IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ඇමැති අමරවීර - චාමර දික්අරාව චාරිකාවක

(ප්‍රසාද් රුක්මාල්)

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා අලාභ හානි  වු  බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ  නිවාස පරික්ෂා කිරිමේ චාරිකාවක ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැති  මහින්ද අමරවීර  හා ඌව පළාත් ප්‍රධාන ඇමැති  චාමර  සම්පත්  දසනායක යන මහත්වරු නිරත වුහ.

මෙම ප්‍රදේශයේ නිවාස 130 කට පමණ අලාභ හානි සිදු වී තිබේ.



අදහස් (10)

ඇමැති අමරවීර - චාමර දික්අරාව චාරිකාවක

DUSARA Monday, 31 July 2017 11:28 AM

හොරකම් කරපු අයගේ තරම...

:       19       21

raveendra Monday, 31 July 2017 12:21 PM

චාරිකා අවසානයේ ප්‍රතිඵල ශූන්‍ය චාරිකා පමණකි. මේවගේ අති භයානක අති බිහිසුණු ගමනක් යන්න මොන තරම් නම් වීරයෝ වෙන්න ඕනෑද? මේ පින්වත් අය... බලන්න ඔබ සැමට පේනවනේ මොනතරම් කෑමබීම අගහිඟවද මේ " මහත්තයලා" මේ ගමන ගිහින් තියෙන්න‍ේ? මේ පොහොසත් මිනිස්සුන්ව බලන්න මේ දුප්පත් අහිංසක අය ගිය ගමන මොනතරම් පින් රැස්කරගන්න ඇත්ද?

:       171       318

sahanMonday, 31 July 2017 02:10 PM

දැන් කොමෙන්ට් දානවා සිංහයෝ වගේ... පහුගිය කාලේ මහා රජා හිතුන විදියට රඟද්දී මේ අය කොහෙද හිටියේ, ආ... අප්පොච්චිගේ වයිට් වෑන් ට්‍රිප් වලට බයේ හැන්ගිලාද හිටියේ?

:       525       302

raveendraMonday, 31 July 2017 04:58 PM

ඔබගේ අදහසට මා හට කිසිම අදාලත්වයක් නොමැත. අප එදත් සිංහයෝ වගේ කතා කල අතර අදත් සිංහයෝ වගේ කතා කරන අතර හෙටත් එසේම සිංහයෝ වගේ කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මක්නිසාදයත් අපට රතුද කොලද නිල්ද වැදගත් නැත.

:       1       360

kamani perera Tuesday, 01 August 2017 08:02 AM

සිංහයා කියන්නේ මහා කම්මැලි සතෙක්. උගේ ගැහැණු සතා තමයි දඩයම් කරලා කැමගෙනත් දෙන්නෙත්.. අපේ රටේ බහුතරයක් මහා කම්මැලියෝ. හොරු, දුෂකයෝ.

:       0       8

sudes Monday, 31 July 2017 01:03 PM

අපේ මේ ලස්සන රට විනාස කරන්නේ වෙන කවුරුත් නෙවේ. මේ රට පාලනය කරන උදවියයි. බණ්ඩාරවෙල කියන්නේ කොච්චර ලස්සනට තිබුන පළාතක්ද? අපේ රටේ ඇති තරම් ස්වභාවික සම්පත් තියෙනවා. ඒවාගෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. අපි පිට රටවල් වලට ණය වෙන්න ඕන ජාතියක් නෙවේ. අවාසනාවකට තමන්ගේ කොමිස් මුදල ගැන විතරක් හිතන පාලකයෝ ඉන්න අපේ රටේ, ජාතියක් වශයෙන් අපිව ලෝකෙටම ණය කාරයෝ කරලා ඉවරයි. ඉවක් බවක් නැහැ අපේ ස්වභාවික සම්පත් සේරම විනාශ කරනවා. පිටරටවලට විකුණනවා. 1948න් පස්සේ අපිට නිදහස ලැබුණා කියලා හිතුවට එහෙම එකක් වෙලා නැහැ. තවම මේ රට පාලනය කරන්නේ ඒ සුද්දන්ගේ අයමයි. ඒ තමයි මේ රට නිදහසෙන් පස්සේ පාලනය කරපු සහ කරන කළු සුද්දෝ. ඒ කාලේ සුද්දෝ අපේ රටේ සේරම ඒ රටවලට අරන් ගියා. දැන් මේ රට පාලනය කරපු සහ කරන කළු සුද්දෝ කරන්නෙත් එ්කමයි. හොඳට බැලුවොත් තේරෙයි ඒ කාලේ රදලයෝ අපේ රටේ සේරම සුද්දට ගෙනියන්න උදව් කළා. ඒ අයගෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන නිසා. දැන් ඉන්න කළු සුද්දෝ කරන්නෙත් එ්කමයි. දැන් මේ අවුරුදු 70 කට ආසන්න කාලෙක ඉඳන් රටේ සේරම පිටරටට දෙනවා. තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන නිසා.

:       6       630

chandarapala Tuesday, 01 August 2017 07:59 AM

සුදු සුද්දෝ අපේ දේවල් කොල්ලකාගත්තා, නමුත් උන් අපිව ශිස්ටචාරගතකලා, අපිට හොඳ නීති පද්ධතියක් දුන්න, වියවස්ථාවක් ඇතුළු පාලන ක්‍රමයක් දුන්නා,අපේ ප්‍රවාහන පද්ධතියක් ලබාදුන්නා ( ඒක ඔවුන්ගේ භාණ්ඩ ප්‍රවහනයටයි ) නමුත් කළු සුද්දෝ රට ට කිසිම දෙයක් කලේ නැහැ අදවෙනකම්..රටේ තියෙන සම්පත් විදේශිකයින්ට විකුනගනිමින් උන් පොහොසත්වුනා. සුදු සුද්දට අපි හැමදාම බනිනවා.. නමුත් ඒ බනින අපි ඇඳගෙන ඉන්නේ ..සුද්දගේ කලිසමයි, ෂර්ට් එකයි...එහෙම නොවුනානම් අදටත් අපි ඔක්කොම " අමුඩේ " තමයි ඇඳගෙන ඉන්නේ.

:       58       204

ranjith bogoda Monday, 31 July 2017 10:49 PM

රවීන්දු ඔබගේ අදහසට මම එකහෙලාම ගරු කරනවා කොහෙවත් ඉන්න අප්පුච්ච‍ෙක්වත් වත් නැත්නම් යම පාලනයක් වත් අපිට වැඩක් නැ රටට වින කරනවනම් ඒ අප්පච්චද නැත්නම් අම්මන්ඩිද කියන එක නෙමෙයි වැදගත් වන්නේ කො‍හොම වුනත් අපේ බහුතරයකට මේ ප්‍රධාන මතවාද වලින් මිදිලා නිදහසේ ස්වයං තීරණ වලට එලඹිමට බැරි වීම අපේ ජාතියේම අවාසනාවක්

:       0       0

nimallalitha Tuesday, 01 August 2017 02:30 AM

මේ විනාශයන් දකින කොට මට කියන්න තියෙන්නේ එකම දෙයයි,මම මහා ලොකු ඉංජිනේරු විශාරදයෙක් නොවේ. එහෙම පැවසුවේ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ කෙරුවාව දන්නා නිසා. එදා කටුබැද්ද ප්‍රයෝගික කාර්මික විද්‍යාලයේ [අද කටුබැද්ද විශ්ව විද්‍යාලයේ] ගුරු දෙවිවරුන් අපිට පැවසුවේ ,ඉගැන්වූයේ, සිවිල් ඉංජිනේරුවා ඉංජිනේරු ශිල්පය වංක වුනොත් ලෝක අපරාදකාරයෙක්, හොරෙක් වන බවත් අවංක වුනොත් ශ්‍රේෂ්ට මිනිසෙකු වන බවත්. අද එය බොහොමයක් තැන්වල දකින්න ලැබෙනවා. උගත් ඉංජිනේරුවා දේසපාලුවාට බය නිසා තනතුර රැකගන්න නැතිනම් වෙනත් හේතුවකට ඕනෑම දෙයක් කරනවා. ඒවායේ ප්‍රතිපල මේ.. මගේ ඥාතින් බණ්ඩාරවෙල වැලිමඩ දෙපලාතේම ඉන්නවා. මේක පටන් ගන්න කාලෙම මම පැවසුවා. කෙදිනක හෝ මහා විනාසයක් වෙන බව. එදා නිල් පාටට කහින්නන් මට සිනහ වුනා. අද කොලපාටටට කහින්නන් මේ රජයට ආවඩනවා. මෙවන් දුක් විදින්නේ අසරණ ජනතාව මිස රට කන දේසපාලුවන් සහ ඒ අයගේ පෙළ ගැත්තන් හෝ ආවඩන නිලදාරීන් නොවේ.

:       0       0

Samantha Tuesday, 01 August 2017 05:06 AM

හැම එකකටම මහින්දට බැන බැන ඉන්නේ නැතුව මේ ආණ්ඩුව තමුන්ගේ වගකීම් හා පොරොන්දු ඉටුකළ යුතුයි. පහුගිය ඌව පළාත් සභා චන්දෙදි මෙන්ම 2015 ජනාධිපතිවරනේදී UNP එක ඌවට දුන් ප්‍රධාන පොරොන්දුව මෙම ව්‍යාපෘතිය නතර කිරීම. නමුත් බලයට ආපු ගමන්ම දුන් පොරොන්දු සියල්ල අමතක වී මාස කීපයක් ඇතුලත ව්‍යාපෘතිය කරගෙන යාමට අවසර දුන්න. දැන් වැඩේ වැරදුනාම මහින්දට බනිනවා. පොරොන්දු වූ පරිදි 2015 දීම මේක නතර කරානම් මෙතරම් විනාසයක් වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 323 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site