දොළොස් මසින් සපිරුණු කැලැන්ඩරයේ අප්‍රේල් මාසය හෙවත් බක් මාසය සිංහල සහ හින්දු ජනයාට සුවිශේෂී මාසයක් වෙයි. බක් මාසය යන්නෙන් අර්ථවත් වන්නේ ද සෞභාග්‍යය වේ.
සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන සුබ නැකත අනාදිමත් කාලයක් පුරා රටට සැණකෙළි සිරිය ගෙනාවේය. කපා ගත් අස්වනු වලින් ගෙපැල පිරී ගියේය. තුරු ලතා හා පලබර විය. මලින් පමණක් නොව අලුත් දලුපත්වලින් ද තුරු ලතා සැරසී ගත්තේය. විවේකී සුවය අත්විඳින ජනයා එකිනෙකා අතර ඇති සබඳතා අලුත් කර ගත්හ. වැඩි වර්ධනය කර ගත්හ. ඒ වෙනුවෙන්ම ඇති ජන ක්‍රීඩා ද අලුත් අවුරුදු උත්සව ද ගම් නගර නියම් ගම් ජනපද මගුල් සිරියෙන් පුරවාලුයේය. අලුත් අධිෂ්ඨාන සමගින්, අලුත් බලාපොරොත්තු පැතුම් ප්‍රාර්ථනා සමඟින් අලුත් ජීවිතයට අලුත් හුස්මක් රැගෙන ආවේ මේ බක් මාසයමය.
මෙවර බක් මාසය එළැඹෙන්නේ වසංගත රෝ බියකින් මුළු ලොවම ඔත්පළව තිබිය දීය යන්න බැහැර කළ හැක්කක් නොවේ. එය එසේ වුවත් සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සුබ නැකතින් උදාවී තිබේ. මරණ බිය රැගෙන පැමිණි කොරෝනා මාරාන්තික උවදුරේ සැහැසි ග්රහණයෙන් මුළු ලොවම නිදහස්ව නිදුක් නිරෝගී සුවයෙන් සැනසෙත්වා යන පරම රමණීය ප්‍රාර්ථනාව පෙරදැරිව අපි අලුත් අවුරුද්ද දෝතින් පිළිගනිමු.
සෞභාග්‍ය හා සන්තුෂ්ටියේ පැහැබර සජීවි සලකුණ වූ බක් මාසය වෙනදා මෙන් එරබදු මලින් හැඩ නොවුණද, අතරින් පතර නැඟෙන කොවුල් නාදය අතරේම ලෝක සිතියමේ අබැටක් තරම් වූ නයන පිනවන මේ රන් දිවයින ද බරපතළ ගැටලුවකට මුහුණ පා තිබේ. එහෙත් මේ මොහොතේදී එයට හිමි නිසි බරින් හඳුනා ගනිමින් බුද්ධිමත්ව කටයුතු කරන්නේ නම්, මග වැරදුණු අවුරුදු කුමාරයාට කල් පසුව හෝ වැඩමවන්නට පාවාඩ අතුරා තැබිය හැකිවනු ඇත.
(චිත්‍රය - සමන් කළුබෝවිල)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අවුරුදු කුමාරයාට පාවාඩ අතුරන්න
Raveendra Monday, 13 April 2020 05:49 PM
ලැබුවාවූ නව වසර සියලුම අහිංසක ලෝකවාසි මිනිසුන්ට නිදුක් නිරෝගී වසරක් වේවා !! සැමට යහපතක්ම වේවා !!! අපගේ මාතෘ භුමිය මෙම අවදානමින් ඉක්මනින් මිදෙත්වා !!!