IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කමාන්ඩෝ භටයෝ 157 ක් විසිර යති

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂිත ක්‍රියාන්විත රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් මනා පුහුණුවක් ලැබු කමාන්ඩෝ භටයින් 157 දෙනෙකු කමාන්ඩෝ නිල ලාංඡන සහ ‘මෙරූන් හිස්වැසුම්’ පැළඳ විසිරයාමේ උත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද  හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.    

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 48-ඩි සහ 48-ඊ යටතේ පුරා මාස 18 කට අධික කාලයක් උපදේශකයින් රැසකගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ට වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් අසමසම හැකියාවන්ගෙන් යුත් නිලධාරින් 13 දෙනෙකු සහ සෙසුනිලයින් 144 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය දැකබලා ගැනීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විසිරයන කමාන්ඩෝ භටයින්ගේ දෙමාපියන් සහ ඥාතී හිතමිත්‍රාදීන් පිරිසක් සහභාගි වූහ.   

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ප්‍රධාන දොරටුව අභියසදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කමල් ධර්මවර්ධන සහ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජනක සමරසේකර විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය යුද හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය. 

ඉන් අනතුරුව සම්මාන පෙළපාලියේ අණදෙන නිලධාරිගේ ආරාධනයෙන් යුද හමුදාධිපතිතුමන් විසිරයන කමාන්ඩෝ භටයින්ගෙන් සැඳුම්ලත් සම්මාන පෙළපාලිය නිරික්‍ෂණය කළේය. ඉන් පසුව විසිරයන කමාන්ඩෝ භටයින් සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය යුද හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය. 

දුෂ්කරවුත්, කටුකවුත්, විශේෂිත වු පුහුණුවක් හදාරා විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙකු වෙමින් දේශයේත්, ජාතියේත් වගකීම් ඉටුකිරීමට ‘නොහැක්කක් නොමැත’ යන ආදර්ශ පාඨය පෙරදැරීව කමාන්ඩෝ රෙජිමේන්තුව සමඟ එක්වු අභීත පුතණුවන්ට කමාන්ඩෝ ලාංඡනය ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ ළඟම ඥාතීන්ගේ සුරතින් පැළඳ වූහ. 

සුවිශේෂි පුහුණුවක් හැදෑරීමෙන් අනතුරුව විශිෂ්ටයෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වීම සංකේතවත් කරමින් ලෝකයේ විශේෂිත හමුදා සෙබලුන් පමණක් පළදින ‘මෙරූන් හිස්වැසුම’ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ එක්ව කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි විසිරයන කමාන්ඩෝ භටයින්ට ප්‍රදානය කළහ.

ඉන් අනතුරුව, පුරා මාස 18 කට අධික කාලයක් පැවති කමාන්ඩෝ පුහුණු පාඨමාලාවේ විශිෂ්ටයන් අතරින් විශිෂ්ටයින්ට කුසලාන සහ සහතික පත් පිරිනැමීම යුද හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදුවිය. 

පාඨමාලාවේ දක්‍ෂතම කමාන්ඩෝ භටයාට සහ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මාන ලුතිනන් ටි.එම්.සී.එම්.බී. තෙන්නකෝන් හිමිකරගත් අතර දක්‍ෂතම ශාරීරික යෝග්‍යතාවය හෙබි සිසුවා ලෙස ලුතිනන් සී.එල්. ජයතුංග සම්මාන හිමිකරගත්තේය.

 



අදහස් (5)

කමාන්ඩෝ භටයෝ 157 ක් විසිර යති

Nitro Monday, 21 February 2022 02:49 PM

අංක එක හමුදාව ශ්‍රී ලංකා හමුදාවයි.

:       14       18

Don perea Monday, 21 February 2022 03:33 PM

මෙච්චර හමුදාවක් මොකටද?

:       26       16

kumaraTuesday, 22 February 2022 11:12 AM

ඔයා ජවිපයද?

:       0       0

kamalTuesday, 22 February 2022 11:14 AM

නිදහස් දාට සැලියුට් ගස්සවාගන්න කට්ටිය ඕනෑනේ.. ඒකයි...

:       1       0

ලුම්බිණි Tuesday, 22 February 2022 05:02 AM

දැන්වත් හමුදාවට බඳවා ගන්න එක අඩු කලොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36520 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24206 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 530 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site