IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කණු කන්දෙන් ආරක්ෂා වෙන්න යුද හමුදාවෙන් වේල්ලක්

(චිත්මි චේතාරි)
මීතොටමුල්ල කුණු කන්ද තවදුරටත් කඩාගෙන ඒම වැළැක්වීමට යුද හමුදාව පස් යොදා ගනිමින් ශක්තිමත් වේල්ලක් ඉදි කිරීමට පියවරගෙන ඇත. නාය ගිය නිවාස ආසන්නයේ එම වේල්ල ඉදිකර ඇත්තේ ඉදිරි ආරක්ෂක පියවරක් ලෙසිනි. ජපානයේ සිට පැමිණි විශේෂ කණ්ඩායමද එම ප්‍රදේශයට ගොස් නිරීක්ෂණය කළේය.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ද මේ වන විට විසන්ධි වූ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදමින් සිටියි.  සිංහල අලුත් අවුරුද්දා  සවස කන්ද නාය යාමෙන් නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වූ අතර මියගිය ගණන 33 ක් යයි නිල වශයෙන් කියැවිණ. තවත් පිරිසක් අතුරුදහන්ව සිටිති.



අදහස් (9)

කණු කන්දෙන් ආරක්ෂා වෙන්න යුද හමුදාවෙන් වේල්ලක්

asanka Saturday, 22 April 2017 09:37 PM

කුණු කියන්නෙ වෙන රටවලට සම්පතක්. ලෝකයේ වෙනත් රටවල් කුණු ප්‍රතිචක්‍රීකරණය කරල නොයෙක් භාණ්ඩ නිෂ්පාදනය කරල ලාභදායී ව්‍යාපාර ලෙස ඒවා පවත්වාගෙන යනවා. අඩුතරමින් තම තමන්ගෙ ගෙවල්වල ඇති කාබනික අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් පොහොර හදන්නත් පුළුවන්. එවිට දිනපතා එකතුවන කුණු ප්‍රමාණය අඩුවෙනවා. එවිට ඉතුරුවෙන්නෙ පොලිතීන් විතරයි. පොලිතීන් ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීමෙන් නොයෙක් භාණ්ඩ නිපදවන්න පුළුවන්. පොලිතීන් අද බලශක්තිය උත්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය ලෙස ලෝකයේ බොහෝ රටවල් භාවිත කරනවා. නමුත් අපේ රටේ ඒ කිසිවක් ක්‍රියාත්මක කරන්නෙ නෑ.

:       0       4

Palitha Galapitiya-Japan Sunday, 23 April 2017 01:56 AM

අභ්‍යන්තරයේ හටගන්නා මීතේන් වායුව පිටතට ගැනීමට ක්‍රමවේදයක් සැලසුවේ නැති නම්... නැවතත් මහා පිපිරීමක් හෝ ගිලාබැසීමක් වියහැකියි.

:       0       8

perera Sunday, 23 April 2017 02:31 AM

පස්කන්ද ඔතනම තුනී කරලා උඩින් පස් දාලා වහල දැම්ම නම් මුදලුත් ඉතුරුවෙනවා. පහසුව සහ වෙනත් පැතිවල උද්ඝෝෂණත් නතර වෙනවා. ඒකට ටික කාලයකදී දිරාපත් වෙනවා.

:       25       11

SusilMonday, 24 April 2017 01:50 AM

හොඳ අදහසක්, පිලිවෙලකට පස් තට්ටුවකින් වහල දැම්මනම් අවුරුද්දකින් විතර කොම්පොස්ට් කන්දක් ගන්න හැකිවේවි.

:       3       11

sunil wijesena Sunday, 23 April 2017 05:16 AM

ගිය ආණ්ඩුවෙන් හමුදා සෙබළුන් ලවා කුණු අද්දනවා කියල ලොකුවට කෑ ගහල දැන් කෙලින්ම සෙබළු කුණුගොඩට දාල... මේවට රැවටෙන අය ඉන්නේ ලංකාවේ විතරමද?

:       66       183

wilkin jayakody Sunday, 23 April 2017 08:03 AM

අපේ ගෞරවනීය හමුදාවන් ඇත. අවංකවම එය කරනවා. මගේ අාචාරය ඔවුනට.... සහභාගී උන නොවුණ සියලු දෙනාටම...

:       0       76

da silva berlin Monday, 24 April 2017 07:54 AM

සුනිල් ඕක පස් වලින් වහල දැම්ම කියල කොම්පෝස්ට් කන්දක් වෙන්නේ නැහැ ඕක ඇතුලේ තිබෙන ප්ලාස්ටික්, පරණ ටයර්, පොලිතින් වැනි දේවල්, තව අවරුදු 50 ක් ගියත් දිරාපත් වෙන එකක් නැහැ, නමුත් දැනට පස් තට්ටුවකින් ඕක වහල ඊට උඩින් පොලිතින් ආවරණයක් යොදලා... තව අවුරුද්දකින් විතර පොලිතින් ආවරණය ඉවත් කරනවා.. හැරෙන්න වෙන විසඳුමක් දැනට නැහැ. වෙන රටවලත් හමුදාව හදිසි අවස්ථාවලදී අපදා කළමනාකරණ කටයුතුවලට යොදා ගන්නවා. ඒක වැරදි විදියට අර්ථ කථනය කරන්න එපා..

:       0       16

නුමා Tuesday, 25 April 2017 08:54 AM

ශක්තිමත්ව හදනවා කියන එකේ, ආයෙම කුණු දාන්නත් බැරි වෙන එකක් නැහැ. - පාර්ලිමේන්තුවේ අවධානය පිණිසයි

:       0       0

KK.Perera Wednesday, 26 April 2017 01:00 AM

මෙම කුණු කන්ද පොලිතීන් ආවරනය කිරීමෙන් මෙටින් වායුව කන්දෙන් පිටවීමට නොහැකි වීම හේතුවෙන් නැවතත් පිපිරීමට ඉඩ ඇත.මීට හොදම විසදුම තුනී කිරීම හෝ ඉවත් කිරීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6541 17

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6229 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7658 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18306 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1277 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9454 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site