IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත්‍රිකුණාමලයට

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකාව වන ‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව ත්‍රිකුණාමල වරයාට අද (25) සේන්දු විය. 

‘2018 ශාන්තිකර (පැසිෆික්)   සහයෝගීතාව’ පැවැත්වීමේ අරමුණින් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි අතර මැයි මස 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳි සිටියි.  
 
‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල හමුදා වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන් දේශීය ප්‍රජා වෙත ප්‍රතිකාර ලබාදීම ඔවුන් සමඟ වෛද්‍ය පිළිවෙත් හුවමාරු කරගැනීම සහ මෙරට වෛද්‍යවරුන්   හා වෛද්‍ය වෘත්තිකයන් සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ඇත. 
 
ඊට අමතරව ඇමෙරිකාව සහ හවුල්කාර රටවල ජාතික සේවා සාමාජිකයන් ශ්‍රී ලංකාවේ සම සහකරුවන් හා එක්ව මෙරට සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති, මානුෂීය සහාය සැපයීම් සහ ආපදා සහන, සූදානම් පුහුණු සහ මහජනතාව වෙත ගොස් සේවා ලබාදීම වැනි  කටයුතුවලද නිරත වීමට නියමිතය.
 
‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව අංග සම්පූර්ණ ශල්‍ය මෙහෙයුම් කාමර 12ක්, ඇඳන් 1000කින් සමන්විත වන අතර රෝහල් පහසුකම්, ඩිජිටල් විකිරණ සේවා, වෛද්‍ය රසායනාගාරයක්, ඔසුසලක්, අක්ෂි අංශය පිළිබඳ රසායනාගාරයක්, ස්කෑන් යන්ත්‍රයක්, ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍ර දෙකකින් සමන්විත වේ. එමෙන්ම විශාල ප්‍රමාණයේ හමුදා හෙලිකොප්ටර් ගොඩබැස්සවීම සඳහා යාත්‍රාංගනයකින් ද මෙම නෞකාව සමන්විතය. 
 
2018 මෙහෙවර යටතේ මෙම  නෞකාව ඉන්දුනීසාය සහ මැලේසියාවේ මෙහෙවර ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවට පසු ඉන්දු - ශාන්තිකර (පැසිෆික්) කලාපය තුළ හවුල්කාරීත්ව, මිත්‍ර සබඳතා සහ බහුපාර්ශවීක වියට්නාමය සහ ජපානය වෙත ළඟා වීමට නියමිතය.

055



අදහස් (8)

ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත්‍රිකුණාමලයට

lalithsjm Thursday, 26 April 2018 01:08 AM

වාසනාවන්. මොනා උනත් ඇමරිකා නේ....

:       0       2

ANANDA JAYASINGHE Thursday, 26 April 2018 01:57 AM

මෙවැනි යාත්‍රා කිහිපයක් ශ්‍රී ලංකා නාවික හමුදාව යොදවා ගන්නේනම් අපේ රට වටා සෞඛ්‍ය පහසුකම් සපයන්න පුළුවන්. මෙවැනි යාත්‍රාවක් පරීක්ෂණ මට්ටමෙන් නිපදවීමට තාක්ෂනය අප සතු බව මට විශ්වාසය.

:       0       58

theshan Thursday, 26 April 2018 02:36 AM

මේකටත් අපේ වෛද්‍ය සංගමය පාරට බහීද ??? අනේ ඒ වගේ ගොන්වැඩක් නම් කරන්න එපා.

:       4       74

sudeshFriday, 27 April 2018 10:14 AM

මේ අය හැමදාම නෑ. හිතන්න එපා අපිට ආදරෙට නම් එන්නේ නෑ. ඒ අය ගියහම අපේ පිහිටට ඉන්නේ අපේ වෛද්‍යවරු මිසක් යටි අරමුණු තියාගෙන එන අය නොවේ. ඒ නිසා ඒක අවබෝධ කර ගනිල්ලා. අපිට දෙවිවරු වගේ ඉන්නේ අපේ අය විතරයි. වෛද්‍ය සංගමය ගැන ඔය විදිහට කුහකව බලන්න එපා. දුර ඉන්න මිතුරට වඩා ලඟ ඉන්න හතුරා හොඳයි කියලා කථාවක් තියෙනවා.

:       1       7

සිසිර Thursday, 26 April 2018 04:02 AM

වෛද්‍ය සංගමය කෙසේ වෙතත් විමල් වීරවංශ නම් ෂුවර් නැහැ.

:       157       187

d.upul Thursday, 26 April 2018 04:49 AM

වෛද්‍ය සංගමය ගැන මට මතක් වෙන්නේ "බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ" කතාව.

:       91       105

naradha Thursday, 26 April 2018 03:36 PM

අපේ වකුගඩු රෝගීන්හට මේ අයගෙන් ප්‍රතිකරයක් ලබා ගත හැකිද?

:       1       13

kik Friday, 27 April 2018 12:09 AM

මෙය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක්ද ?

:       5       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22042 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21860 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site