IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අවසන් ගමනත් අවදානම්

(කාංචන කුමාර ආරියදාස)


ජීවිතයේ අවසන් ගමන යන ගමනේ අවදානමක් පවතින ජනතාවක් වෙසෙන   ගම්මානයක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබේ.


ඒ ගලේවෙල  රන්වැඩියාව  එම ගම්මානයයි.ගම්මානේ  කොස්පොත ඇල මගේ පාලම කැඩී යෑමත් සමඟ වසර ගණනාවක සිට රන්වැඩියාව ප්‍රදේශයේ පවුල් හත්සියයක් පමණ දෙනා මෙහි එගොඩ-මෙගොඩ වනුයේ ඇළට බැසීමෙනි.


රන්වැඩියාව ගම්මානයේ පුද්ගලයකු මරණයට පත්වුහොත්  ඔහුගේ මිනිය රැගෙන යාමට ඇත්තේද මේ අයුරින්මය.
එවැනි ඛේදජනක අවස්ථාවක්  රන්වැඩිය  ගම්මානයේදී ඊයේ (04) පස්වරුවේදී  දකින්නට ලැබිණි.මිය අයකුගේ දේහයක් කොස්පොත පොදු සුසාන භූමියට ගෙන යාමට ගමිවාසීන්ට ගෙන යාමට සිදු වුයේ ඇලට බැසිමෙනි.


ඇතැම් වැසි  දිනවලදී මේ මළගෙයක් සිදු වූ විට භූමදානය පවා කල් දමන බව ප්‍රදේශවාසීහු පවසති. දැනටමත් ගමේ මිනිස් ජිවිත දෙකක් මේ ඇලේ ගසාගෙන ගොස් අහිමි වී තිබෙන බව ගම්මු කියති .


ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම ස්ථානයට නැවත වරක් පාලමක් ඉදිකර දෙන ලෙසයි.
ජනතා මුදල් වියදම් කරමින් මෙම ස්ථානයේ ඉදි කරනු ලැබූ පාලම මාස හයක් ඇතුළත   කඩාගෙන ගිය බවත් කිසිම ප්‍රමිතියකින් තොරව අඩුම තරමේ යකඩ කැබැල්ලක් හෝ නොයොදා කොන්ත්‍රාත්කරුවන් විසින් පහළම ඉදිකළ බව ගම්මුන් පවසති.


ඉදිකිරීම් පිළිබඳව සහ පාලම කඩා ගෙන ගිය බව බලධාරීන්ට අවස්ථා ගණනාවකදී දැනුවත් කළ ද ඉන් කිසිදු පලක් නොවූ බවත් අඩුම තරමේ එම කොන්ත්‍රාත් කරුවාගෙන් හෝ විමසීමක් නොකොට පාලම කඩා ගෙන ගිය පසු කොන්ත්‍රාත්කරුගේ මුදල් ගෙවූ බවද ප්‍රදේශවාසීහූ පවසති.


පවුල් 700ක පමණ ජනතාව  ඉතා ඉක්මනින් ගලේවෙල නගරයට පාසලට පන්සලට ආදී සියලු අවශ්‍යතා සඳහා මෙන්ම මරණයට මඟුලට දරු උපත් තියට සියලුම දේ සඳහා මෙම මාර්ගය භාවිතා කළ බව ඔවුහු පවසති.


ඒ  සියලු දේ මේ වන විට අවධානම් ගමනක ඇල මගෙන් බැස ජලයේ ගමන් කළ යුතු බව ඔවුහු හඬා වැටෙමින් අප සමඟ පැවසූහ.



අදහස් (10)

අවසන් ගමනත් අවදානම්

Jay Tuesday, 05 June 2018 05:26 AM

ඕවට වියදම් කරන්න බැහැ......... රෝසි නෝනගේ සල්ලි හොයන්න ඕනේ....

:       72       250

Rasi Tuesday, 05 June 2018 05:55 AM

අවුලක් නැහැ, තව ටික දිනකින් නැවත අලුතෙන් වාහන ගෙන්වීමට එක අයෙකුට මිලියන 45 හෝ 50 බැගින් තවත් ඇමැතින් 15 කට පමණ මුදල් වෙන් කල පසු ඔය ප්‍රශ්නයත් විසදී යනු ඇත.

:       1       308

mahinda Tuesday, 05 June 2018 07:58 AM

මින් කියවෙන්නේ පාලකයා නොහොත් දේශපාලකයා යනු මහජන නියෝජිතයකු නොව ඡන්දදායකයා ගේ නාමයෙන් අසීමීත සැප විදිනා රැලකි. ඔවුන් උනන්දු තිරු බදු රහිත වාහන විකිනීම, නොමිලේ දුරකථන, බිලිපත්, සංග්‍රහ දීමනා, ඉන්දන දීමනා ඇතුලු තම වරප්‍රසාද ඉහළ දමාගැනීම පමණී.

:       0       0

lalithsjm Tuesday, 05 June 2018 08:28 AM

ලෝකෙන් උතුම්ම රට ලංකාව කීවට ඉතියෝපියාව මීට හොදයි ද මන්දා ??

:       0       79

Hafeel Tuesday, 05 June 2018 08:40 AM

කණගාටුයි, රටේ බොහෝ ප්‍රදේශවල මෙවෙනි ඛේදජනක හා අනතුරු දායක තැන් තියනවා. එම පලාත්වල ඉන්න දේශපාලන්දයෝ මේවා දන්නවා. නමුත් කණගාටුයි ජනාතාවත් නැවත වරත් පත්කරන්නෙත් කිසි දෙයකට වටින්නෙති පුද්ගලයන්ව.

:       2       60

Lapaya Tuesday, 05 June 2018 11:00 AM

පොඩ්ඩක් ඉන්න රෝසිගේ වැසිකිලි හදල ඉවරවෙලා, සබීතා පායේ කුලී ගෙවල, අධිෂණ මන්ත්‍රී ලක්ෂ 2 ගානේ අමතරව ගෙවල,( දෙන ඒවා මදිවට ) මහා බැංකුවෙන් සිදු වූ පාඩුව බදු ගහල ජනතාවගෙන් පියව ගත්තට පස්සේ ඡන්දයක් ලග එන කොට පාලම හදන්න මුල් ගල තියල දෙන්නම්. නැද්ද හා.

:       2       1005

pjTuesday, 05 June 2018 07:16 PM

ගම හදන්න උඩ පැනගෙන පොහොට්ටුවට බලය දුන්නට වැඩක් නැහැ වගේ.

:       602       40

athuraWednesday, 06 June 2018 04:07 AM

අර වැස්සට කඩාගෙන ගිහින් තියෙන්නෙත් මේ කාලේ හදපු පාලමක්ද?

:       508       2

Chanak Los angeles Tuesday, 05 June 2018 06:06 PM

ජනතා ප්‍රශ්න විසඳන්නේ කොහොමද දේශපාලකයෝ ඔවුනොවුන් අතරේ බල අරගලයක පැටලිලානේ.

:       0       10

perera Thursday, 07 June 2018 02:24 AM

මේ මරණය ඔය ගෙදරට ගෙනාවේ කොහොමද? මේ ගමට තියන එකම පාර ඕක වෙන්න බෑ. ලංකාවේ තරම් අඩියෙන් අඩිය ෂෝර්ට් කට්, පොඩි පොඩි අඩි පාරවල්, පාලම්, බෝක්කු තියෙන තරම් රටක් මුළු ලෝකෙම නෑ. ඕව ඔක්කොම හදන්න ලංකාවේ අනික් වැඩ ඔක්කොම නවත්වන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20386 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18311 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site