IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


උද්ඝෝෂකයින්ට වෙනම ස්ථානයක්

( චතුර එස් කොඩිකාර ) 
 
විශ්ව විද්‍යාල  සිසු විරෝධතාවක්   මෙම  වන  විට   කොළඹ   පිහිටි  ජනාධිපති  ලේකම් කාර්යාලය ඉදිරිපිට දී   පැවැත්වේ.

කොළඹ  ෂැංග්‍රිලා හෝටලය  ඉදිරිපිට  බිමි   ප්‍රදේශය    උද්ඝෝෂණ   කළාපයක් ලෙස නම් කර ඒ  සඳහා    වෙන්  කර  තිබීම මෙම උද්ඝෝෂණයේ  විශේෂත්වයකි.

උද්ඝෝෂණ කලාපයක් ලෙස  එය නම්  කර තිබෙන බව  පොලිස්  නිලධාරින්  විසින්  සිසුන්ට  දැනවුවද   සිසුහු  එම  ස්ථානයට  නොගොස්   ජනාධිපති  ලේකම් කාර්යාලය ඉදිරිපිට   විරෝධතාවයෙහි සිටිති.

 


(ඉන්දිකා රාමනායක)

උද්ඝෝෂණ පැවැත්වීම සඳහා අද (05) සිට කොළඹ ගාලුමුවදොර  ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ ස්ථානයක්  නම්කර ඒ වෙනුවෙන් පුවරු සවිකර තිබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් භාවිතයට ගනු ලැබූ වාහන නැවැත්වීමේ ස්ථානයක මෙම පුවරු සවිකර තිබූ අතර  එහි “උද්ඝෝෂණ ස්ථානය” වශයෙන්  භාෂා තුනෙන්ම සඳහන්කර තිබෙනු දක්නට ලැබිණි.

මෙම පුවරුව සවිකිරීම සම්බන්ධයෙන්  ජනාධිපති ලේකම් කාර්යාලය හෝ රජය මේ දක්වා කිසිඳු නිවේදනයක් නිකුත් කර නොමැත.

මෙම විරෝධතා පුවරුව සවිකර ඇත්තේ කවුද , මින් ඉදිරියට මෙම ස්ථානයේ පමණක්   උද්ඝෝෂණ පැවැත්විය යුතු ද ,  මෙම ස්ථානය හැර වෙනත් ස්ථානයක  උද්ඝෝෂණ පැවැත්වීමට අවසර තිබේද  යන්න  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගෙන් කළ විමසුමකදී  ඒ මහතා පැවසුවේ  මෙම විරෝධතා පුවරුව සම්බන්ධයෙන්  තමන් දැනුවත් නොමැති බවත් මෙම ස්ථානයේ පමණක් උද්ඝෝෂණ පැවැත්විය යුතු බවට පොලිසියට මේ දක්වා කිසිඳු දැනුම් දීමක් සිදුකර නොමැති බවත්ය.

මෙම විරෝධතාපුවරුව කවුරුන් විසින් සවිකළේ ද යන්න  තමන් නොදන්නා බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් නොමැති බවයි.

කොළඹ ලෝටස් පාර , ගාලුමුවදොර පුරහල ලිප්ටන් වටරවුම , වෝඩ් පෙදෙස වැනි ජනාකීර්ණ ස්ථාන මෙම උද්ඝෝෂණ සඳහා තෝරාගැනීම හේතුවෙන් අධික වාහන තදබදයත් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි පීඩා එල්ලවීමත් නිතරම සිදුවේ.

කෙසේ වුවද තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා මහතා  කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  පැවසුවේ  ලෝකයේ  දියුණු රටවල උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානයක් නම්කර ඇති බවත් ඒ අනුව පිරිස ඒම ස්ථාන සම්බන්ධයෙන් පුරුදු පුහුණු කළ යුතු  බවයි.

උද්ඝෝෂණ පැවැත්වීම පුරවැසියාගේ අයිතියක් වුවද එය අනිකුත් පුරවැසියන්ට කරදරයක් නොමැතිව සිදුකළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය.

උද්ඝෝෂණ සිදුකරන ස්ථාන නම්කර තිබුණ ද එම ස්ථානයේ උද්ඝෝෂණ පැවැත්විය යුතු බවට නීතියක් නොමැති බවද      අමාත්‍යවරයා  එහිදී සඳහන් කර තිබිණි.

(ඡායාරූප - චතුර එස් කොඩිකාර)

 

 

 

 



අදහස් (25)

උද්ඝෝෂකයින්ට වෙනම ස්ථානයක්

Raveendra Wednesday, 05 February 2020 11:33 AM

දැන් කෑමොර දෙන්න තැනක් තියෙනවනම් ඇයි අහිංසක මහජනතාවට කරදර වෙන විදියට හැසිරෙන්නේ ? අඩුතරමින් ඒ මහෞෂධ පණ්ඩිතයන්ට ඒකවත් තේරුම් ගන්න බැරිද හැබෑට ? කරුණාකර අදාළ ආයතනවලින් අප ඉල්ලා සිටින්නේ දියවන්නා ඔයේ රතු හැට්ටකාරයන්ගේ මෝඩ සුවච කීකරු අන්තරේ ඉන්න අන්දරේලාට නිසි පිළිතුරු දෙන ලෙසයි. මෙම මෝඩ රැළ මේ විනාශ කරන්නේ අහිංසක මිනිසුන්ගේ මිලකළ නොහැකි කාලය මෙන්ම මහජන දේපොළයි. එබැවින් තම දෙමාපියන්ටවත් ආම්බාන් කරගත නොහැකි මොවුන්ට 88/89 සිහිවෙන්නම දෙන එක ඇඩ්‍රස් නැතිවෙන්න දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.

:       472       1159

suranjithWednesday, 05 February 2020 01:16 PM

මම දැක්කා ඡන්දෙ කාලේ ඉඳලම ඔයා පොහොට්ටුවට පක්ෂව ලියපුවා.. ඔයාට තියෙන්නෙත් ඔය උද්ඝෝෂකයින්ට තියෙන ලෙඩේම තමයි. දැන්වත් කඩේයන්නේ නැතුව ඉන්න නැත්නම් ලෙඩේට බෙහෙත් ගන්න.

:       153       181

RaveendraWednesday, 05 February 2020 02:22 PM

suranjith මයා වෙත, ඔබගේ අදහස්වලට ගරුකරන අතර ඒවා නිවැරදි නොවන බවට කීමට කැමැත්තෙමු. අප කිසිඳු දේශපාලුවෙකුට කඩේ නොයන්නෝය. අප සැමවිටම දියවන්නා අනාථ මඩමේ ඉන්න මී හරකුන් 225 නිර්භයව විවේචනය කරන්නේ ඔවුන්ගෙන් යැපෙන්නන් නොවන නිසාත් කිසිදිනෙක එම 225න් යැපීමටද බලාපොරොත්තු නොවෙන බවත් කිව යුතුයි. එලෙසම සමාජයට හොඳදෙයක් කලේ නම් ඒ කලේ පොහොට්ටුවේද, කෙහෙල් මලේද, ගොන් අලියෙක්ද, වල් අලියෙක්ද, අතේ එකෙක්ද, කකුලේ එකෙක්ද, රතු හැට්ටකාරයෙක්ද අදාළ නැත එය අප නිහතමානීව අගය කරන්නෙමු. එලෙසම අවැඩක් කරන්නේ නම් එයටද විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්නෙමු. අවාසනාවකට ඔබට අපගේ අදහස් තේරුම් ගැනීමට හැකි ඥානය පිළිබඳව ගැටළුවක් ඇතිබව සැකයක් ඇත. මෙම සිසුන් අපේ රටේ අනාගත පරපුර බව අප සැමවිටම සඳහන් කරන්නෙමු. එම පරපුර විනාශ වෙනවා දැකීමට අප කිසිවිට කැමැත්තක් නැත ඒ වෙන කිසිවක් නිසා නොව මේ ඔබේ මගේ අපේ දරුවන් බැවිනි. අවාසනාවකට මේ දරුවන්ව අන්තරේ ඉන්න නූගත් පාහර අන්දරේලා විසින් නැටවීම කණගාටුවකි. වඩාත් කැතම සිදුවීම වන්නේ එම අන්දරේලාව නටවන්නේ 300% ඡන්ද ලබාගත් රතුහැට්ටකාරයින් බවත් කීමට කැමැත්තෙමු...

:       49       215

saaliWednesday, 05 February 2020 04:49 PM

පුදුම තියරි නේද රවීන්ද්‍ර මහත්මයා ළඟ තිබෙන්නේ? 225ම හරක් කියලත් කියනවා. රන්ජන් පාර්ලිමේන්තුවේ සිට මන්ත්‍රීවරු විවේචනය කරන කොටත් ඊට විරුද්ධව රන්ජන්ට ලිව්වා. තමුන් කියන කොට බුද්ධිමතා. එය වෙන කෙනෙක් කියන කොට හරකාද?

:       55       81

ChampaWednesday, 05 February 2020 02:17 PM

රවීන්ද්‍ර- අර ලියලා තියෙන අන්තිම පේලිය මොකක්ද? 1988/89 වගේ කරන්න කියන්නේ? තරුණයන් මරන්න. හැබැයි අතුරුදහන් වීම් නම් පටන් ගනියි මහ මැතිවරණයෙන් පස්සේ. ආපු ගමන්මත් ඔය වැඩේ පටන් ගත්ත. හැබැයි වැඩිදුර ගෙනියන්න බැරි වුණා.

:       125       151

RaveendraWednesday, 05 February 2020 03:12 PM

එය ඔබගේ අභිමතය පරිදි තීරණය කරගත හැකිය. කෙසේවෙතත් සමාජයට අහිතකර මෙන්ම රටේ අනාගත පරපුරේ දියුණුව වෙනුවෙන් අකුල් හෙලන මෙන්ම දරුවන්ගේ ඉගෙනීම කඩාකප්පල් කරන කිසිදු රස්තියාදුකාරයෙකුට එසේ සමාජයේ හැසිරීමට ඔබ ඉඩ දෙන්නේද? ඔබ එයට අවංකව කැමතිද? අහිංසක මහජනතාවට හිරිහැරයක් වෙන ලෙස "දියව් දියව්" යන මෝඩ සටන් පාඨය පමණක් පෙරදැරි කරගත් රතුහැට්ටකාරයින්ගේ අයට නීතිය අතට ගෙන සමාජය නන්නත්තාර කිරීම ඔබගේ හිතට එකඟව ඔබ අනුමත කරන්නේද? අප සමාජයෙන් යමක් ඉල්ලන විට අප පළමුව කුමක් අප විසින් සමාජයට ලබාදුන්නේද? අප අපගේ යුතුකම් ඉටුකරන්නේද? යන පැනයන් මේ උගත් යයි කියන ගොන්රැලට නොතේරෙන්නේ මන්ද? අමතක නොකරන්න... මේ ඔබේ මගේ අප අනාගත පරපුරය. ඔවුන් අයාලේ යනවා නම් එයට අප කිසිඳු පක්ෂ භේදයකින් තොරව විරුද්ධ විය යුතුමයි. යක්කුන්ට යක්කුන් ලෙසම සැලකිය යුතු බව අප සිහිතබාගත යුතුයි. එලෙසම මනසින් උසස් මහත්මා ගතිපැවතුම් ඇති මිනිසත්වයන්ව සමාජය විසින් මෙන්ම ස්වභාවධර්මය විසින් රකිනු ඇත.

:       28       50

ChampaThursday, 06 February 2020 07:12 AM

ආයේ මගේ අභිමතයට හිතන්න දෙයක් නැහැ. මේ උද්ඝෝෂකයන් අනිත් දරුවන්ගේ ඉගෙනීම කඩාකප්පල් කරනවා නම් කරන්න ඕනේ මේ උද්ඝෝෂණ කරන දේශපාලන බළල් අත් තහනම් කරන එක.

:       1       11

siri Wednesday, 05 February 2020 11:36 AM

කලින් ආණ්ඩුවේ ඔය වැඩේ කරන්න ගිය වෙලාවේ කීදෙනෙක් මැරෙන්න ගියාද?

:       15       185

wc wijesiri Wednesday, 05 February 2020 11:46 AM

දැන් කෑමොර දෙන්න තැනක් තියෙනවා නම් ඇයි අහිංසක මහජනතාවට කරදර වෙන විදියට හැසිරෙන්නේ? අඩුතරමින් ඒ මහෞෂධ පණ්ඩිතයින්ට ඒකවත් තේරුම් ගන්න බැරිද හැබෑට? කරුණාකර අදාළ ආයතනවලින් අප ඉල්ලා සිටින්නේ දියවන්නා ඔයේ රතු හැට්ටකාරයින්ගේ සුවච, කීකරු අන්තරේ ඉන්න අන්දරේලාට නිසි පිළිතුරු දෙන ලෙසයි. මෙම මෝඩ රැළ මේ විනාශ කරන්නේ අහිංසක මිනිසුන්ගේ මිලකළ නොහැකි කාලය මෙන්ම මහජන දේපළයි. එබැවින් තම දෙමාපියන්ටවත් ආම්බාන් කරගත නොහැකි මොවුන්ට 88/89 සිහිවෙන්නම දෙන එක ඇඩ්‍රස් නැතිවෙන්න දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.

:       16       31

RaveendraWednesday, 05 February 2020 01:44 PM

wc wijesiri මයා වෙත, ඔබ විසින් අපගේ අදහස් කිසිඳු වෙනසකින් තොර පිටපත් කර ඇති බවක් යහමින් පෙනෙන්නට තිබෙන බැවින් එය හොඳද? නරකද? යන්න ඔබ විසින්ම තීරණය කරන්නේ නම් වඩාත් උචිත වනු ඇත.

:       26       78

max Wednesday, 05 February 2020 12:03 PM

"කාලකන්නි" යන වදන ශබ්ද කෝෂයට ඇතුලත් වී ඇත්තේ මේ විශ්ව විද්‍යාල කාරයන් නිසා වෙන්න ඇති...

:       10       55

sampath Wednesday, 05 February 2020 12:20 PM

චීනේ ළමයින්ට ලෝකේ ආණ්ඩු සලකපු විදිහ දැක්කා නේද? මමත් වූහාන් හිටියා මීට අවුරුදු 10කට විතර කලින් එහෙ ළමයින්ට නාන්න වතුර ටිකක්, පාඩම් කරන්න විදුලිය දෙන්නේ නෑ.. මෙහෙ දරුවන්ට මොනවද අඩු..? ලෝකේ හොඳම දැනුමක් තියෙන ඉතාම තරඟකාරී විභාගයකින් සරසවි ගිහින් ජාතික ආර්ථිකයට බාධාවක් කාගේ හරි ලණු කාලා මොනවද මේ අය කරන්න මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?

:       4       95

Champa Wednesday, 05 February 2020 01:26 PM

LOL! වහල් ආණ්ඩුවත් ඕකම කරන්න හැදුවා. ඒ කාලේ හිටපු විපක්ෂය විරුද්ධ වුණා. විරෝධතාකරුවොත් විරුද්ධ වුණා. විරෝධතා කරන්න තැනක් දැන්දෙනවා. පස්සේ වෙලාවක් දෙනවා. ඊටත් පස්සේ සටන්පාඨ ටිකත් දෙනවද...?

:       22       42

de silva Wednesday, 05 February 2020 02:08 PM

උද්ඝෝෂණයට ස්ථානයක් වෙන්කරලා තිබෙනකොට එතැනට යන්නේ නැතුව දඟල දඟලා ඉඳපල්ලා... අප්‍රේල් මාසෙන් පස්සේ බොලට වෙන්නේ මුහුදේ පනින්න.. යහපාලන ආණ්ඩුව කලේ බොලගේ නැටුම් බලබල බස්වල දහදිය දමාගෙන තෙරපි තෙරපි ඉඳලා අපිට එපාවෙලා... අප්‍රේල් වලින් පස්සේ බොලාට ගහන්නේ පොලිසිය නොවේ සිවිල් වැසියන්, එතකොට බොලව් බේරගන්න පොලිසිය එන එකක් නැහැ.

:       5       67

ChampaWednesday, 05 February 2020 02:19 PM

සිවිල් වැසියෝ නම් කවදාවත් ගහන්නේ නැහැ. ඒ මොකද කිව්වා නම් මේ ඒ මිනිස්සුන්ගෙම දරුවෝ හින්දා... හැබැයි සිවිල් වෙසින් වෙන පිරිස් ගහන්න ඉඩ තියෙනවා. එතකොට ඡන්දෙ දීපු මිනිස්සුන්ට හිතෙයි වහ කන්න...

:       101       126

chinthanaThursday, 06 February 2020 07:22 AM

එජාප එක කාලයක දුම්රියේ ආව මගී ජනතාව උද්ඝෝෂකයන්ට ගැහුවා කියලත් කිව්වේ

:       1       0

ROHAN DAYADARA PARIS Wednesday, 05 February 2020 04:43 PM

ඉතා අගනා වැඩපිළිවෙලක් ගරු ජනාධිපතිතුමාට ස්තුතියි ...!!!

:       1       7

oshada Wednesday, 05 February 2020 04:45 PM

ඉතාම හොඳ අගනා වැඩපිළිවෙලක්...

:       2       5

dare Thursday, 06 February 2020 01:15 AM

උද්ඝෝෂණයක් කරපුවම ඒක මිනිස්සුන්ට දැනෙන්න එපැයි. ඒකයි පාරවල් බ්ලොක් කරගෙන දගලන්නේ. ඔය වෙන් කරපු තැන හොදයි නිහඩ විරෝදතාවයකට, උපවාසයකට වගේ.

:       1       18

de silva Thursday, 06 February 2020 05:14 AM

අද රටේ ලොකු පුටු හොබවන නිලධාරීන්ගෙන් වැඩි දෙනෙකු ඔය රජයේ විශ්වවිද්‍යාල වලින් උපාධි ලබපු පුද්ගලයන්. විශ්වවිද්‍යාලවල ඉන්න කලේ කියපු සමාජ සාධාරණත්වය, සමාජවාදය පිළිබඳ සටන් පාඨ අද ඔවුන්ට අමතක වෙලා. අල්ලස් දුෂණයෙන් ඔවුන්ගේ ඔලු උතුරලා ගිහින් ඔවුන් හරියට නීතියට අනුකුලව රාජකාරි කරනවා නම් අද ලංකාව සුර පුරයක්. අද පාරේ උද්ඝෝෂණ කරන සිසුනුත් අනාගතයේ බලයට පැමිණ කරන්නේත් ඒ දේමයි. ඉතින් මොවුන්ගේ උද්ඝෝෂණ නිසා අප මහමග දුක් විදීමෙන් ඵලක් නැත. ගහලා එළවල දමනවා හැර වෙන විකල්පයක් නොමැත.

:       1       2

Vidya Thursday, 06 February 2020 06:25 AM

ඔය නාම පුවරුවට දැමිය යුත්තේ : Agitation වෙනුවට FREE SPEECH AREA කියලා .

:       1       36

Vita Raanata Chikka Thursday, 06 February 2020 06:28 AM

උද්ඝෝෂණ කරන්නේ යමක් ලබාගන්න. ඒ ලබාගන්න දේ එක පුද්ගලයෙකුට විතරක් ලැබෙන දෙයක් නොවේ. උද්ඝෝෂණ වලට තැනක් දීලා එතන කෑ ගහල කෑගහලා ආපහු නිකම් යන්න ලෝකේ කිසිම කෙනෙක් උද්ඝෝෂණ කරන්නේ නෑ. ගොන්ද සේන ප්‍රකාශ කර කර ඉන්නවා මිසක් රටේ මිනිස්සු ගැන බලන පාටක් නෑ. ඒ අයගේ පවුල් ආයෙත් ගොඩ.

:       6       38

fasmy Thursday, 06 February 2020 07:28 AM

උද්ගෝෂණ ඇති වන හේතු සොයා බලා ඒවාට පිළිතුරු හොයනවට වඩා උද්ගෝෂණ වලට අවශ්‍ය ස්ථානයක් වෙන් කර දීමට රජය ක්‍රියාකිරීම තුලින් හැගී යන්නේ මින් පසු උද්ගෝෂණ කරලා පමණි ඉල්ලීම් දිනාගත හැක්කේ

:       2       4

chandima Thursday, 06 February 2020 03:20 PM

උද්ඝෝෂණය එකක්, ජාතික ආර්ථිකය අඩාල කිරීම තව එකක්. මේ බෝඩ් ලෑල්ලෙන් මට නම් හිතෙන්නේ කට්ටිය ළඟදීම ඇට්ටි හැලෙන්න කයි වගේ?

:       0       1

Hafeel Thursday, 06 February 2020 05:14 PM

දැන් අපි දියුණු රට. ලෝකයේ දියුණු රටවල උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානයක් නම්කර තියන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24104 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23250 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site