(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව පරණ එළුවන්කුලම කුඹුරු තුළ ඇති දැවැන්ත වසර සිය ගණනක් පැරණි කුඹුක්, මී, නුග ඇතුළු ඇතුළු වෘක්ෂයන් කුඹුරු හිමියන් විසින් ගිනි තබා වනසා දමා ඇති බව පරිසර සංවිධාන චෝදනා එල්ල කරති.
පරිසරවේදින් පවසන්නේ පරණ එළුවන්කුලම හා තවුසමඩුව කුඹුරු හිමියන් වන සතුන් තම කුඹුරුවලට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම දැවැන්ත සංහාරය සිදුකර ඇති බවයි.
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරණ එළුවන්කුලම ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි මෙම කුඹුරු යාය අක්කර 500 කට වැඩි ප්‍රමාණයකින් යුක්තය. අදාල කුඹුරු යාය විල්පත්තුව ජාතික වන උද්‍යානයට ඉතා ආසන්නයේ පිහිටා ඇති අතර එම පරිසර පද්ධතිය තුළ සැරිසරන පක්ෂීන් මෙම කුඹුරුවල ඇති දැවැන්ත ගස් තුළ බිජු දමන බවද ඔවුහු කියති.
දිගින් දිගටම නීතිවිරෝධීව සිදුකරන විනාශයට කිසිදු රජයේ නිලධාරියකු මේ වන විටත් කිසිදු අවධානයක් යොමු කර නැති බව ද මෙම කුඹුරු යායේ එක් කොටසකට කිසිදු නීත්‍යානුකුල අයිතියක් පවා තවමත් නොමැති බව පරිසරවේදීහු චෝදනා කරති .
මේ පිළිබදව කල විමසිමේදි පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් පාලිත සේනාධිර මහතා ගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.
“කිසිම ආකාරයකින් කුඹුරක හෝ වෙනත් තැනක මේ ආකාරයට ගස් ගිනි තැබීමටත් විනාශ කිරීමටත් කිසිම අයකුට නීතිමය අවසරයක් නැහැ. ඒ නිසා මම කඩිනමින් මේ තත්වය සොයා බලනවා’’ යැයි පැවසිය.
වනතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා මෙසේ කීය.
“පරිසර කමිටුවේ අවසරයකින් තොරව කුඹුක් වගාවට හානි කියලා විනාශ කරන්න හැකියාවක් නැහැ" යැයි ඔහු පැවසිය.
මේ පිළිබදව කල විමසිමේදි පුත්තලම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජීනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“එක් වතාවක් මේ කුඹුරු වලට ජලය ලබා දෙන නෙළුම් වැව ආසන්නයේ තිබු කුඹුක් ගසකට ගිනි තියලා මම ඒ පිළිබදව අවවාද කළා. අපි නැවත සොයා බලන්නම්. කිසිම ලෙසකින් මේ පරිසර පද්ධතිය විනාශ කරන්න ඉඩ නැහැ" යැයි ඔහු පැවසිය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එළුවන්කුලමේ වසර සිය ගණනක් පැරණි ගස් ගිනි තබා වනසති
Chandima Sunday, 25 October 2020 07:09 PM
මින් පස්සේ එ් කුරුල්ලන් හතර අතේ නොයා වනෝද්‍යානය අතුළේ තියෙන ගස්වලම බිත්තර දායි.
Dimuthu Monday, 26 October 2020 01:07 AM
මා දන්නා ආකාරයට ලංකාවේ පහළ වූ කිසිම ආණ්ඩුවක් මේ තරම් පරිසර විනාශයක් වනතුරු බලා සිට නැත. මේ මරා දමන්නේ අපේ මුතුන්මිත්තන් විසින් අනාගත පරපුර උදෙසා දායාද කළ අතිශය වටිනා, කිසිම විටකදී නැවත පන දිය නොහැකි ජාතික සම්පත් වේ. කපා දමා ඇති එක ගසක වටිනාකම ගස් 1000 ක් සිටවූවත් ලබා ගත නොහැකි බව නම් පැහැදිලිවම කිව හැකිය.
Pradeep Monday, 26 October 2020 05:21 AM
දිලීප මහත්තයෝ විනාශ කරන්න දෙන්නෙ නෑ කිව්වට දැනටම විනාශ කරලා ඉවරයි නේද?