IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කාදිනල්තුමෝ පාප්වහන්සේ හමුවෙති

 

(ඩයනා උදයංගනී)

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අතර හමුවක් වතිකානයේ ශුද්ධ වූ ශාන්ත පේදුරු බැසිලිකාවේදී එරට වේලාවෙන් අද පෙරවරු 10.30 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට පමණ) පැවැත්විණි.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ එල්ල වී වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි වින්දිතයන්ට ශ්‍රී ලංකාව තුළදී සාධාරණය ඉටුකරගැනීමට හැකිවේද යන්න පිළිබඳව සැක සංකා මතුව ඇති බැවින් ඒ සඳහා ජාත්‍යන්තරයේ සහය පැතීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් මෙහිදී කාදිනල්තුමන් පාප් වහන්සේ වෙත කරුණු සැලකිරීමට නියමිතව තිබූ බව ජේ.ඩී ඇන්තනී කොළඹ සහායක රදගුරුතුමෝ පැවසූහ.

වසර තුනකට ආසන්න කාලයක් ගතවීත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරගැනීමට නොහැකිවීම, සාධාරණය ඉටුකරගැනීම සඳහා ශ්‍රී ලාංකික කතෝලික ජනතාව ගෙනයන අරගලය, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව මේ දක්වා ගෙන ඇති පියවරයන් ආදිය සම්බන්ධයෙන් මෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට ගෙනඒමට අදාළ පාර්ශව දක්වන උදාසීනත්වය පිළිබඳව ද කාදිනල්තුමන් පාප්වහන්සේ දැනුවත් කිරීමට නියමිතව සිටි බව ජේ.ඩී ඇන්තනී සහායක රදගුරුතුමෝ කීහ.

සහායක රදගුරුතුමන් මේ බව පැවසුවේ, කොළඹ අගරදගුරු මැදුරේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (4)

කාදිනල්තුමෝ පාප්වහන්සේ හමුවෙති

Bamunuarachchi Tuesday, 01 March 2022 09:39 AM

කාදිනල්තුමෝ මේ රටේ පවතින්නේ බයිබල් නීතිය නොවෙයි, රෝම, ලන්දේසි නීතිය. රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කිරීම පොලිස් හා නීතිපති දෙපාර්තමේන්තුවලට පවරලා තිබෙනවා. ඒ අනුව ඔවුන් ක්‍රියා කරනවා. ඒවා ඔබට ඕනෑ ආකාරයට වෙනස් කරන්න බැහැ. කළොත් රජය පොලිස් හා නීතිපති දෙපාර්තමේන්තුවල ඇඟිලි ගැසුවා වෙනවා. අවුරුදු දහස් ගණනක් පැරණි ඔබලාගේ පාරම්පරික ආගමික අරගල අපිට විසඳන්න පුළුවන් කමක් නැතිබව තේරුම් ගන්න. ඒ සඳහා බෞද්ධයින් බිලිදීමට අපිට පුළුවන් කමක් නැත. ඔබ ටාගට් කරන්නේ මෛත්‍රීපාලව නම් ඔබලාගේ අරගල නොනැවැත්තුවා කියලා ඔහුව බිලිදීමට අපි සුදානම් නැත. ඔබ හදන්නේ ප්‍රහාරය කරපු හම්බයින් බේරාගෙන බෞද්ධයින් බිලි දෙන්නයි...

:       0       0

uk ran Tuesday, 01 March 2022 09:51 AM

බොරු කේලම් කියලා රට පාවලා දීලා සල්ලි කුට්ටියක් අරන් යයි. එයාලගේ කට්ටියට බෙදන්න.

:       0       0

Pradeep Kumara Tuesday, 01 March 2022 10:46 AM

මම බෞද්ධයෙකු වුවත් ඔබ වහන්සේ මේ ගෙන යන අරගලයට සහාය පළකරමි. බෞද්ධයන් වන අප කිසිවෙකුට හෝ හිංසා පීඩා කිරීම අනුමත නොකරමු. පවතින නීතිය තුලින් සාධාරණයක් ඉටු නොවුණත් සොබාදම් නීතියෙන් මීට වගකිව යුත්තන්ට ගැලවීමක් නොලැබෙනු ඇත.

:       1       5

dickie bird Thursday, 03 March 2022 05:14 PM

කාදිනල්තුමා තම ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කළාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36527 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site