IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


ආසියාවෙන්ම ඉදිරියෙන් සිටින්නේ ලාංකික කාන්තාවයි

(අංජුල මහික වීරරත්න)

ආසියා කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කාන්තාව ඉදිරියෙන් සිටින බවත් එම තත්ත්වය තවදුරටත් පුළුල් කර ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” ඒ සඳහා පිටිවහලක් වනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සාර්ක් සංවිධානය තුළ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සඳහන්ව නැති බැවින් එම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා සාර්ක් රටවල ප්‍රධාන කාන්තා ක්‍රියාකාරිනියන්ගේ රැස්වීමක් මේ වසර තුළ මෙරට දී පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (08) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමිනි.

“ඇය දැයේ අභිමානයයි” යන තේමාව යටතේ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය විසින් “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවාය. “2023 ජාත්‍යන්තර කාන්තා දිනය” වෙනුවෙන් අභිමානවත් හා දීප්තිමත් කාන්තා චරිත සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු අතර එහිදී ආචාර්ය සුජාතා අත්තනායක, කලාශූරී ශ්‍රියානි අමරසේන, අනුල ද සිල්වා සහ රශ්මි නිමේෂා ගුණවර්ධන යන මහත්මීහු සම්මාන ලැබූහ.

 



අදහස් (23)

ආසියාවෙන්ම ඉදිරියෙන් සිටින්නේ ලාංකික කාන්තාවයි

පිටිගල මිලානෝ Wednesday, 08 March 2023 07:26 PM

මේ අය කියන්නේම ඇත්ත.... දරුවෝ සමග සියදිවි නසාගන්නා කාන්තාවන්ගෙන් ඉදිරියෙන්ම ඉන්නේ ලංකාවේ කාන්තාවන්…

:       17       44

Samitha Senaka Aluthgamage.Wednesday, 08 March 2023 10:17 PM

ආසියාවේ වැඩිපුරම කන්න බොන්න නැති, ඉවවහා ගිය නිමක් නැති ප්‍රශ්න ඇති කාන්තාව ඉන්නේ මේ රටෙයි.

:       3       24

AB Wednesday, 08 March 2023 07:30 PM

ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන අතරම පාර්ලිමේන්තුව සහ රාජ්‍ය ආයතන තුළ ඉහල තනතුරු සඳහා කාන්තා නියෝජනය වැඩිකළ යුතුවේ..

:       10       30

සත්ත්‍යා Wednesday, 08 March 2023 07:52 PM

සහතික ඇත්ත ! දැන් කාන්තාවන් මිරිස් කොටන්නත් භාවිතා කරනවලු නේද?

:       0       1

Neela Wednesday, 08 March 2023 08:43 PM

රනිල් ඉන්නකල් ලංකාවේ කාන්තාවන් පෙරමුණේ. කාන්තාවන්ට භය නැතිව ඕනි ගනුදෙනුවක් කරන්න පුලුවන් ජනපති කෙනෙක්.

:       4       10

Hafeel Thursday, 09 March 2023 02:06 PM

මෙම සම්මානයට සුදුස්සා ඩයනා ගමගේ...

:       0       2

KanthiThursday, 09 March 2023 02:59 PM

සමහර විට ඔයා කියන එක ඇත්ත වෙන්න පුළුවන්. අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ ඉඳලාත් මේ රටට මුකුත් නොකරපු කෙනානේ... බලමු කාන්තාවන්ගේ වැඩේවත් හරියටම කරාවිද කියලා...

:       0       7

කාන්තිFriday, 10 March 2023 03:07 PM

කාන්ති ඔයා ඉන්නේ ලංකාවේද? සුවසැරිය ලංකාවට ගෙනාවේ අවුරුදු 45ක් දේශපාලනේ කරලා ලංකාවට මොකුත් නොකරපු කෙනා තමයි.

:       4       2

Sunil Wednesday, 08 March 2023 09:08 PM

මෙයා කට ඇරියොත් කියන්නේ බොරු

:       1       14

චන්දිම ෆොන්සේකා Thursday, 09 March 2023 07:45 AM

ඔය ටිකක් ගම පැත්තට ගිහින් බලන්න එදිනෙදාට කන්න වත් නැතුව ඉදිරියෙන්ම ඉන්න කාන්තාවෝ කොච්චර ඉන්නවද කියලා. ඔය හොඳට සාරි ඔසරි ඇඳලා ඉන්න ටවුමේ නෝනලා වගේ නෙමෙයි ඒ මිනිස්සු.

:       1       13

kamal Thursday, 09 March 2023 09:02 AM

ආසියාවේ ආස්ච්රියයේම තවත් කෑල්ලක් මේක. පහුගිය දවසක අද්යාපන ඇමති තුමා පාර්ලිමේන්තුවේදීම මේක ඔප්පුකරලා පෙන්නුවා. හරිම ලස්සනයි.

:       0       14

KanthiThursday, 09 March 2023 03:00 PM

පට්ට කමෙන්ට් එක..

:       0       7

Sunil Thursday, 09 March 2023 09:08 AM

මල්වතු අස්සෙ නාටක රන්ගපාන කාන්තාවන්ට ඉහල තැනක් දෙන එකම රට අපේ රටයි.

:       3       10

Gayan Dilshan Thursday, 09 March 2023 09:09 AM

ජනවරමක් නැති කාලකන්නි දේශපාලුවො..එකෙ අයිතියත් මුන් අරගෙන. දැන් පිදුරු ගස් වලත් එල්ලෙනව.

:       3       13

Jayasekara Thursday, 09 March 2023 09:22 AM

ඔය ඉන්නෙ සුදු පාට සාරියක් ඇඳගෙන ආසියවෙන් ඉදිරියෙන්ම ඉන්න කෙනා..... ඔන්න ලන්කවෙ පර්ලිමෙන්ටුවෙ කාන්තා නියොජනය.... හිතගන්න පුලුවන්නෙ?..

:       2       14

Kumara Thursday, 09 March 2023 11:51 AM

ඇයි සමනලී

:       0       10

fairoos Thursday, 09 March 2023 12:15 PM

දැන් ප්‍රියසාද් වගේ අයත් ඉන්නේ ලංකාවේ විතරයි...

:       0       0

විපරමා Friday, 10 March 2023 02:34 PM

ඒ විතරක් ද මාධවී ඇන්තනී, සමිතලා වගේ අයත් ඉදිරියෙන්ම ඉන්නවා...

:       0       1

kamal Thursday, 09 March 2023 12:21 PM

හොඳ වෙලාවටයි ජපානේ, සිංගප්පුරුව, දකුණු කොරියාව ආසියාවේ කොටස් නොවුණේ...

:       0       1

ගමේ එකාලා Thursday, 09 March 2023 02:10 PM

පින් ජනපතියා ඔය කියනවා ඇත්තේ දේශපාලුවන්ගේ ගෑනු ගැන හිතලා. ඒ උදවිය නම් දූෂිත බලලෝභී දේශපාලුවන්ගේ පිහිටෙන් වැජඹෙන බව නම් දන්නවා. ලංකාවේ කාන්තාවන් මැද පෙරදිග වහල් සේවයට ගිහින් අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. අනික් අතට දරාගන්න බැරි ජීවන වියදම නිසා තවත් අසරණ වෙලා.

:       1       1

බද්රානි Thursday, 09 March 2023 02:51 PM

අර මැදපෙරදිග "කප් ගහලා" ඉන්න ශ්‍රී ලාංකික කාන්තාවන්ට සම්මාන නොදෙන්නේ ඇයි? දහදුක් විඳගෙන මේ රටට විදේශ විනිමය එවන නිසාද? ඔවුන් එවන විදේශ මුදලට නිසි රුපියල් වටිනාකමවත් නොදෙන්න, ලංකාවේ මහලොකු රුපියල ශක්තිමත් කියාගෙන බොරු කරන එකද ඔවුන්ට පුදන සම්මානේ? ඒ කාන්තාවන් කරදරයකට වැටුණාම ඒ රටවල තානාපති කාර්යාල වලින් නම් ලාංකික කතුන්ට හොඳ හොඳ සම්මාන දෙනවා කියලා නම් අපට ආරංචියි. කාන්තාවන් මැදපෙරදිගට විකුණාගෙන කන ලාංකික පිම්පියන් තව ලැජ්ජා නැතිව කාන්තාවන්ට සම්මානත් දෙනවා... ලැජ්ජයි..!!!

:       2       8

beau Thursday, 09 March 2023 06:17 PM

අඩුගානේ අටවත් පාස් ඇති කෙනෙක් ඔය දොඩවන්නේ...!

:       0       4

Deepal Nirosh Saturday, 11 March 2023 11:44 AM

ආසියාවේ ඉදිරියෙන්ම ඉන්නේ ලාංකික කාන්තාවලු, ලෝකයේ දැනට නැගි එන ශක්තිමත්ම මුදල් ඒකකය ලංකා රුපියලලු, ශක්තිමත්ම රාජ්‍ය සේවය තියෙන්නෙත් ලංකාවේලු, ලෝකයේ හොඳම නිදහස් අධ්‍යාපනය තිබෙන්නෙත් ලංකාවේලු, තව තව... ඒත් අනේ ඉතින් අර තෙල්ටික ගෙන්වන්න මේ මොනවත් නැති බංගලාදේශයෙන් ණයට ගත්තු ඩොලර් මිලියන 200 තාම පියවගන්න බැහැ. මෙහෙම ගිහිං ලෝකයේ හොඳම ණය හිමියා වෙලාම නවතිමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 104 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6637 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6274 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7689 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18354 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1316 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 39 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 840 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site