IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉන්ධන පිරවුම්හල් පාලුවට ?

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල්හි අද (08) උදෑසන සිට බොහෝ පාලු ස්වභාවයක් පෙන්නුම් කළ අතර සාමාන්‍ය දිනවල මෙන් රථවාහන බොහොමයක් ඉන්ධන ලබාගැනීමට නොපැමිණි බව ඉන්ධන පිරවුම්හල් සේවකයෝ පැවසුහ.

දවසේ ඕනෑම වෙලාවක දිගු පෝලිම් පවා දැකියහැකි ඉන්ධන පිරවුම්හල් හි පවා හිස්ව පැවතුණි.

මේ සඳහා නිශ්චිත හේතුවක් නොදන්නා බවද අද දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කරතැයි ඇතැමුන් විශ්වාස කරන බවද ඉන්ධන පිරවුම්හල් සේවකයෙක් පැවසීය.



අදහස් (16)

ඉන්ධන පිරවුම්හල් පාලුවට ?

nalin Thursday, 08 July 2021 01:56 PM

අහෝ මිනිස්සු බලාපොරොත්තු වෙනව බැසිල් තෙල් මිල අඩුකරල බඩු අඩුකරල රටට සහන දේවි කියල ... බලමු බැසිල් ස'ගෙ වැඩ කිඩ කොහොමද කියල ...

:       29       176

Akila Thursday, 08 July 2021 03:13 PM

යුක්රේනයෙන් කොරෝනා ලෙඩ්ඩු ගෙන්වලා ලංකාවේ කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියලා බලපු කෙනාගෙන් නේද මේ කට්ටිය බදු සහන බලාපොරොත්තු වෙන්නේ..?

:       4       267

Mr Don Thursday, 08 July 2021 03:17 PM

අනේ, ලංකාවේ මිනිස්සු අසරණ වෙලා වෙන්නේ... !!!

:       2       99

මුණසිංහ Thursday, 08 July 2021 03:23 PM

මෙහෙමත් රැවටීම ක්.

:       2       119

ase Thursday, 08 July 2021 03:57 PM

"අමිහිරි තීන්දු ගන්න වෙයි! බැසිල් පළමු කතාවෙන්ම ඉඟි කරයි! " 70 මුල කාලයටද අපි නැවත යන්නේ ? පෝලිම් යුගයේ නව පටන් ගැන්මක්ද?

:       15       136

Rohana Thursday, 08 July 2021 04:01 PM

තෙල් මිල පහත වැටුණු වෙලාවේත් අඩු නොකළ ආණ්ඩුව මිල ඉහළ ගිය මේ අවස්ථාවේ අඩුකරයිද? මිල අඩුකරනවා නම් එසේ කළ හැක්කේ රජයේ බදු කොටස අඩුකිරීමෙන් පමණයි.

:       1       127

කිරි පුතා Thursday, 08 July 2021 04:12 PM

රටේ තෙල් හිඟයක් ඇතිවෙයි කියන කට කතාව පැතිරුණා පහුගිය දිනවල... ඉතින් කට්ටියම වාහනවල තෙල් ටැංකි පුරවා ගත්තා... එච්චරයි...!!!

:       1       0

Demuni Uduwara Friday, 09 July 2021 01:36 AM

ඉන්ධන ප්‍රශ්නවලට විසඳුම් බැසිල්ට හොයන්න බැහැ. ඔහුට මේ තිත්ත ඇත්තට මුහුන දෙන්නට සිදුවෙනවා.

:       0       2

මුණසිංහ Friday, 09 July 2021 05:50 AM

එදා 1970 දශකයේදී ගත් ක්‍රියාමාර්ග හරියට කළා නම් අද ලංකාව සුරපුරයකි. 1977දී ජේ.ආර්. ලංකාව බලවත් බටහිර රටවලට පාවලා දුන්නා.

:       9       3

Nandalal DE SILVA - France Friday, 09 July 2021 05:55 AM

ඉන්ධන නැති පිරවුම්හල්වලට වාහනවලින් ඇවිත් රස්තියාදු වෙන්නේ මොන කෙන් ගෙඩියකටද කියලා... වාහන හිමියන් හිතන්න ඇති... සහල් හංගගෙන ඉන්න වෙළෙඳුන් වගේ ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවනුත් එහෙම ඉන්ධන සඟවාගෙන ඉන්නවද දන්නේ කවුද?

:       0       10

සෙනෙවිරත්න Friday, 09 July 2021 06:39 AM

බත් කන ගවයින් ඉන්නවා වගේ තවත්, ඇලඩින් පහන මැදල භූතයා එළියට අරගෙන ඩොලර් මවලා තෙල් මිල අඩු කරාවි කියලා හිතලා වෙන්න ඕනෑ තමන්ගේ වාහනයට තෙල් නොගහන්නේ...

:       0       6

Sinahalyek Friday, 09 July 2021 08:51 AM

බොරු කියන්න එපා

:       0       1

Nuwan Friday, 09 July 2021 11:01 AM

මේ ආගමනය හොදයි

:       1       1

Nalin Friday, 09 July 2021 11:02 AM

තෙල් අඩු කරලා මොනව හරි වැඩි කරනවා

:       0       3

වර්ණකුලසූරිය Friday, 09 July 2021 12:54 PM

තෙල් මිල වැඩිවීම නිසා සාගර කාරියවසම් මහතා උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්වෙන්න දැන්වූවා. තෙල්මිල අඩුවීමක් සිදුවන්නේ නම් උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්වෙන්න ජනතාවගේ පැත්තෙන් අපි ඉල්ලා සිටිමු. ඔහු ගැන විශ්වාසයක් ජනතාවට තැබිය නොහැකි අතර ඔහු ලැජ්ජා වියයුතුයි. අනෙක ආත්ම ගෞරවයක් තිබෙන මහතෙක් නම් තවදුරටත් ඔය දීගයේ රැඳෙන්නේද නැත.

:       0       1

Nandalal DE SILVA - FranceFriday, 09 July 2021 11:01 PM

ඉතින් අනේ... දීගෙ කුරුටු ගාලා දෙන්න දෙපැත්තට වුණොත් දැන් ලැබෙන වරප්‍රසාද කොට උඩනේ...!!! ඒ නිසා තමයි මොන කෙණෙහිලිකම් ආවත් ඔය මගුල කඩා නොගෙන ඉන්න හදන්නේ..!!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35636 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site