IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


කරුවලගස්වැව ගොවීහු වැසි පතා දෙවියන් යදිති

(ජයරත්න වික්‍රමාරච්චි)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ජලගැලීම් හා නායයෑම් ඇතිවන තරමට පවා වර්ෂාව ඇද වැටුණද රටේ ආහාර නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන රජරට ප්‍රදේශයට දැනට වසර එකහමාරක පමණ කාලයක සිට පවතින දැඩි නියගය තවදුරටත් පැවතීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවිහු අසරණ වී සිටිති.

නියගය නිසා කන්න තුනක් තිස්සේ එම වගාවන් ඇණ හිට ඇති අතර ප්‍රදේශයේ ජලාශ කීපයක් හැරුණුකොට අන් සියලුම ජලාශ පතුලටම සිඳී ගොස් ඇත. ළිංවල තත්වයද එසේමය. ඔවූහු තවදුරටත් මහවැසි බලාපොරොත්තුවෙන් සිටිති. එහිදී මහවෙහෙරබැඳිවැව ගොවීහු පිරිසක් වැසි ඉල්ලා දේව කන්නලව්වක යෙදුණු අයුරු සහ නෙළුම් අල ගැලවීමට උත්සහ කරන අයුරු දැකගත හැකිවිය.

 



අදහස් (11)

කරුවලගස්වැව ගොවීහු වැසි පතා දෙවියන් යදිති

Nuwan Sunday, 22 October 2017 10:31 AM

දේව කන්නලව්වකින් වැසි ලැබෙන්නේ නැහැ. මෙච්චර දියුණු කාලෙක රජයට බැරිද ක්ලවුඩ් සීඩින් තාක්ෂණය මගින් මේ ප්‍රදේශයට වැස්ස ලබාදෙන්න? බොහෝ රටවල කරනවා වගේ ....

:       205       216

Pradeep LiyanageMonday, 23 October 2017 01:24 PM

ඔයා කියනදේ හරි. ඒත් මේ අහිංසක මිනිස්සුන්ට ඔය දේවල් තේරෙන්නේ නෑනේ. ඒවා කරන්න ඕන රාජ්‍ය මැදිහත්වීමකින්. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ එල්ලෙනවා වගේ මේ අහිංසක මිනිස්සු තමන්ට පුළුවන් දේ කරනවා.

:       0       13

Kumari Sunday, 22 October 2017 10:32 AM

ලෝකේ වටා සවාරි යන රටේ නායකයින් තවමත් අවබෝධයක් ලබාගෙන නෑ කොහොමද ලෝකේ අනිත් රටවල් පරිසරයත් එක්ක ගනුදෙනු කරන්නේ කියලා. මා දන්නා තරමින් බොහෝ රටවල ධනපතියන් ජීවත්වන්නේ පිටිසර බදවයි. ඔවුන් තමයි රටේ ඉහළම අාදායම් ලාභීන්. එනිසා ඔවුන් රැකගැනීම, ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම රටේ යුතුකමක්. ඔවුන් රටේ අදායම සොයාදෙන්නේ පරිසරයත් එක්ක ගනුදෙනු කරලා. අපේ රටේ මිනිසුන්ගෙන් රජය ගනු පමණක් ක්‍රියාත්මක කළාට, දෙනු ක්‍රියාත්මක නොවන නිසා ස්වභාව ධර්මයෙන් දෙන දඬුවම් අහිංසක, දුප්පත් මිනිසුන් විඳවන්නේ.

:       0       364

lal Sunday, 22 October 2017 11:25 AM

සිරිසේන මහත්තයෝ නරකද ව්‍යවස්ථාව සහ හොරු ඇල්ලීම පැත්තකින් තියලා තෙත් කලාපයේ අපතේ යන වතුර යන්ත්‍රානුසාරයෙන් වියළි කලාපයට පොම්ප කලොත්. සම්ප්‍රදායික ක්‍රමවලින් මිදිලා අලුත් විදිහට සැලසුම් කරන්න. යන වියදම යුද වියදමට වඩා අඩුවේවි. එතකොට මිනිස්සුන්ට කරන්න වැඩ තියනවා. සංහිඳියාව ඉබේම ඇතිවෙනවා. මෙහෙම කියන්නේ ඔබතුමා ගොවියෙක් කියන නිසා. රනිල් මහතාට ඕවා තේරෙන්නේ නෑ.

:       4       50

Matipahana Sunday, 22 October 2017 11:32 AM

මොන තරම් ප්‍රාථමික නොදියුණු තත්වයක අපි ඉන්නවද කියල තේරෙනවා මේවා දැක්කම. කන්නලව් කළාට වැස්ස ලැබෙන්නේ නැති බව ඕනෑම මොලේ තියෙන කෙනෙක් දන්නවා. ඒ වුණාට මේ මිනිසුන්ගේ අසරණ කමට කවුරු හරි කියන මොනවා හරි කරනවා වැස්ස ගන්න. එහෙම කරලා හිතට පොඩි අස්වැසීමක් ලබා ගන්නවා "එකත් කරා" කියල. තාවකාලිකව තමන්ව සනසගන්න කරන වැඩ. වැස්සේ නැත්නම් කියනවා දෙවියෝ හොඳටම කෝප වෙලා කියලා.

:       22       37

Kumari Sunday, 22 October 2017 11:33 AM

නෙලුම් අල කියන්නේ මොනවද කියල අද බොහෝදෙනෙක් දන්නවා දියවැඩියාවට හොඳ නිසා. එ්ත් උයන්න දන්නෙන් නෑ. සුපර් මාර්කට් එකෙන් ඉංග්‍රීසියෙන් බඩු ගෙනත් උයන්න ඉගෙන ගන්න ඉංග්‍රීසියෙන් පන්ති ගිය අපිට වැරදිලා කියලා දැන් අපිට තේරෙනවා. මහපොළවෙන් සමාව ඉල්ලුවත් අපේ වැරදිවලට සමාව ලැබේද?

:       25       489

RaveendraSunday, 22 October 2017 12:41 PM

කුමාරි මහත්මිය...මෙනෙවිය වෙත, ඔබගේ කාලෝචිත අදහස් වලට අපද එකඟ වන්නෙමු. නෙලූම් අල කෙසේවෙතත් පොලොස් මාළුව ගැනවත් නොදන්නා අය එමටයි. නමුත් එසේ නොදන්නා කමත් යම්කිසි උජාරුවක් සේ සලකන කොටස් වැඩියෙන් සිටින නවපරපුර කෙසේ මේවා අවබෝධ කරගන්නේද යන්න කිසිවකුට කිව නොහැක.

:       0       168

ruchiSunday, 22 October 2017 01:39 PM

හැබැයි අපේ රට පුංචි රටක් නිසා ඔය වාන් දොරටු ඇරල මුහුදට යවන වතුරටික වර්ෂාව නොලැබෙන පැතිවලට බෙදා හැරීමට වැඩපිළිවෙලක් ලබාදීමට කිසිම දේශපාලකයකුට අවශ්‍ය නැත. ඒ වගේම පායන කාලෙට ඔය වැව් හාරලා වැඩි වතුර ප්‍රමාණයක් රඳවාගන්න කිසිවෙකුට උවමනාවක්ද නැත. සියල්ලෝ අහස දිහා උඩබලා සිටිත්.

:       0       85

Kumari Sunday, 22 October 2017 03:20 PM

රවීන්ද්‍ර මහත්මයා, ඔබේ අදහස හරි. මේ මගේ සැබෑ අත්දැකීමක් මීට අවුරුදු 18කට කලින් අපි ගමේ කියන පළාතක කාන්තාවක් මගෙන් ඇහුවා පොළොස් උයන්නේ පොතු අරන්ද කියලා...

:       0       82

ratnamalala Sunday, 22 October 2017 05:34 PM

අපරාදේ. ලොක්කට ඔය පැත්තේ එන්න කිව්වා නම් වැස්ස ලබාගන්න තිබුණා. එය යන යන පැත්තට වැස්ස ලැබෙනවා කියනවනේ.

:       0       7

නිශාන් Monday, 23 October 2017 10:47 AM

කල හැකි දේ කොතරම් නම් තිබේද? එහෙත් අවාසනාවකට අපේ දේශපාලකයන් හඹායන්නේ කල නොහැකි අතලොස්සකට පමණක් භුක්තිවිඳි හැකි ලෝකයේ පළමු තැන යන ලබා ගත යුතුය යන පටු අදීන පරමාර්ථයන් පසු පසය. උසම, ගොඩනැගිල්ල, මුහුද ගොඩකර නගර වැනි දෑය...

:       0       109

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 72 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 218 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site