(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනාවෙන් ආරක්ෂා වීම සඳහා ඉදිරියේදී ලබාදීමට නියමිත ඔක්ස්ෆර්ඩ් සෙනාකා එන්නත දීම සම්බන්ධයෙන් පෙරහුරුවක් අද (23) පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මීට සමගාමීව පිළියන්දල දිසා රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ දී ද මෙම වැඩසටහන පැවැත්වුණි.
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 50 දෙනෙකුට ආසන්න පිරිසක් තෝරාගෙන මෙම පෙරහුරුව කළ බවත් ඉදිරියේදී ප්‍රජා දායකත්වය ලබාගෙන මෙම වැඩසටහන දියත් කිරීමට නියමිත බවත්, එන්නත දීමේදී නිර්ණායක හා මාර්ගෝපදේශ හඳුනා ගැනීම සඳහා වූ පූර්ව සූදානමක් ලෙස මෙම පෙරහුරුව කළ බවත් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
මෙහිදී සමාජ දුරස්ථභාවය , මුඛආවරණ පැළඳීම, දෑත් පිරිසුදු කිරීම ඇතුළු ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුගතවෙමින් එම පෙරහුරු වැඩසටහන පැවැත්වුණි .
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සුෂී පෙරෙරා මහත්මිය, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාක් ද සිල්වා ඇතුළු නිලධාරිහු සහභාගී වී සිටියහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොරෝනා එන්නත දීමේ පෙරහුරුවක්
APPUHAMY Sunday, 24 January 2021 06:07 PM
පෙර සූදානම කළමනාකරණයේ යතුරයි. අපේ සෞඛ්‍ය සහ ආරක්ෂක බලමුළුවේ මෙම මැරතන් ධාවනය සාම්ප්‍රදායික කි.මී .42.195ට වඩා දුර ගියා වූ ගව්වෙන් ගව්වද ඉක්මවන සුලු අජානීය අශ්වයාද පරයා දිවෙන්නා වූ අපමණ දුක්ඛ දෝමනස්සයන්ද ඉවසමින් කෙරෙන්නාවූ මේ සා උත්කෘෂ්ඨ මෙහෙවරට කඩවර ශක්තිය ලැබේවා!!! යි ආශිර්වාද කරමු...