(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.
ගත වූ පැය 24 තුළ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 8.3 කින්ද ඉහළ ගොස් ඇති අතර එහි මේ වනවිට සමස්ත ජල ධාරිතාව 51% දක්වා ඉහළ ගොස් ඇති බවත්, කාසල්රි ජලාශයේ ජල ධාරිතාව අඩි 8 කින් ඉහළ ගොස් එහි සමස්ත ජල ධාරිතාව 37% දක්වා ඉහල ගොස් ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 2ක් තවදුරටත් විවෘත කර ඇති අතර එම ජල පෝෂක ප්‍රදේශයට තවදුරටත් වැසි ලැබුණහොත් සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම විදුලි බලාගාර ඉන්ජිනේරුවරු ඉල්ලා සිටිති.
මේ අතර ඊයේ (19) රාත්‍රියේ මධ්‍යම කඳුකරය හරහා හමා ගිය දැඩි සුළඟ හේතුවෙන් අධිබලැති විදුලි රැහන් පද්ධති මතට විශාල ගස් අතු කඩා වැටීම හේතුවෙන් විදුලි රැහන්වලට අලාභ හානි සිදු වි ඇති බවත්, එම තත්වය මත හැටන්, බගවන්තලාව, නොර්වුඩ් ඇතුළු ප්‍රදේශ රැසක විදුලි බලය ඇණ හිට ඇති බවද විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.
එසේ ඇණහිට ඇති විදුලි බලය කඩනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
කොත්මලේ
මවුස්සාකැලේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොත්මලේ ජලාශයේ වාන් දොරටු 2ක් අරියි