IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉදුණු කෙසෙල් ගෙඩි කිලෝ 20,000 ක් වන අලින්ට රිලවුන්ට

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ  රිලවුන්ට සහ වන අලින්ට කෙසෙල් ගෙඩි තොග පිටින් ලබාදීම අද (25  ) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සැල් සේවකයන් කිහිප දෙනෙකු එක්ව  සිදු කරනු ලැබීය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  වෙළඳසැල් සේවකයෙකු වන සුදත්  ප්‍රියන්ත මහතා සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු එක්ව ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි කිරීමට ගෙනවිත් තිබූ ඉදුණු කෙසෙල් ගෙඩි කිලෝ 20000ක් පමණ රුපියල් 30,000 ක මිලකට ලබාගෙන ඒවා රක්ෂිතයේ  වන අලින්ට සහ රිලවුන්ට ලබා දීම ඔවුන් විසින් සිදු කරනු ලැබූහ.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  සිට කුඩා ලොරි රථ දෙකකින් දඹුල්ල මහ නගර සභාව මගින් පවත්වාගෙන යන කුණු කසල ප්‍රතිචක්‍රීයකරණ  කිරීමේ ස්ථානයේ රැඳී සිටින වන අලින්ට මේවා ලබා දුන් අතර එම ආසන්නයේ සිටි රිලවුන්ට ද කෙසෙල් ගෙඩි කන්  පිටින් ලබා දීම සිදු කරනු ලැබීය.

වන අලින් 10 දෙනෙකුට අධික පිරිසක් එම ස්ථානයට පැමිණ කෙසෙල් ගෙඩි භුක්තිවිදින අයුරු දැක ගැනීමට හැකිවිය.

 

 



අදහස් (17)

ඉදුණු කෙසෙල් ගෙඩි කිලෝ 20,000 ක් වන අලින්ට රිලවුන්ට

Azam Monday, 25 May 2020 10:53 AM

අපගේ දෙවියන් කළ විශ්මිත වැඩකි...

:       477       1

kamal Monday, 25 May 2020 10:59 AM

වනසතුන් ගෙදරට ගෙන්නන්න පුරුදු කරවීම පින් සිදුවෙන වැඩක් කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා.

:       35       7

චම්පිකMonday, 25 May 2020 01:00 PM

වන සතුන් මොන මගුලකටද ගෙදරට ගෙන්වන්නේ..? මොන ධර්මයේද ඔය කතාව තියෙන්නේ..? සත්තු ගෙදරට කැන්දාගෙන ඇවිල්ලා කෑවෝ කෑවෝ කියලා කෑගහන්න එපා.

:       1       226

Pradeep Monday, 25 May 2020 11:16 AM

එතකොට කිලෝ එකක්ම රු. 1.50යි. වගා කරුවන් තවමත් ජීවත් වෙනවලුද?

:       9       37

siri Monday, 25 May 2020 11:29 AM

මේ මහත්වරුන්ගේ චේතනාව කෙතරම් කාරුණික වුණත් මේක නම් වගකීම් රහිත ඉතාම වැරදි වැඩක්. වනසතුන් ජීවත්වෙන්නේ, විශේෂයෙන් අලි ඇතුන්, කෙසෙල් ගෙඩි කාලා නෙවේ. කුණු ගොඩකට වනසතුන් පැමිණෙන එක වළක්වනවා වෙනුවට ඔවුන්ට එතැනට පැමිණ එහි තියෙන දහ ජරාව කන්නට පුරුදු කරන එකනම් කිසිසේත්ම අනුමත කල හැකි දෙයක් නොවේ. කළයුත්තේ සියලුදෙනාම එකතුවී මෙවැනි ජරාව දාන තැන්වලට වනසතුන්ට එන්නට නොහැකි වෙන අන්දමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි.

:       1       785

සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 May 2020 02:14 PM

සතුන්ට ආහාර දීම හොඳ දෙයක්. ඒත්, ඒ සතුන් මේ ආකාරයට සැමදා පැමිණීමට පුරුදු වුවහොත් තත්ත්වය කෙබඳු වේවිද? මේ ආහාර දීම මතක්වී වෙළෙඳ පොළවල් වලට පැන බලෙන් කාවි... එතකොට මේ බෙදූ මිනිසුන් ඒකට වගකියනවද?

:       0       10

banda Monday, 25 May 2020 02:29 PM

මේකේ අදහස් දාපු සමහර රාලලා මොනවා කිව්වත් ඔබතුමන්ලා කරලා තියෙන්නේ උතුම් ක්‍රියාවක්... බඩගින්නේ ඉන්න සතුන් වවාගෙන කන්නද?

:       0       2

ධම්ම Monday, 25 May 2020 02:53 PM

අමුතුම විදිහේ දානපතියෝ ලංකාවේ ඉන්නේ. කැලෑවේ ඉන්න අලින්ට කන්න දෙන්න ඕන නම් ඒ ගැන දන්නා අයගෙන් උපදෙස් ගන්න තිබුණා. සත්තු වත්තක වුණත් සතුන්ට කන්න දෙන්න අපට ඕන විදියට බැහැ. යම් විදියකින් මේ අලි ලෙඩ වුනොත් කවුද වග කියන්නේ? මේකත් හරියට මාලිගාවත්තේ සල්ලි බෙදුවා වගේ වැඩක්...

:       0       0

Raveendra Monday, 25 May 2020 03:28 PM

කුසගිනි නිවීමට සතෙකුට හෝ ආහාරයක් දීම ඉතාම හොඳ සත්ක්‍රියාවක්... එහෙත් වන සතුන් සමග අප ගණුදෙනු කළ යුත්තේ ඉතාමත්ම කල්පනාවෙන් බව නම් සඳහන් කළ යුතුමයා. මක්නිසාදයත් වනසතුන්ගේ ආහාර සොයාගෙන කෑමේ දිනචර්යාවට මෙය බාධාවක් වියහැක. සමහරවිට වැඩිදෙනෙකු අපගේ මෙම අදහස්වලට එකඟ නොවෙනු ඇත.

:       0       8

joy malkam Monday, 25 May 2020 04:19 PM

මේක පිස්සු වැඩක්. මේ අලින්ව ආමරුවේ දානවා හිඟා කන්න පුරුදු කරලා.

:       0       0

සෑම් Monday, 25 May 2020 05:05 PM

ප්‍රදීප්, ජීවිතේට කෙසෙල් ඇඹුල් කෙසෙල් කිලෝවක් සල්ලි වලට අරගෙන නෑ වගේ...

:       23       0

vidya Monday, 25 May 2020 05:15 PM

කවුරු කවුරුත් කයිවාරු ගැහැව්වට ගොවියාට තමයි හැමදාම නස්පැත්ති සිදුවන්නේ... දෙයියට හරියට කළමනාකරණය කරගන්න බැරි නිසා තමයි මිනිහට දුන්නේ එම වගකීම. ඒත් බැරිවුණා නම් කාටද කියන්නේ...?

:       0       26

lalithm Monday, 25 May 2020 07:10 PM

මේ කරලා තියෙන්නේ හොඳ චේතනාවෙන් තමයි. හැබැයි මිල බලන්න. රු. 1.50. මම ඉන්නේ ඉඹුල්ගොඩ-ගම්පහ. එක ඇඹුල් ගෙඩියක් රු. 3-4. බඩු බෙදාහැරීම ගැන රජවරුන්ගේ කයියෙන් වැඩක් නැහැ නේද? ගොවීන් වහ බොන එක කියන්න දෙයක්ද? ප්‍රගතිශීලී රජයක් කියන්නේ කොහොමද? උග්‍ර ධනවාදය මීට වඩා හොඳයි.

:       1       70

Nandalal DE SILVA - France Monday, 25 May 2020 07:57 PM

"දන්සැල" යන වචනය මෙතැනට උචිත නොවුණත් මේකත් එවැනිම උසස් ක්‍රියාවක් බව පේනවා. කොහොම වුණත් නිදැල්ලේ හැසිරෙන වනසතුන්ට මේ විදියට ආහාර සැපයීම මගින් වෙනත් කරදර පසුවට ඇති වෙන්නත් පුළුවන් කියලා මගේ සීයා කියනවා. අලි රංචුපිටින් කෙසෙල් ගෙඩි කන්න ගම් වැදුනොත්, එහෙම නැත්නම් රිලා, වඳුරෝ පවුල් පිටින් ගම්වල පිළුම් ගහන්න ආවොත් ගම්වැසියන්ට දෙවියන්ගේම පිහිටයි කියා එයා කියනවා. ආච්චි අහන්නේ මේ කෙසෙල් තොගය රජය (නො) බෙදන අසරණ මහජනයාට දුන්නානම් මීට වඩා හොඳ නැද්ද කියලයි. ඒත් ඉතින් කෙහෙල් ගෙඩියෙන් බඩ පුරෝගන්න එකත් ඇඟට ගුණ නැහැ කියා ගමේ ප්‍රසිද්ධ වෙද මහත්තයෙක් හැටියට බොහෝ කාලයක් වැජබුණ මගේ සීයාගේ මතයයි...

:       0       7

Sarathchandra Monday, 25 May 2020 09:36 PM

කලින් වතාවෙත් මෙම පවතින රජය බලයේ තියෙන කොට අලින්ට කන්න දුන්නා නේද? හමුදාව පවා යොදාගෙන වතුර සපයපු විදිය ලෝකය පුරාම ප්‍රවෘත්තියක් වුණා. නමුත් පසුගිය අවුරුදු පහට අලිඇතුන් එකසිය ගණනක් පන්න පන්නා ගණන් කරකර මරා දැමුවේ ඡන්දය දිනන්නනේ. කෝ ඉතින් දිනුවාද? මේ අසරණ සතුන්ට කන්න දෙනවා වගේ පුණ්‍ය ක්‍රියාවන් අගය කරන්න ඕනා. මේ සතුන් රැකිලා ඉන්න නිසා විදෙස් සංචාරකයන් පැමිණීම මගින් ලංකාවට කෝටි ගණනක විදේශ විනිමයකුත් ලැබෙනවා.

:       43       3

karuna Tuesday, 26 May 2020 08:12 AM

අපිට සුද්දා අරක්කු බොන්න පුරුදු කරපු හැටි මතක් වුණා.

:       1       21

දුටුගැමුණු Wednesday, 27 May 2020 02:44 AM

පාර්ලිමේන්තුවේ ඉන්න අලි ටිකටත් ඔය කුණු වුණු කෙහෙල් කැන් දුන්නා නම් කොච්චර පිංද?

:       0       22

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28426 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site