වසන්ත චන්ද්‍රපාල
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට වසර තුනක සිට නියමිත අයුරින් වැසි නොලැබීම නිසා සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 34.7 දක්වා පහළ බැස තිබේ. මේ වන විට මුළු ජල ධාරිතාවය වන්නේ අක්කර අඩි 31.770 කි.
මෙම සමුද්‍රයේ මුළු ජල ධාරිතාවය වන්නේ අක්කර අඩි 770,000 ක් වන අතර මේ වෙන විට අක්කර අඩි 738,230 ක් ජලය අඩුවී තිබේ.
මේ හේතුව නිසා ඉදිරි මහ කන්නයේ වී වගාකිරිමේ ගැටලුවක් පවතින බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක නිහාල් සිරිවර්ධන මහතා පැවසීය.
පසුගිය යල කන්නයේ ද වතුර නොමැති නිසා අක්කර 100,000 පමණ වී වගා කිරීමේ කටයුතු නැවත්වීමට සිදුවිය.
1976 වසරේ ද මෙම ජලාශයේ ජල මට්ටම අඩි 33 දක්වා අඩුවී තිබෙන බව ගොවියෝ කියති.
ඉදිරි කාලයේදිත් වැසි නොලැබුණු හොත් කුඹුරු වගා කිරීමේ ගැටලුවක් මතුවෙන නිසා රටට වැඩිපුරම බත සපයන දිගා මඩුල්ල වී ගොවියන් රැක ගැනීම සඳහා රජය කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානයක මහතා පැවසීය.
මෙයට අමතරව එක්ගල්ඔය,අම්බලන්ඔය,පන්නල්ගම,නාමල්ඔය, ජයන්ති යන වැව් වලද ජල මට්ටම පහළ බැස තිබේ.
එම වැව් යටතේ වගා කරන කුඹුරු ප්‍රමාණය ද නියමිත අයුරින් වගාකිරිමට නොහැකි වන බවද වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉගිණියාගල සේනානායක සමුද්‍රය 41 වසරකට පසු හිඳෙයි
Cisco Sunday, 16 September 2018 05:00 PM
ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. මෙම වැවේ එකතු වූ ජලයෙන් නැගෙනහිර පළාතේ මන්ඩුර් දක්වාත් අක්කරපත්තු කෙලවරටත් කුඹුරු කිරීම සනහ ජලය ලබා දුන්නා. අප මෙහි සේවය කරන කාලයේ (1995-2001) එකම කන්නයක් ජාල හිඟ කමින් පිඩා වින්දා. එත් යල කන්නයක්. මේ මාස් කන්නයට මෙතරම් හිඳුනා කියන්නේ ඔක්තෝබර් වැසි වලින් මේ වැව පුරවගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.
asanka Monday, 17 September 2018 10:44 AM
දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ” “කලට වැසී වසීවා කෙත් වතු සාර වේවා ලොව සතුටු වේවා නිරිඳු සැම කල් දැහැමි වේවා”
Rasi Wednesday, 19 September 2018 03:43 AM
අපට මතකයි 2015 අවුරුද්දේ වී ගබඩා කරගත නොහැකිව මත්තල පවා වී ගබඩා කිරීමට යොදා ගත්ත. නමුත් පසුගිය අවුරුදු තුනට එකදු කන්නයක් වත් හරියට වගා කිරීමට හෝ අවශ්‍ය ජලය ගබඩා කර ගැනීමට නිසි පරිදි වැසි ලැබුනේ නැහැ. කුමක් හෝ පාරිසරික විපර්යාසයකට රටේ දේශගුණය පත්වෙමින් තිබෙන බව නම් නිසැකයි. නමුත් රට ඒ සදහා සුදානම් කිරීමේ සහ ජනතාව දැනුවත් කල යුත්තන් එය කරනවද යන්න නම් සැක සහිතයි.