IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉසෙඩ් ඩී ඇළට වැටුණු අලි දෙදෙනා ගොඩ ගැනෙති

නිමල් ජයරත්න
 
මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනකු ගොඩ ගෙන පිඹුරැත්තෑව රක්ෂිතයට පළවා හැරීමට වෙහෙරගල වනජීවී නිලධාරීහු අද සමත්වූහ.
 
කඹ හා ටයර් ආධාරයෙන් අලි දෙදෙනා ගොඩ ගත් බව වෙහෙරගල අඩවි වන ආරක්ෂක යූ ඒ ජී ජී එම් ආරියසිංහ මහතා කියයි.



අදහස් (6)

ඉසෙඩ් ඩී ඇළට වැටුණු අලි දෙදෙනා ගොඩ ගැනෙති

Chandana Thursday, 08 June 2017 10:37 AM

ඔය ඇළ හදපු දවසේ ඉඳලා විශාල සතුන් ප්‍රමාණයක් ගසාගෙන ගිහින්ම මැරුණා.. වනජීවී එකෙන්වත් මේ ගැන බලනවා නම් හොඳයි. ඔය ඇළ වටේ වැටක් ගහලා.... සත්තුන්ට වතුර බොන්න වෙනම ජල පොකුණු තනවන්න කියලා ජනපතිතුමාට කියන්න. පව් අහිංසක සත්තු...!!!

:       3       1030

Rufus R.Friday, 09 June 2017 03:26 AM

වන සතුන් මියයාම වලකන්න පියවර දෙකක් ඇත. 1. ඔවැනි ඇලවල්වල පායන කාලය බලලා මීටර් පනහක් දුරින් තැන්වල සතුන්ට නැග ඒමට පඩි සාදන්න. වැටුණු සතෙක් එවැනි තැනක් දක්වා දැක්විය හැකිය. බොහෝ සතුන් මිනිස් සහය නැතිවත් දිවි ගළවා ගනු ඇත. 2. සැම වගා ලිඳකටම ගොඩවී ඒමට මගක් කපා තිබීම අනිවාර්ය කරන්න. වැටුණ සතෙක් ගොඩවී යයි. දැන් කරන ආකාරයට, වැටිලා දිනක් දෙකක් සතා සාගින්නේ වතුරෙමයි. ඉන්පසු බැකෝවක් ගෙනත් එකේ නුහුරු ඝෝෂාවත් විශාල පිරිසකගේ හූවත් නිසා වනසතා බියකරනවා. එවැනි ඇතින්නක් දින කීපයක කුසගින්නත්, පැටිය නොසිටීමත්, උපකරණයේ සහ මිනිසුන්ගේ නුහුරු ශබ්දයත් නිසා කුපිතවීම බලාපොරාත්තු වන්ට තිබුණා. එම සතාට වෙඩි තියපු මිනිසා එම රැකියාවට සුදුසු නැත. එම අපරාධය ගැන තවම අපි හුල්ලනවා.

:       0       3

shan saudi Saturday, 10 June 2017 05:08 AM

අතීතයේ මේ වගා ළිං නිර්මාණය වූයේ ළිඳේ ඉහළ සිට ළිඳේ පතුල දක්වා බැස යා හැකි ආකාරයට මන්ද මිනිසුන් ජලය ලබා ගන්නේ කල වලින් නිසා එයට බැස ජලය ගෙන ඉහළට එන්න පහසුව ඇතිව එදා ඒවා නිර්මාණය වුණා. මේවා අදටත් අප ගම් වල දකින්න තිබෙනවා නමුත් නවීන තාක්ෂණය පැමිණීමත් සමග මිනිසා ජලපොම්ප භාවිතයට හුරු වුණා. එහිදී ළිඳට බැසීමේ මාර්ගය නිර්මාණය කිරීම නතර කළා. ඒ සඳහා අමතර ඉඩ ප්‍රමාණයක් වැයවීම වළකාගන්න පෙළඹුණා.

:       0       0

නුමාFriday, 09 June 2017 07:43 AM

Rufus R. ඔබේ අදහස හරි. ඉදිකිරීමක් කිරීමට පෙර කෙතරම් සැලසුම් සකස්කළ යුතුද යන්නට හොඳ උදාහරණයක්. ලංකාවේ අපි නොකරන දේ තමයි සැලසුම් කිරීම.... වතුර පිළිබඳව සැලසුම් කලත් වටපිටාව, පරිසරයට වන හානිය ගැන දක්වන්නේ අවම අවධානයක්.

:       0       2

ධම්ම Saturday, 10 June 2017 03:37 AM

පේනවා නේද ඇළ මාර්ගවලින් හා සිරස් ඉවුරු ඉදිකිරීමෙන්, වනඅලින් ගම් වැදීම වළක්වන්නට හැකි බව. වාරිමාර්ග, මහාමාර්ග, පරිසර හා සංචාරක ආදී අමාත්‍යංශ එකතුවී ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කළොත් බොහෝ ප්‍රශ්න විසඳා ගත හැකියි. වටිනා අයගේ අදහසුත් මේවාට එකතු කර ගතහැකියි.

:       0       0

shan saudi Saturday, 10 June 2017 04:55 AM

මේ ඇළ මාර්ගයට සතුන් පමණක් නොවේ. මිනිසුන් පවා වැටිලා ජීවිත නැති වෙලා තිබෙනවා. නමුත් මිනිසුන් මේ ගැන අවබෝධයෙන් වැඩ කළා නම් ඒ අනතුරු වළකාගන්න පුළුවන්... එහෙත් සතුන් සදහා අපට වෙනම පිළිවෙතක් අනුගමනය කරන්න වෙනවා අපට බැරිද? මේ සතුන් ඉන්න වනාන්තර ප්‍රදේශවලදී ඇළ මාර්ගයේ සිට මීටර් 500 600 වගේ දුරකින් සිටින පරිදි වනාන්තරය තුලින් ගලායන තවත් මේ ඇළ මාර්ගයෙන්ම පෝෂණය වන අතුරු ඇළ මාර්ගයක් නිර්මාණය කරන්න. මේ ගලා යන ජාල ධාරාවම ඒ ඇළ මාර්ගය හරහාද දිගට ගලා බසින ආකාරයට ඇළ මාර්ග දෙක අතරට පොඩි දුපතක් වැනි ආකාරයට හා සතුන්ට එයට බැස දිය බීමට හා නෑමට හා පහසුවෙන් ගොඩට ඒමට හැකිවන පරිදි නිර්මාණය කල යුතුය. මේ ලෙස අතුරු ජල මාර්ගයක් නිර්මාණය කලවිට අලි ඇතුන් පමණක් නොව සියලු වන සතුන් ගම් බිම් වලට පැමිණීමද පාලනය කරගත හැකිය. මෙහිදී වියළි කාලගුණ කලවදීත් මේ අතුරු ඇළ මාර්ගයේ ජලය ගලා යන ආකාරයට එහි ගැඹුර හා බැස්ම සකස් කල යුතුය. මිනිසා සැම විටම කල්පනා කරනුයේ ඔවුන්ට අවැසි දී ලබා ගන්න ආකාරය පමණකි. අප සියලු සත්වයාටම අවශ්‍ය මුලික අවශ්‍යතා සැපිරෙන පරිදි මෙවන් දේ නිමාණය කළයුතුය. මන්ද අප ජීවත් වන ලෝකය අයිති මිනිසාට පමණක් නොවන නිසාය.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33579 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23927 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site