරේ නම් ලස්සන ගෲප් පොටෝ එකක්. මේගොල්ලෝ සෙල්ෆි ගහන්නත් ලඟදීම පටන් ගනීවි.