(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දීඝවාපී ප්‍රදේශයේ කැලෑවක් අසල දින කිපයක් තිස්සේ ඇතුන් දෙදෙනකු ද්වන්ද සටනක යෙදි සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
විශාල අලි රංචුවක සිටි මෙම දැවැන්තයින් දෙදෙනා නාඹර වයසේ පසුවන්නන් බව ද එය දැක බලාගැනිමට ආ පිරිස පවසති.
එකම රැළක සිටි මෙවැනි සද්ධන්තයින් ගැටුම් ඇති කර ගන්නේ ඇතින්නකගේ ආදරය හිමිකර ගැනීම වෙනුවෙන් බව ගැමියෝ පවසති.
ඇතැම් අවස්ථාවල එක් සද්ධන්තයකු මිය යනතෙක්ම මෙම සටන පවතින බව ද ගැමි වහරේ ඇත.
සද්ධන්තයින් එකිනෙකාට පහරදී ගන්නා ශබ්දය සෑහෙන දුරකට ඇසෙන බව ද දැනගන්නට ඇත.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආදරය වෙනුවෙන් ද්වන්ධ සටනක්
රුවන් Tuesday, 18 January 2022 02:39 PM
කොහෙද වනජීවී එක, සතෙක් මැරෙන තුරු ද බලාගෙන ඉන්නේ!!!
MaheshTuesday, 18 January 2022 03:34 PM
මොන තිරිසන්නුද ඒ කමෙන්ට් එකටත් දිස්ලයික් දාලා තියෙන්නේ
ගමගේ Wednesday, 19 January 2022 08:44 AM
රුවන් මේ ප්‍රශ්නයේදී වනජීවි එක මැදිහත් වෙනඑක සොබාදහමට විරුද්ධ දෙයක්. අලි ඇතුන් සහ අනික් වන ජීවින්ගේ පුද්ගලික ප්‍රශ්න මිනිසාට මැදිහත් විමට කිසිඳු අයිතියක් නැහැ. මිනිස්සු හැටියට අපි කරන්න ඕනේ ඔවුන්ගේ පරිසරය ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ අයිතීන් ලබාදීම පමණයි...
irshadWednesday, 19 January 2022 10:53 AM
ඇත් දල සඳහා මුන්ව මරණ කොට බලන් ඉන්න වන ජීවී එකද මෙතන ට එන්නේ
sharm warnWednesday, 19 January 2022 11:29 AM
නැහැ රුවන්, මේකට වනජීවී එකෙන් නෙවෙයි, රැළේ ඉන්න වෙනත් හස්තියෙක් වත් මැදිහත් වෙන්නේ නැහැ. ඒ තරම් බිහිසුණු සටනක්. ඒක එයාලගේ ස්වභාවික වරණය... මෙතැනදී අපි ඔක්කොම අසරණයි. බලාගෙන ඉන්න විතරයි පුළුවන්...
indika Tuesday, 18 January 2022 05:07 PM
දුර්වලයා මැදිහත්වීමකින් ඉවත් කලහොත් වටිනා ජීවිතයක් බේරගන්නපුළුවන්.. ස්වභාව ධර්මයේ සිදුවීම්වලට මැදිහත් වීම නොකල යුතු නමුත් මේ අවස්ථාවේ මැදිහත් වීම සුදුසුයි...
Kumar (Gulf) Wednesday, 19 January 2022 12:15 AM
සජිත් සහ රනිල් සටන් කරනවා වගේ...
RaveendraWednesday, 19 January 2022 12:08 PM
අනේ මන්දා ඔබට "දියබරියන්ව, හිකණැල්ලන්ව" අලි විදියට පෙනෙන්නේ පෙනීමේ අවුලක්ද?
Bandara Wednesday, 19 January 2022 08:32 AM
ඉක්මණටම එක සතෙක්ව වෙන්කරන්න බලධරයිනි..!!!
Samantha Wednesday, 19 January 2022 03:00 PM
මේ සතුන් නිර්වින්දනය කර ප්‍රදේශ දෙකකට යවන්න බැරිද ගම්වලට එන සතුන්ට එහෙම කරනවා නම් එහෙම කිරීමේ වරදක් තියෙනවා කියන්න බැහැ මමත් කියනවා බන්ඩාරගේ අදහස හරි කියලා
සමිත සේනක අලුත්ගමගේ.Thursday, 20 January 2022 10:12 AM
බණ්ඩාර මහතාගේ හා සමන්ත මහතාගේ අදහස් හා මාත් එකඟයි.වන සතුන්ගේ අයිතිය මෙය වුවත්,මේ අවස්ථාවේදී ඒ අය මියයන තෙක් බලාසිටිය යුතු නැහැ. නිර්වින්දනය කරලා,එක් සතෙකු වෙනත් අභය භූමියකට ගෙනියන්නට බැරි ඇයි ?
JAYATH Wednesday, 19 January 2022 10:13 AM
අලි මෙහෙම තමයි. ආදරය වෙනුවෙන් මරා ගන්නවා. ඒ කාලේ "අහිමි වුණත් නුඹ ළඳේ.. මට අඬන්න අවසර නෑ කියපු පෙම්වතුන් හිටියේ... දැන් ඉන්නේ තිරිසනුන්ගෙන් ඉගෙනගෙනද කොහෙද? පෙම්වතියට පිහියෙන් අනින අය...
Bunny Preena Monday, 24 January 2022 09:03 AM
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ.