(කාංචන කුමාර ආරියදාස)
කඩිනමින් ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා මොරගහකන්ද කළුගඟ ජලාශය ඉදිකිරීම සඳහා නිවාස සහ ඉඩම් ලබාදුන් අනු පවුල් 21 ක සාමාජිකයෝ පිරිසක් ලග්ගල නව නගරයේ පොලිසිය ඉදිරිපිට දී අද (27) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ.
තම දෙමව්පියන්ගේ යටතේ නිවසක පදිංචිව සිටි තමන්ට ඉඩම් ලබා දෙන බවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පොරොන්දු වුවද මෙතෙක් එම පොරොන්දු ඉටු කර නොමැති බව ඔවුහු පැවසූහ.
කෙසේ වෙතත් ඉඩමක් ලැබෙන තුරු දරුවන් සමග උපවාසයේ නිරත වන බව ඔවුහු කීහ.
අසරණ වූවන්ගේ සංවිධානයේ සභාපති කේ. ජී. රංජිත් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මෙවැනි අනු පවුල් රැසකට වන්දි සහ ඉඩම් ලබාදී තිබෙන බවත් ප්‍රදේශයේ පදිංචි නොමැති අයට පවා ඉඩම් සහ වන්දි ලබාදී තිබෙන බවත්ය.
මේ පිළිබඳව මොරගහකන්ද කළුගඟ ජලාශ ඉදි කිරීම් ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී .බී . විජේරත්න මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ කණ්ඩායමක් උපවාසයක් ආරම්භ කර ඇති බව තමන්ට වාර්තා වී තිබෙන බවත් ප්‍රදේශයේ අදාළ මහවැලි බලධාරීන් තවමත් තමන්ට ඒ පිළිබඳව දැනුම් දී නැති බවත් ය.
ඒ පිළිබඳව තමා සොයා බලන බවත් තවමත් තමන්ට ඒ පිළිබඳව සොයා බැලීමට ඉඩක් නොලැබුණු බවත් විජේරත්න මහතා වැඩිදුරටත් කීය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉඩම් දෙන්නැයි ඉල්ලා උපවාසයක් අරඹති
Raveendra Monday, 27 November 2017 02:00 PM
මේ ඔබේ අපේ සහෝදර පුරවැසියන් නොවේද ????? ලක්මවගේ දරුවන් මෙසේ අනාථ වන්නේ නිලදාරීන්ගේ සහ දේශපාලුවන් නිසා නොවේද???
Gihan Monday, 27 November 2017 03:47 PM
ඕක හරියන්නේ නෑ.
ase Tuesday, 28 November 2017 04:44 AM
අනේ අපි නම් මහන්සියෙන් වැඩ කරලයි පොඩි ඉඩමක් මිලදී ගෙන පොඩි නිවහනක් දරුවන්ට හැදුවේ දැන් නම් එහෙම නෑ වගෙයි ?
darshana Tuesday, 28 November 2017 08:12 AM
කරන උපවාස , උද්ඝෝෂණ ඔක්කොම ටික දැන්ම කරලා ඉවරකරගන්න......මොකද දැන් රට යන විදියට යහපාලනය ඉක්මනටම ඉවරවෙලා පරණ ආණ්ඩුවම එයි , එතකොට ඔය උපවාස , උද්ඝෝෂණ කරලා හමාරයි .