IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


එන්නත් දෙන්න ගෙයින් ගෙට යන්නේ මෙහෙමයි

(ප්‍රියාණි මංගලිකා)

කොරෝනා මර්ධන එන්නත් කරණ වැඩසටහන් සඳහා නිසි වාහන පහසුකම් නොමැති කමින් , වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය සභාවේ ට්‍රක් රථයකින් පැමිණෙන බව ප්‍රදේශයේ ජනතාව පවසයි.

විශාල රෝගීන් සංඛ්‍යාවක්ද වාර්තා වෙමින් ,කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින වාරියපොල ප්‍රදේශයේ ජනතාව ඉන් මුදවා ගැණීම සඳහා සෞඛ්‍ය අංශ අව්ව වැස්ස නොතකා සභාවේ ට්‍රක් රථයකින් ගොස් කටයුතු කරණ අයුරු ඉතා සංවේදී කාරණයක් බවද ජනතාව බලධාරීන්ට අවධාරණය කර සිටිති.

කොරෝනා ආසාධිතව නිවෙස් වල සිටින රෝගීන් ගේ රෝග තත්ව සොයා බැලීම සඳහාද සභාව සතු ට්‍රක් රථයකින් සෞඛ්‍ය අංශ පැමිණෙන බවද ,පවතින තත්වයෙන් නිලධාරීන්ද අපහසුතායට පත්ව සිටින අයුරු දක්නට ඇති බවද ජනතාව කියා සිටිති.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කලේ සියලු සේවා කටයුතු සඳහා එක් පැරණි ගිලන් රථයක් පමණක් ඇති බවයි.

 

 



අදහස් (25)

එන්නත් දෙන්න ගෙයින් ගෙට යන්නේ මෙහෙමයි

අජිත් Sunday, 05 September 2021 01:31 PM

සැපපහසු වාහන නැතුව ගමන් යනකොට කොන්දෙ ඩිස්ක් යනවා කියලා කවුද පාර්ලිමේන්තුවේ කිව්වා නේද? එහෙම බලන කොට දෙවිවරු වගේ මේ මිනිස්සු මොන තරම් කැපකිරීම් කරනවද? අපි සර් ගෙනාවේ මේ දේවල් වෙනස් කරයි කියලා බලාපොරොත්තුවෙන්... හැබැයි අද වෙන දේවල් දකිනකොට හරිම කලකිරීමක් ඇති වෙනවා...

:       2       72

gamunuSunday, 05 September 2021 06:37 PM

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන් සඳහා නිසිවාහන පහසුකම් නොමැති කමින්, වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය සභාවේ ට්‍රක් රථ නොව ලංකාවේ සියලු ප්‍රාදේශීය, පළාත් පාලන, පළාත් සබා මන්ත්‍රීවරු සඳහා ලබාදී තිබෙන සියලු වාහන රජයට ගෙන එම වාහනයේ රියදුරන් සමග එන්නත්කරණය සඳහා යෙදී සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන්න... සහ ඇමැතිවරු සඳහා අතිරේකව ලබාදී තිබෙන්නා වූ වාහන සහ රියදුරන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන්න. මේ අවස්ථාව රටේ ජනතාවට කැපකිරීම් කරන්න කියා රජයේ සියලු දෙනාට සැඟවී සිටීමට නොහැකිය...

:       0       20

RaveendraMonday, 06 September 2021 07:01 AM

ඔබ දෙපොළගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.... 225 ම කොදුවල තැටි සහමුලින්ම ගැලවී ගොසින් බව ඒ ඒ මුනවල් මනා ලෙස ඔප්පුකර ඇත.

:       1       3

ගමගේ ප්‍රියන්ත Sunday, 05 September 2021 01:35 PM

මාධ්‍ය ආයතනත් කැමැති යුද හමුදාවේ ඒවා රැස් විහිදගෙන ගෙයක් ගානේ යන ඒවා ප්‍රචාරය කරන්නයි. එ් වැඩ හොඳයි, සුවපහසුයි වගේම, මේ නිලධාරීන්ටත් ජාතියේම ස්තුතිය හිමිවිය යුතුයි. අඩු පහසුකමින්, අඩුවියදමින් මේ දේවල් කරනවාට.

:       2       53

Kuma Sunday, 05 September 2021 01:48 PM

පාර්ලිමේන්තුවේ මැතිඇමැතිලගේ වාහන ටික සුමානෙකට ඉල්ලගන්න ක්‍රමවේදයක් නැද්ද?

:       1       39

කිරි පුතා Sunday, 05 September 2021 01:50 PM

කාරණා දෙකක්. 1. මේ ක්‍රමය එම නිලධාරීන්ට අපහසුවක් සහ අවමන් කිරීමක්. 2 එන්නත් රැගෙන යා යුත්තේ නිවැරදි ක්‍රමවේදයකට. මේ විදිහට නොවේ. නිලධාරින් වහා නිවැරැදි කරාවි යැයිි බලාපොරොත්තු වෙමු..

:       1       23

Janahitha UAE Sunday, 05 September 2021 01:56 PM

කෝ මේ ප්‍රදේශයේ දේශපාලකයා? අපි උදව් කරන්න කැමැතියි. වාහනයක් කුලී පදනම මත ලබාදිය හැකිය.

:       7       25

Prabha Sunday, 05 September 2021 08:00 PM

ඒ අස්සේ වාහනයක් කුලියට දීගන්න හදනවද?

:       0       16

UAE ApiMonday, 06 September 2021 09:08 AM

සර්ව අසුභවාදී ආත්මාර්ථකාමී නොවෙමු අපගේ වියදමින් ලබාදෙනු ඇත.

:       1       0

janahitha UAEMonday, 06 September 2021 09:10 AM

නොදකිමු මසුරු සමාජය උදවු කරනවා වෙනුවට ව්‍යාපාරික ඉපයීමේ මනස.

:       0       1

ajantha Sunday, 05 September 2021 02:04 PM

අනේ පව් බලනන

:       1       9

geethani siriwardena Sunday, 05 September 2021 02:06 PM

අයියෝ මෙහෙමත් කරුමයක්... අවුරුදු 23ක් අයියා, මලෝ ඇතුළුවම නේද රජකම් කළේ..? පව් අප්පා. මේ මිනිස්සු විඳින දුක... කුණු ට්‍රැක්ටර් එක හොඳයිනේ...

:       8       31

kumuduni rajakaruna Sunday, 05 September 2021 02:36 PM

ඔබලා 69 ලක්ෂය රැවටිලා ඡන්දෙ දුන්නේ මෙහෙම වෙන්නද

:       10       23

BamunuarachchiSunday, 05 September 2021 08:18 PM

මම මෝඩයොත් දකිනවා නමුත් මෙහෙම...!

:       18       2

Makola Mangala Himi Sunday, 05 September 2021 04:10 PM

රටට විහිලු සපයන්නෙ නැතුව ඉනන තමයි තියෙන්නෙ

:       0       1

Ishan Sunday, 05 September 2021 04:11 PM

ගිනි අව්වෙ මෙහෙම සේවකයො කටු කාගෙන බෙහෙත් ගහද්දි, එන්නත් වල ප්‍රමිතියක් තියෙනවාද?(උෂ්ණත්වය), ඇ‌ත්තටම අඩුම ඒ‌සී තියෙන වෑන් කටුවක් වත් නැද්ද?

:       0       23

Bamunuarachchi Sunday, 05 September 2021 04:39 PM

තියෙන සම්පත්වලින් වැඩ ටික කරන විදිහ දැක්කාම අනුකම්පාව මුසු සතුටක් එනවා. මේ ගොල්ලන්ටම සතුටක් එනවා ඇති අපි මෙහෙම වැඩකරලයි මේ ලෙඩේ මර්දනය කලේ කියලා. ඒත් මුහුණට දමන්න මාස්ක් එක බෙල්ලට දාගෙන ඉන්න ගොයියන් දැක්කාම මේ අය තමයි කොරෝනා කියලා හිතෙනවා...

:       14       5

KamalSunday, 05 September 2021 06:14 PM

ඔයා වලව්වේ වහල් මහත්තයෙක් නේද?

:       3       15

BamunuarachchiSunday, 05 September 2021 08:13 PM

අහන්නකො

:       5       0

BamunuarachchiSunday, 05 September 2021 08:42 PM

ගෙදර එක්කෙනාගෙන් අහන්න..

:       5       2

nihal Sunday, 05 September 2021 05:57 PM

ගො.රා., ම.රා., බැ.රා. බලපල්ලා මේවා... අපේ රටේ සල්ලි පිල්ලි ගහනවා...

:       3       18

gunarathna Sunday, 05 September 2021 07:07 PM

මමනම් කියන්නේ අදාළ පළාතේ ඉන්න වාහන හිමියන්ට කතාකරලා වාහනයක් ගන්න කියලා. මම කැමැතියි මගේ වාහනේ දෙන්න කිසිම කුලියක් නැතිව ... මට ඩීසල් ගහලා දෙනවා නම් මම රියදුරු හැටියට වුණත් යන්න කැමැතියි. රජයෙන් දැනුම් දීමක් කරන්න ඕනේ තමුන්ගේ කැමැත්තෙන් වාහන දෙන්න පුළුවන් අයට ඉදිරිපත් වෙන්න දෙන්න කියලා. මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් මෙපමණයි.

:       0       12

ayiris Sunday, 05 September 2021 07:25 PM

මේවාට කඩායෑම්වලට... පොලිසියේ, හමුදාවේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ වාහන පහසුකම් ලබාදෙන්න බැරි ඇයි?

:       1       2

Anura Sunday, 05 September 2021 07:34 PM

මුදල් ඇමැතිතුමා හදිස්සේ කොරෝන මර්දනය කරන්න කැබ් රථ විශාල ප්‍රමාණයක් ගෙන්නුවේ මේ ගොල්ලොන්ට දෙන්න වෙන්න ඇති , ඒ වාහන ටික ලැබෙනකන් ඉවසලා ඉන්න...

:       0       9

Mahesh Monday, 06 September 2021 07:23 AM

මැති ඇමතින්ට දීලා තියෙන සැප වාහන මේ සඳහා දුන්නම් හරි.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6189 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7640 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18280 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1256 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9438 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 594 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site