IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඇමෙරිකාවේ ධවල මන්දිරයේත්‍ වෙසක්

(ඩයනා උදයංගනී)

ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, ධවල මන්දිරයේදී වෙසක් පුරපසළොස්වක පොහෝ දින පහන් දල්වා, ගිලන් පස සහ මල්  බුදුරදුන්ට පූජා කර වෙසක් දින සැමරුම් උත්සවයක් පැවැත්වීය.

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරමින් මෙම වෙසක් උත්සවය පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර දෙවැනි පෙළ ප්‍රධාන නිලධාරී ඩග්ලස් එම්හෝෆ් මහතාගේ සහ ථේරවාදී, මහායාන, සහ වජ්ද්‍රාසන බෞද්ධ නිකායන්හි භික්‍ෂූන් වහන්සේලාගේ ද සහභාගිත්වයෙනි.

උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති කටුගස්තොට උපරතන නා හිමියෝ ථේරවාදී බුදුදහම නියෝජනය කරමින් එම ඓතිහාසික අවස්ථාවට සහභාගි වූහ.

වෙසක් දින උත්සවය ආරම්භ කරමින්, ඩග්ලස් එම්හෝෆ් මහතා සහ එම අවස්ථාවට සහභාගි වූ පිරිස පහන් දල්වා බුදුන්ට පූජා කළහ.

මෙහිදී ඩග්ලස් එම්හෝෆ් මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ගේ වෙසක් දින පණිවුඩය ඉදිරිපත් කළේය.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ, ප්‍රධාන උත්සවය ලෙස වසර 2500 ඉතිහාසය පුරා සමරනු ලබන වෙසක් දිනයේදී දයානුකම්පාව, නිහතමානී කම, පරාර්ථකාමීත්වය යන බුදුදහමේ හරය ලෝක ජනතාවට සිහිපත් කරන බව කී ඩග්ලස් එම්හෝෆ් මහතා මානව වර්ගයාගේ සුබ සිද්ධිය සඳහා බෞද්ධාගම මගින් මහඟු මෙහෙවරක් සිදුකරන බව ද කීවේය.

ධවල මන්දිරයේ පැවති වෙසක් දින උත්සවය ට ඇමරිකානු රාජ්‍ය ලේකම් ටෝනි බ්ලින්කන් මහතා ද සුබපැතුම් එක්කර තිබිණි.

කටුගස්තොට උපරතන නා හිමියන් මෙම උත්සවයේ දී අදහස් දැක්වමින් පැවසුවේ මුළු මහත් ලෝකයටම පරමාදර්ශයක් සපයමින් වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පැවැත්වීම ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු රජය ලෝකවාසී බෞද්ධ ජනතාව ට සිදුකළ ගෞරවයක් ලෙස සලකන බවයි.



අදහස් (35)

ඇමෙරිකාවේ ධවල මන්දිරයේත්‍ වෙසක්

කමල් Friday, 28 May 2021 10:10 AM

හිඳගෙන සිටින ආකාරය නම් සුදුසු නෑ.

:       99       2

Demuni Uduwara Friday, 28 May 2021 10:23 AM

ඔවුන් නිදහස්.. නමුත් අපි...!!! 

:       8       115

විජිත් Friday, 28 May 2021 10:37 AM

ශ්‍රී ලංකා ආණ්ඩුව දන්නේ නැතිව ඇති. දැනගත්තා නම් මේ දූෂිත හොර, මිනීමරු, රට චීනාට පාවාදුන් ආණ්ඩුව බලයට පත්කරන්න මහජනතාව මුලාකරපු, චීවරධාරීන්ගේ (සුපෙක්ශාකාමි, සිල්වත් උතුම් බුද්ධ පුත්‍රයින්ට අපහාසයක් නොවේවා ) යවනවා. වාසනාවට එහෙම වුනේ නැහැ. වැරදිලාවත් මේ සෙට් එක එහෙ ගියානම් ඇමෙරිකන් ජනතාවත් රවටලා, ජෝ බයිඩන්වත් මුලාකරලා, අලි බොරුවක් කියලා ඩොලර් කෝටියක් විතර අරගෙන මෙහෙට පනිනවා.

:       197       142

ජයවීරFriday, 28 May 2021 11:09 AM

මෙවන් ප්‍රවෘත්තියක් දැකල‍ා සතුටු වෙන්නේ නැතුව ඒකටත් දේශපාලනේ ගාව ගන්න කාලකන්නි ඉන්නවානේ...

:       192       123

මසිරිපාලFriday, 28 May 2021 01:23 PM

ජයවීරට ඇත්තත තිත්තයි වගේ

:       72       74

KayFriday, 28 May 2021 02:53 PM

යහපාලන ආන්ඩුව සහ පවතිනාඅන්ඩුවේ දේශපලකයෝ සහ සමහර හොර චීවරධාරින් අන්ත දූශිතයො බව ඇත්ත .ආයේ ඒකේ කතා දෙක්ක් නැහැ . ඒ උනත් මේකේ අදහස් පලකරන සමහර මානසික ලෙඩුන්ට හැම දේටම දේශපාලනය ඇද්දේ නැතිනම් නින්ද යන්නේ නැහැ . මොනතරම් ලස්සන ආටිකල් එකක් ද මේ..

:       9       141

කරු Friday, 28 May 2021 04:02 PM

විජිත් මහත්තයා කියලා තියෙන්නේ ඒ කාලකන්නි හොර චීවරධාරීන් ගැන තමයි. ඒ හොරු තමයි දේශපාලනය කලේ. සිල්වත් ස්වාමීන්වහන්සේලාට ඔහු හැමදාමත් ගරු කරන බව අපි දන්නවා.

:       67       86

KayFriday, 28 May 2021 06:04 PM

කරු මහත්මයා, අපි හැමෝම හොර චීවරධාරින්, දූෂිත පාදඩ දේශපාලුවන්, පිළිකුල් කරනවා. සිල්වත් ස්වාමීන් වහන්සේලාට අපි කවුරුත් මහත් සේ ගරු කරනවා. ලංකාවේ පවතින තුච්ඡ, අධමයින්ගේ බාල ක්‍රියාවලියන් දෙස ලංකාවේ සිටින අයට වඩා පිටරට ජීවත් වෙන අයට වඩා හොඳින් වෙනස හඳුනාගන්නට පුළුවන් වෙනවා. විවේචනය කිරීම ඉතාමත් හොඳ දෙයක්... එයට තැනක් නොතැනක් තියෙනවා. දකින දකින ආටිකල් එකට දේශපාලනය ඇදගත්තාම එහි වටිනාකම අඩුවෙනවා..

:       45       26

RajithaFriday, 28 May 2021 12:53 PM

මම නම් දැක්කා ඉතිහාසයේ කම්බ හොරු හිටිය දූෂිතම ආණ්ඩුව යහපාලන ආණ්ඩුව.. මහ බැංකු හොරකම... චීනයට ලොකු කොමිස් කුට්ටියක්... හම්බන්තොට වරාය අවුරුදු 198කට විකිණීම... පෝර්ට් සිටිය ප්‍රමාද කරලා චීනයට විකිණීම.., පාස්කු ප්‍රහාරය, තෙල් සොරකම, හාල් සොරකම, ඇතුළු ගොඩාක් දේවල් කළේ කිසිම වැඩක් නොකර.. හොරාකාපු එක විතරයි වැඩකට කියලා කළේ..

:       59       71

මහකන්දේ විජිතසිරි හිමිFriday, 28 May 2021 01:50 PM

පක්ෂ දේශපාල⁣නයෙන් අන්ධ වු කල සබුද්ධිකයාද අබුද්ධික වන බව ඔබගේ ප්‍රකාශය ඔබ ඔප්පු කර ඇත.

:       9       66

sri lankaSaturday, 29 May 2021 09:11 AM

v8 එකක්, සල්ලි මිටියක්, ලැබුණාම ඕනෑම බොරුවක් දේශනාකරන සබුද්ධික හොරු අබුද්ධික බව ඔබ නොකියාම කියනවා. බොහොම ස්තුතියි...

:       0       21

ajithSunday, 30 May 2021 09:44 AM

බුද්ධ ධර්මය කෙසේ වුණත් අද ඇති සංඝ ශාසනය බෝහෝතැන්වල ඇත්තේ වංචාවන්..

:       0       33

සෙනෙවිරත්න Friday, 28 May 2021 02:34 PM

ඒක දේශපාලන අදහසක් නොවේ. බොහෝ චීවරධාරීන් ගේ යථාර්ථයයි. මේ රටේ බුද්ධාගම අතු ගෑවීමට ආසන්න ඔවුන් නිසායි. ඔවුන්ට සියලුම බලවේගයන්හි සහයෝගය ඇත. අප පවා පන්සල් යාම, අත්හැර දමා ඇත්තේ මෙවන් දේ නිසයි.

:       68       29

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 29 May 2021 02:07 AM

මා මිත්‍ර විජිත්ට ස්තූතියි.ඔබ ඇමරිකාවේ වෙසෙන මේ රටට,සැබෑ බුදුදහමට ආදරේ කරන,සාසනය වනසන දුසිල්වත් චීවරධාරීන්ට එරෙහිව නැඟී සිටින,සැබෑ නිර්මල දහමට හා සිල්වත් භික්ෂූන් වහන්සේ නමදින හා උන්වහන්සේලා අගය කරන සිල්වතෙකු බව මා කාලයක් තිස්සේ අත්දැකීමෙන්ම දන්නවා.ඒ නිසා ඔබගේ සැබෑ බොදුනු ගතියට මා ඇතුළු මිතුරන්ගේ ස්තුතිය.අපගේ බුදු පියාණන් වහන්සේට පුද සත්කාර කිරීම ගැන ඇමරිකා ජනපති බයිඩන් මහතා ඇතුළු සහභාගී වූ සැමට අපගේ ස්තුතිය.බුදු දහම ඇත්තේ කර තබාගෙන යෑමට නොවේ.ඒ පිළිපැද දෙලොව යහපත සලසා ගැනීමටය.එහෙත්,මේ රටේ සිල්වත් භික්ෂූන් වහන්සේලා අසරණය.දේශපාලකයා වන්දනාමාන කර දහම විකෘති කොට සියලු සැප ලබනා දුසිල්වතුන් මහා කෙලිකාරයන්ය.සැබෑ බෞද්ධයන් නොවන අන්ධයන් ඔවුන්ට නිර්මල බුදුදහම වැනසීමට දැන හෝ නොදැන උපකාර කරනු පෙනේ.ඒ අන්ධයන් අපට කියන්නේද එම මාර්ගයේ ගොස් දහම වැනසීමට උපකාර කරනා ලෙසය.සාසනය රකිනා දෙවිවරුන් මේ ප්‍රශ්න මතු කාලයේදී විසඳනු ඇත.එතෙක් අපි සැබෑ දහමේ රසය විඳ සැනසෙමු.ප්‍රණීත වූ දහම හා සිල්වත් සංඝයා වහන්සේ පණමෙන් රකිමු. දුශ්සීලයන්, හොරදෙටුවන් පිටු දකිමු.

:       0       59

විජිත් Saturday, 29 May 2021 01:03 PM

ස්තුතියි සමිත... ඔබ මේ දිනවල ශ්‍රී ලංකාවේ සිටින්නේ යයි සිතනවා. ඔබටත්, පවුලේ සියලු දෙනාටමත්, ශ්‍රී ලාංකිකයින් සියලුදෙනාටත් නිරෝගී සුවය පතනවා...

:       0       14

karuSaturday, 29 May 2021 09:05 AM

විජිත්, මමත් ඔබගේ අදහසට එකඟයි. ඔබ ඔබගේ සටහනෙහිම කියලා තියෙනවා ' සුපෙක්ශාකාමි, සිල්වත් උතුම් බුද්ධ පුත්‍රයින්ට අපහාසයක් නොවේවා ' කියලා. ඔබ හරි. ඔබ කියලා තියෙන්නේ මිනිසුන් මුලාකරන හොර චීවරධාරින් ගැනයි. මේ රට කාපු මිනීමරු දේශපාලුවන්ට හැමදාමත්ම මුට්ටි අල්ලමින්, උන්ගෙන් ලැබෙන ජරාවට වහල් වී, මහජනතාව මුලාකලේ ඔබ කියන හොර සෙට් එක බව කවුරුත් දන්නවා. ලබන වෙසක් පොහොය දවසටවත් ඒ හොර චිවරධරින්ගෙන් තොර, සිල්වත් ස්වාමින්වහන්සේලාගෙන් පිරුණු ශ්‍රී ලංකාවක් දකින්න අපි වාසනාවන්ත වේවායි ප්‍රර්ථනා කරමි.

:       0       25

විජිත් Saturday, 29 May 2021 01:05 PM

ස්තුතියි කරු...!!! 

:       0       3

gamunu Friday, 28 May 2021 11:01 AM

ඇමෙරිකාවේ ධවල මන්දිරයේත්‍ වෙසක් සමරනවා නම් සමහරවිට ඇමෙරිකන් තානාපති තුමිය මල්වතු, අස්ගිරි මහනායකව, පූජ්‍ය පක්ෂයට දානයක් දුන්නා නම් ප්‍රශ්නයක් නැහැනේ.. විදේශිකයින් බුදුදහම පිළිබඳ පැහැදීමක් තියෙනවා..

:       31       10

සෙනෙවිරත්න Friday, 28 May 2021 02:37 PM

විදේශකයො කැමතිි බුද්ධ දර්ශනයට විනා ලංකාවේ අදහන බුද්ධ සාහිත්‍යය ට නොවේ. එහි අපාය, දෙව්බලොව, පියුම් පිට වැඩීම, නැවත උප්පත්තිය වැනි විකාර නොව ධම්ම පදය වැනි උසස් අදහස්ය

:       121       14

KamalFriday, 28 May 2021 04:01 PM

හැමදේම ඇයි මහානායකලාටම දෙන්නේ? වෙන දුප්පත් පන්සල් වල හාමුදුරුවො නැද්ද?

:       45       7

ganegoda Friday, 28 May 2021 11:33 AM

බයිඩන් කාරයා හෙට, අනිද්දා දිහාවට ලංකාවට ඇවිත් මහණ වෙන්නලු හදන්නේ.. මළ විකාර...!!!

:       101       13

chithranandaSaturday, 29 May 2021 12:28 AM

කොහෙද යන්නේ මල්ලේ පොල් එපා යාලුවා.වැලේ වැල් නැතිව ඉන්න අපේ රටට ඇවිත් බිස්නස් බුද්ධාගමේ මහන වෙනවට වඩා ඒ මනුස්සයාට තව ලස්සනට ජීවත් වෙන්න පුළුවන්.කුහකකම් අත්හැරගන්න බලපන් යාලුවා

:       2       2

බමුණු.Saturday, 29 May 2021 11:02 AM

අනේ .. ගනේගොඩ නුදුටු සැබෑ තතු.

:       3       7

janahitha Friday, 28 May 2021 12:01 PM

ඔක්කොම හොරු... ජනතාව කළේ ඔවුන්ගෙන් සුදුසුම හොරු සෙට් එක තේරීම.

:       75       18

සෙනෙවිරත්න Friday, 28 May 2021 02:40 PM

කතොලිකයින් කොපමණ ගුණගරුකද? තමන්ගේ රටේ වෙනත් ආගමක් අටවා අධිකරණ සංඝනායක කම්දී පන්සල් ඇති කිරීමට ඉඩදීම ගැන, ලංකාවේ සුදු පාලනය යටතේ නොවේ නම් පල්ලි ඇරඹීමට ඉඩදෙයිද..?

:       97       7

Alfred Friday, 28 May 2021 04:31 PM

ඔබ මෙතන හදන්නේ බෞද්ධ, ක‍තෝලික මිනිස්සු කොටවන්න. ඒක හරිම අප්‍රසන්නයි. ඔබ වෙන තැන් කීපයක්ම හාමුදුරුවන්ට අපහාස කරලත් තියෙනවා. මෙතන කිසිම බෞද්ධයෙක් වෙන කිසිම ආගමක කෙනෙක්ට නින්දා කරලා නෑ. මේ සිද්ධියක් වෙනුවෙන් ඇයි මෙතරම් ඉරිසියාවක්...?

:       1       4

chithralSaturday, 29 May 2021 08:47 AM

ඔහු කොතනද සිල්වත් ස්වාමීන් වහන්සේලාට අපහාස කරලා තියෙන්නේ..? බුදුන්ගේ උතුම් චීවරයට මුවාවී අසමජ්ජාති වැඩ කරමින්, දේශපාලුවන්ට මුට්ටි අල්ලන චිවරධාරින් ගැන නම් කියලා තියෙනවා. එක අපහාසයක්ද..? ඔය හොර චීවරධාරීන් රටෙන් පන්නා දැමිය යුතුයි. ළඟදීම රටේ නියම බෞද්ධයින් ඒ සඳහා පෙළ ගැසෙන බව හොඳින් වටහා ගන්න. ඔහු ආගම කෙටවිමක් කරලා නැහැ. මම හිතන්නේ ඔබත් හොර චීවරධාරීන්ට මුට්ටි අල්ලන වහලෙක් වගේ.

:       0       20

aruniSaturday, 29 May 2021 08:55 AM

අපිත් ඉස්සර පන්සල් ගියා. දැන් ප්‍රසිද්ධ යයි කියන කිසිම පන්සලකට යන්නේ නැහැ. ඒ තරම් අප්‍රසන්න ක්‍රියාකාරකම් ඒ පන්සල්වල සිටින සමහර හොර චීවරධාරීන් කළා. කැළණි ගඟෙන් ධාතු ගෙනාපු නාග රාජයා ගැන කතා පතුරවපු පන්සල පැත්තවත් බලන්නේ නැහැ. බුදුන් වහන්සේගේ උතුම් වූ ධර්මය පිළිපදින, දේශනාකරන උතුම් බුද්ධ පුත්‍රයන් සියයක්වත් මේ රටේ ඉන්නවද.. කියලා මට සැකයි.

:       0       15

මහකන්දේ විජිතසිරි හිමි Friday, 28 May 2021 03:08 PM

පක්ෂ දේශපාල⁣නයෙන් අන්ධ වු කල සබුද්ධිකයාද අබුද්ධික වන බව ඔබගේ ප්කා‍රශයෙන් ඔබ ඔප්පු කර ඇත.

:       90       62

මෝ Friday, 28 May 2021 07:47 PM

බුදු දහම ඇමරිකාවෙ පතුරවන්න ඕනෙ නෑ.බොහෝ ඇමරිකානුවන් ලංකාවෙ බෞද්ධ යැයි කියමින් සියලු පව් කරන බොදුනුවන්ට වඩා හොදබොදිනුවන්.ඔවුන්ට නිවන අපට වඩා ලගයි.

:       0       27

Rane Saturday, 29 May 2021 01:05 AM

කුලියට අදහස් පලකරන වුන් තමයි මේ අබුද්ධික අදහස් දාන්නේ. උන්ට අනුකම්පා කලයුතුව ඇත.

:       1       1

anil Saturday, 29 May 2021 02:46 AM

කොරෝනා වෛරසය ලෝකයා අමතයි මෙතෙක් කල් මානවයා විසින් දියුණු කරනු ලැබූ ජීව ව්ද්‍යාවෙන් මා පිළිබඳව විමසීමේ දී වෛරසයක් යනු ජීවියෙක් දැයි එයට නිසි පිළිතුරක් තවම දී නැත. අජීවී දෙයක් දැයි විමසීමේ දී එයටද ඔවුන් තුළ එකඟතාවයක් නොමැත. එසේනම් මානවයා විසින් ජීව විද්‍යාත්මකව හෝ විද්‍යාත්මකව යමක් සොයගනු ලැබුවේ.. නම් ඒ සියල්ලම ස්වභාවදහමේ නිර්මාණයන්ය. ඒවා කෙසේ නිර්මාණය වී තිබේද එහි ක්‍රියාකාරීත්වය කෙසේද ආදී දෑ වෙනස්කොට මිනිසාට සිතැඟි පරිදි පරිහරණය කිරීමට මෙම විද්‍යාවන් ඔහු නිර්මාණය කර ඇත. එය හුදෙක් මිනිසාගේ පරාර්ථයට වඩා ආත්මාර්ථය පදනම් කරගත් බැවින් එම විද්‍යාවන් සියල්ලම මේ මොහොතේ මා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මානවයා ඇතුළු සියලුම තිරිසන් සත්ත්ව වර්ගයාට මෙන්ම ඇසට පෙනෙන නොපෙනෙන සෑම ජීව ප්‍රජාවකම මෙම මිහිතලය සොඳුරු වාසස්ථානයක් කර දී ඇතැත් දියුණු යැයිද මනසින් උසස් යැයිද සිතන මිනිසා විසින් අමනෝඥ හා ආත්මාර්ථයෙන් යුතුව දිනෙන් දින මිහිතලයේ මෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ ද ආධිපත්‍යය ගැනීමට වෙර වීරිය දරමින් සිටී. එතෙක් මෙතෙක් මේ අභ්‍යාවකාශයට මිනිසා විසින් මුදාහරින ලද කසළ ප්‍රමාණය ද සුළුපටු නැත.

:       0       1

sena Saturday, 29 May 2021 03:03 AM

එක කොල අතට රතු 20- 30 වැටීමෙ අරුමය කිමද ?

:       1       1

ramaniSaturday, 29 May 2021 09:07 AM

මෝඩකම, හෙවත් වහල් බව.

:       1       8

fairoos Sunday, 30 May 2021 08:45 AM

කොහොමද සර්ගේ වැඩ..? කාටද ආඩම්බර?

:       0       12

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35268 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24060 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site