IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අරලියගහ මැදුරේදී දහස් නමකට දානයක්

(ජයමාල් චන්ද්‍රසිරි)

රටට, ජාතියට හා රණවිරුවන්ට සෙත් පතා භික්ෂූන් වහන්සේලා දහස් නමක් උදෙසා දානමය පිංකමක් අද(27) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පිංකම සඳහා අමාත්‍යවරුන් වන සාගල රත්නායක, සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ගාමිණී ජයවික්‍රම, රංජිත් සියඹලාපිටිය, සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි, මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි මහ නාහිමි, අමරපුර මහා නිකායේ මහ නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි යන නාහිමිවරුන්ද, පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, පූජ්‍ය පැල්පිට ජිනරතන හිමි, පූජ්‍ය කොළොන්නාවේ සුමංගල හිමි, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇතුළු හිමිවරුද ඒ සඳහා වැඩම කළහ.

 



අදහස් (23)

අරලියගහ මැදුරේදී දහස් නමකට දානයක්

Senarath Wednesday, 27 September 2017 10:36 AM

දානේ දෙන එක නම් හොඳයි. එ්ත් මේ දානේ එහෙම පින්බලාගෙන කරන එකක් නෙමෙයි වගේ පෙනෙන්නේ. කැළණිය වරක් වැන්දොත් නම් කරපු පව් සේදෙනවා කියලා කතාවක් තියෙනවා.

:       236       450

RohanaThursday, 28 September 2017 04:15 AM

යහ පාලනෙත් මේ ලස්සනට පිළිවෙලට පටන්ගෙන තියෙන්නේ ජන්දයක් කිට්ටු වෙනකොට මේ විදිහට මහජනතාවගේ මුදලින් මේ වගේ දාන දෙන්න ඕන ගොඩක් පින් සිද්ද වෙන්න.

:       0       100

කරුණාපාල Wednesday, 27 September 2017 10:50 AM

අනුන්ගේ සල්ලි වලින් දානේ දීලා පිං ලබා ගන්න පුළුවන් වෙන ක්‍රමයත් නරකම නැහැ. එ්ත් අපිට කොයින්ද එහෙම පිං? අපේම පොකට් එකට තට්ටු කරගෙන ලබා ගන්න පිනම තමයි අපට තියෙන්නේ...

:       512       710

maheeWednesday, 27 September 2017 11:19 AM

පිස්සුද මහත්තයෝ, දේශපාලකයෝ කවද්ද පින් තකා වැඩ කෙරුවේ? මං මෙන්න මෙහෙම සුදනෙක්ය කියන පණිවිඩය බෙදන්නනේ ඔය කොයි දේත්....

:       1       22

mohomad abdullah Wednesday, 27 September 2017 11:26 AM

ඇත්තටම මේ දානයට යන වියදම දරන්නේ කවුද...? රජයේ වියදමින් කළොත් එය දූෂණයක්, අල්ලසක් එහෙමත් නැතිනම් පුද්ගලික වුවමනාවක් සඳහා මහජනයාගේ මුදල් අවභාවිතා කළා වෙන්න බැරිද..?

:       106       318

srimala Wednesday, 27 September 2017 11:29 AM

ගම්මන්පිල මහත්තයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියා දානයට වඩින්න එපායැ කියලා. හැබැයි කවුරුත් ඇහුම්කන් දීලා නැහැ...

:       290       242

Ruwan Wednesday, 27 September 2017 11:40 AM

මෙය කඩාකප්පල් කරන්න ගම්මන්පිල එහෙම ලොකු උත්සහයක් ගත්ත. දැන් බැරිවෙනකොට වෙන දේවල් ගොතන්න පටන් අරගෙන. ඔවුන්ට සල්ලි ගන්න පිඩුසිඟා (වැරදිවලට) වදින කොට හොඳයි. රජයක් බුද්ධ සාසනයේ දියුණුවට මොකක් හරි කරන කොට එය ටිකක් හොඳ මදි. මෙන්න මෙයයි අපේ සමාජයෙන් නිවැරදි විය යුත්තේ. ජනපති තුමනි, අගමැතිතුමනි, රාජ්‍ය නායකයන් විදියට මෙය ඉතා වැදගත් ක්‍රියාවක්. මෙය ඔබල ඉදිරියටත් කරගෙන යනු දැක්ම අපගේ බලාපොරොත්තුවයි.

:       609       522

Lalith Wednesday, 27 September 2017 02:18 PM

දැන්වත් අපලේ ගෙවිල විධායක බලතල අතට ගන්න ලැබෙයිද?

:       1       31

Rohana Thursday, 28 September 2017 03:40 AM

දැන් දීම හොද පින්කමක්. ඒ වගේම ඔබතුමාගේ ගෝලයන්ට කියන්න රජයේ දේපොළ මංකොල්ල කන්න එපා . ටෙන්ඩර් වලින් ගහන්න එපා. රජයේ වාහන අවබාවිතා කරන්න එපා. මිලියන 14.5 මාසික කුලී ගෙවන ගෙවල් තෑගී ගන්න එපා. වත්කම් නියම විදියට පෙන්වන්න. විනිවිද භාවයෙන් කටයුතු කරන්න. කරන්න පුලුවන්නම් මේවත් ලොකුම පින්කම්.

:       58       34

rama Thursday, 28 September 2017 04:11 AM

පහුගිය රජය දන්සල් දුන්න කියල කිව්වා අය දැන් මොකද කියන්නේ....

:       0       111

kk Thursday, 28 September 2017 04:57 AM

අරලිය ගහ මන්දිරෙත් ෂොපින් බෑග් .......

:       0       66

sisira Thursday, 28 September 2017 07:32 AM

සිල්රෙදි දුන්න අයට හිරේ යන්න උනා එතොකොට මේ දානමය පින්කමට මෙයාල සාක්කුවෙන්ද සල්ලි වියදම් කරන්නේ ? නැත්නම් පසුව මෙයාලත් හිරේ යයිද?

:       0       104

SARATH SILVA Thursday, 28 September 2017 08:01 AM

මේ ගොල්ලෝ දාන මාන දෙන්නේ මහජනතාවගේ සල්ලි වලින් නේද? කෝ සාමාන්‍ය ජනතාව පේන්න නෑනේ... බොරු සෝබන... අහිංසක ජනතාවගේ සල්ලි වලින් ලෝකෙට පෙන්නනවා.

:       0       39

Athula K Handun Pathirana Thursday, 28 September 2017 08:50 AM

චේතනා හං භික්ඛවේ කම්මං වදාමි... චේතනාව හොඳ නම් මේ දානය උතුම් දානයක්.... රනිල් මහත්තයා පිරිත් නූල බඳින්න අත දික් කරගෙන ඉන්න හැටියෙන්ම පේනවා බෞද්ධාගමේ තියෙන මූලික සිරිත් විරිත් වත් දන්නවාද කියලවත්...

:       0       32

ruchi Thursday, 28 September 2017 09:23 AM

කලින් ආණ්ඩුවට නම් කෑගැහුවා. මේ වගේ වැඩ කරනවට. මෙයාලා ඊට වඩා කරනවා. අනේ මන්දා...

:       0       93

premalal Thursday, 28 September 2017 10:06 AM

හොදට වළදන්න, හොදට වදාරන්න අපේ හමුදුරුවනේ.

:       0       69

lusena Thursday, 28 September 2017 06:11 PM

මීට වඩා හොඳ නැද්ද, නියඟයෙන් පීඩාවිදින උතුරුමැද ජනතාවට එක ආහාර වේලක් ලබාදුන්නානම්.

:       0       0

indy Friday, 29 September 2017 01:25 AM

සාදු! සාදු! සාදු! මමත් දායක වුණා කියල හිතනවා. මමත් බදු ගෙවනවා. ජනතාවටත් පින්..

:       0       0

Damith Friday, 29 September 2017 03:42 AM

සමහරුන්ට දේශපාලන මහත්තුරුන්ගේ වත්කම් ගැන අබමල් රේණුවකවත් වැටහීමක් නෑ. මහින්ද වගේ සල්ලි ගසාකාපු අය නෙමෙයි මෙතන ඉන්නේ තමුන්ගේ සල්ලිවලින් දේශපාලනයට ආපු අය. සමහර අයට ව්‍යාපාර තියෙනවා..... සමහරුන්ට සල්ලි දෙන්න අය ඉන්නවා. ගසාකන්න ඕනේ නැහැ.

:       1       0

Sunil Friday, 29 September 2017 03:43 AM

අපි දන්නවා ඒ අරමුදල් එන්නේ කොහෙන්ද කියලා...

:       0       7

Dilhani Friday, 29 September 2017 05:16 AM

පොලිතීන් භාවිතය නවත්තලාද තියෙන්නේ? මේ ග්‍රීන් බෑග්ස් මොනවද? දේශපාලනය, පොලිතීන් සහ දූෂණය... අපේ භූමියෙන් මේවා නිදහස් කර දෙන්නේ කවද්ද?

:       0       0

RAJ Friday, 29 September 2017 07:32 AM

දානය අගය කරමි.. ඒ උනත් කතාව නම් පොලිතීන් තහනම් කරන්න. එතකොට මේ මේස උඩ තියෙන සිලි බෑග් 1000 ගැන මොකද කියන්නෙ.. අගමැතිලු ඵයාගෙ නිල නිවසලු..

:       0       0

RAJ Friday, 29 September 2017 07:45 AM

දමිත්, බලන්න හොඳට මේ අය ඊටත් වඩා පට්ට හොරු... දන්නේ නැත්තන් කට වහගෙන ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28650 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23607 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site