අමල් වික්‍රමරත්න
ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ යන යුද නෞකා ත්‍රිත්වය අද (16) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.
නෞකාවන් වරායට පැමිණීමෙන් අනතුරුව ඒවායේ අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් බෙනාම් හොසෙයින්පෝ, කොමාණ්ඩර් මෙහ්දි අහමද්පෝ සමානි, කොමාණ්ඩර් මොහොමඩ් බාගර් රහ්නමා යන නිලධාරීන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.
එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
නෞකාවන් දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන විවිධ සංස්කෘතික සංදර්ශණ, සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා සහභාගී වීමට නියමිතව ඇත.
සිව් දින නිල සංචාරය නිමා කරමින් එම නෞකාවන් 19වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉරාන නාවික හමුදාවේ නෞකා 3ක් කොළඹ වරායට සේන්දු වෙයි
කුමාර් (ගල්ෆ්) Friday, 16 February 2018 07:35 PM
යේමන් වල, ලෙබනනයේ වගේ මෙහෙත් මුස්ලිම් මිනිස්සු අතර බේද ඇතිකරලා ත්‍රස්තවාදය පතුරන්නද දන්නේ නෑ හදන්නේ.
nimal Saturday, 17 February 2018 12:20 AM
ලංකාවට ගෙන්නගන්නේ ඉතින්!!!,ලෝකෙන්ම සම්බාධක පනවලා, මොකුත් කරගන්න බැරි අන්ත අසරණ රටකින් තමයි.. මේ රටේ හිටපු නායකයෝ ඔක්කොම කලේ ඕක... එක්කෝ ඉරාන් යයි. නැත්නම් ඇෆ්ඝනිස්ථාන් යයි. නැතිනම් පාකිස්තාන් හෝ ඉරාකේ .. ඉතින් ලංකාවට අර එන්න තියෙන ආධාරත් නැතිව යනවා. ඔය මගුල් නිසා මොකද ඔය රටවල් ත්‍රස්තවාදීන් , ලොවට බිහිකරන රටවල් හැටියට පට්ට ගැහිලා තියෙන නිසා, සම්බාධක පනවපු රටවල්..