හිරාන් ප්‍රියංකර ජයසිංහ
වසර 10 කට ආසන්න කාලයකින් පසු ආරච්චිකට්ටුව විජය කටුපොත වැව අධික ජල කදක් මුදා හරිමින් වාන් දැමීම අද (22) සිට ආරම්භ වී තිබු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එච් .චිත්‍රානන්ද මහතා පවසයි.
මෙම වැව පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල වපසරියකින් යුතු වැවකි. ඉකුත් 20 වැනි දා සිට ආඩිගම සහ රස්නායක ප්‍රදේශ වලට පැවති මහ වැසි සමඟ ගලා ආ දැවැන්ත ජල කද විජය කටුපත වැව පිරි යාම සිදුව තිබිණි.
අඩි 200 කට දිගින් යුත් වානකින් යුත් විජය කටුපොත වැවේ ඊයේ (21) වන විට අඩි හයකට ආසන්න දැවැන්ත ජල කදක් ගලා යාම සිදුව තිබු නමුත් සවස් වන විට එය අඩි 4 කට පහකට අඩුවී තිබු බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
විජය කටුපත වැවට ඉහළ ප්‍රදේශ වලින් ගලා ආ ජලයත් සමඟ ඉහළ ප්‍රදේශ වල සත්ව ගොවිපල වල ගාල් කර තිබු ගවයින්, එළුවන් සහ ඌරන් 100 ගණනක් ගසා ගෙන ආ බවත් එයින් වැඩි සතුන් ප්‍රමාණයක් මරණයට පත්ව තිබු බවත් එම සතුන් වාන් ජලයට එක් කර පහළ ප්‍රදේශ වලට ගසා ගෙන යාමට තරුණ පිරිස් කටයුතු කර තිබු බව ජනතාව පවසයි.
කටුපත වැවේ වාන් ජලය හේතුවෙන් පහළ නිම්නයේ ගම්මානවල නිවාස 20 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටව තිබු අතර එම පිරිස් ආරක්ෂිතව විජය කටුපොත විහාරස්ථානයට හා දේවස්ථානයට යොමු කර රඳවා තිබු අතර ඔවුන් සඳහා සහන කටයුතු සලසා දී තිබේ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කටුපොත වැව වාන් දමයි