චමිල් රුපසිංහ
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25) රාත්‍රී විදී සංචාරය කෙරුණු අතර පෙරහර නැරඹීම සඳහා අති විශාල පිරිසක් රැස්වී සිටියහ.
දළඳා මාළිගා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන මංගල හස්ති රාජයා රන්දෝලි දෙවැනි පෙරහරේ සිට පාවාඩ හා උඩුවියන් සහිතව මෙදින පෙරහරේ ගමන් කිරීම විශේෂත්වයකි.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහරේ සදාතුක කරඩුව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස ඉන්දි රාජා සමඟ කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.
අවසන් රන්දෝලි පෙරහර පැවැත්වුණු ඊයේ (25) දින ශ්‍රී දළදා මාළිගාව අභියසින් රාත්‍රී 7 පසුවී විනාඩි 58 ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය(වෝඩ් වීදිය),යටිනුවර වීදිය, කන්දෙ වීදිය (හීල් වීදිය), ඩී.එස් සේනානායක විදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
ඉන් අනතුරුව පසුදින (26) අලුයම 1 පසුවි විනාඩි 3 ට උතුරු දිශාමුඛව ශ්‍රි දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව් දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය(වෝඩ් වීදිය),ඩි.එස් සේනානායක විදිය(ත්‍රිකුණාමල වීදිය), ගොස් දළදා කරඩුව ගෙඩිගේ විහාරයේ (ආදාහන මඵව) සිරිත් ප්‍රකාරව එහි තැන්පත් කර සිව් දේවාලයන් හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේව පූඡා පැවැත්වීමෙන් පසුව කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපිමේ මංගලෝත්සවය සිදුකර ආපසු ගණ දෙවි කෝවිලට පැමිණ දේව පුඡා ඉටු කිරිම කරයි.
ගැටබේ තොටේ දියකැපිමේ චාරිත්‍රය සිදුකිරිමේදි එම කැපු ජල පහර මහත් ආශිර්වාදයක් බව ජනයා අතර භක්තියෙන් ඇති විශ්වාසය නිසා එම ජල පහරෙන් මිනිසුන් ස්නානය කරනු ලබයි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අවසන් දළදා රන්දෝලි පෙරහර වීදි සරයි