(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පා ගමනින් පැමිණෙන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා ගාලු මුවදොර පිටියට අද (22) පැමිණියේය.
ඔහු මීට දින කිහිපයකට ඉහතදී කටුවාපිටිය දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබාගෙන සිය ගමන ආරම්භ කළේය.
ඉතා විශාල ප්‍රමාණයේ කුරුසියක් කර තබාගෙන කිලෝමීටර 40 ක පමණ දුරක් පැමිණෙන සිය සහෝදර රංගන ශිල්පියාට සහය දක්වමින් රංගන ශිල්පී කලණ ගුණසේකර මහතාද ඊයේ ගාලු මුවදොර පිටියේදී උපවාසයක් ආරම්භ කළේය.
ජෙහාන් අප්පුහාමි මහතා ගාලු මුවදොර පිටියට පැමිණි පසු උපවාසය අත් හැරි අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණ කිහිපයක් සඳහ රෝහල් ගත කෙරිණ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුරුසියක් කර තබාගෙන ජෙහාන් ගාලු මුවදොරට
pakeer Friday, 22 April 2022 07:58 PM
කියන්න ඇත්තේ, පාලකයින්ට හෙණ හතම ගහන්න කියා පමණයි.
Ajantha Saturday, 23 April 2022 06:08 AM
ඔබට මගේ හදපිරි ප්‍රණාමය...!
Chinthaka Saturday, 23 April 2022 09:21 AM
මේ තරුණයින් මේ විදිහට දුක් විඳින්නේ, මේ පාපතරයින් පන්නා දමන්නයි, එය එසේම සිදුවිය යුතුයි.. ඔබට නිරෝගි සුව ප්‍රාර්ථනා කරමි කලාකරුවාණෙනි.
Demuni Uduwara Saturday, 23 April 2022 03:30 PM
රජය මහජනතාවට සවන් දිය යුතුයි.. ඉක්මණින්ම ඉවත් විය යුතුයි...!
පිටරැටියා Saturday, 23 April 2022 07:15 PM
ලංකාවේ අපේ ජනතාව ගැන ආඩම්බරයක් දැනෙනවා. එකමුතුව, ආගන්තුක සත්කාරය, වෙන රටවල නැතුව ඇති. ජෙහාන් මහතාගේ උත්සාහය ,කැපවීම පිළිබඳව අපේ ප්‍රාණාමය...!
sharm warn Wednesday, 27 April 2022 01:48 PM
මුදල්වලට අකැමැත්ත යොදන්න පත්කරපු අය ටිකක් ඉන්නවා වගේ.