(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේදී සුඛෝපබෝගී බස් රථයකට වන අලි රංචුවක් පහර දීමෙන් එහි ගමන් ගත් හත් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය කියයි.
මහනුවර සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී පෞද්ගලික බස් රථයක් වේගයෙන් ධාවනය වෙමින් තිබියදී කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේදී එක වරම වන අලි පහළොස් දෙනෙකුගෙ පමණ රංචුවක් ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී මෙම බසය අලි රංචුවේ හැපී මෙම අනතුර සිදු වී ඇත.
අනතුරින් පසු කළබල වු අලි රංචුව බසයට පහර දී තිබේ.
අනතුරින් පසුව බස් රථය පැදවූ රියදුරු රිය අසුනේම සිරවී විනාඩි 35 ක පමණ කාලයක් සිටියදී ප්‍රදේශවාසීහු දැඩි පරිශ්‍රමයක් යොදා සිරවී සිටි ඔහු එළියට ගෙන කැකිරාව රෝහලට ගෙන ගොස් තිබේ.
නිතර අලි හුවමාරු වන ප්‍රදේශයක් වන මෙම ස්ථානයෙ මීට පෙරද අනතුරු සිදු වී ඇතැයි ප්‍රදේශවාසිහු කියති.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කැකිරාවේදී බසයකට වන අලි ප්‍රහාරයක්- 6ක් රෝහලේ
ලුම්බිණි Wednesday, 04 April 2018 04:58 AM
එදා ඉංගිරිසි මිනිසුන් කළා වගේ අද මොකද නිතර අලි මාරු වෙන තැන් වලට පොලොව යටින් පාරක් (බෝක්කුවක්) හදන්න බැරි?
Udarath Wednesday, 04 April 2018 05:04 AM
අධිකරණ නියෝගයකින් ඉබ්බන් 12 දෙනෙකුට අභය දානය දුන්නා වගේ
sri Wednesday, 04 April 2018 06:37 AM
හයිවේ වගේ මේ වගේ තැන වල වේගය නිරීක්ෂණය කරන උපකරණ සවි කරන්න එවිට රියදුරෝ දඩ කොලේට බයේ වත් හෙමින් යයි වන සත්තු අනතුරු වෙන එක නැති නොවුනත් අනතුරු වල අවමයක් අපේක්ෂා කරන්න පුළුවන්
sam Wednesday, 04 April 2018 07:29 AM
ඉදිරියේ ඇති බාධකයක නොගැටී රිය නවතා ගත හැකි වේගයකින් රිය නොපැදවීම වරදක් . අලි පාර හරහා මාරු වෙනකොට වේගෙන් ගිහිල්ලා අලින්ව හැප්පුවාට මේ රියදුරාට දඬුවම් කල යුතුයි .
val ali Wednesday, 04 April 2018 08:31 AM
අපේ කට්ටිය හැප්පුවොත් අනිවාර්යෙන්ම පහර දෙනවා. අපිට අහසින් යන්නද කියන්නේ...