IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කැලණි විහාරයේ සැදැහැවතුන් අඩුවෙයි

(ඡායාරූප - ගයාන් අමරසේකර)

සෞඛ්‍ය අංශ උපදෙස්වලට ගරු කරමින් මෙවර පොසොන් පොහොය දිනයේදී සිය නිවෙස්වලටම වී ආගමික වතාවත්වල නිරතවන ලෙස කළ ඉල්ලීමකට අනුව සහ අද (05) දිනයේදී මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවා තිබීම නිසා වෙනදාට බෞද්ධ සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගිය කැලණිය රජමහ විහාරයේ සැදැහැවතුන් සිටියේ අතළොස්සක් පමණි.  



අදහස් (25)

කැලණි විහාරයේ සැදැහැවතුන් අඩුවෙයි

assanga Friday, 05 June 2020 08:07 AM

මගේ වැටහීමේ හැටියට ලංකාවාසී සියලුම දෙනා කැලණිය පන්සලට යාම අත්හිටුවිය යුතුව ඇත. මන්ද පන්සලේ දැනට ඉන්න ඇතැම් චීවරධාරීන් පසුගිය දිනවල පන්සලේ ගෞරවය නැතිකර දමා ඇත.

:       1       225

karuFriday, 05 June 2020 09:51 AM

ඉස්සර ඔය පන්සලේ හිටපු මහා නායක හාමුදුරුවෝ තමයි බුද්ධ රක්ඛිත කියන්නේ. අද පන්සලේ ලොකු හාමුදුරුවෝ පොහොට්ටුවන් එක්ක තමයි ඉන්නේ... හොඳ හාමුදුරු නමකටවත් පාරේ බැහැලා යන්න බැරිවෙලා තියෙන්නේ.

:       1       220

PradeepFriday, 05 June 2020 10:35 AM

සැදැහැවතුන් කැළණි පන්සලට එන්නේ චීවර ධාරීන් බැහැදැකීමට නොවෙයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලද ඓතිහාසික සිද්ධස්ථානයක් වැඳ පුදා ගැනීමේ අභිලාශයෙනුයි. එම නිසා අදාළ ස්ථානයේ චීවරධාරීන් මොනවා කිව්වත් වන්දනා මාන කිරීමට එය බාධාවක් නෙවෙයි. ඔවුන් යම් අකටයුත්තක් කර ඇත්නම් ඒවායෙහි ප්‍රතිඵල ඔවුන් යම් දිනෙක භුක්තිවිඳිනු ඇති.

:       0       8

රනිල්Friday, 05 June 2020 12:33 PM

අසංග සහ කරු දෙදෙනාම නිවැරදියි කියන්න පුළුවන්... මෙහි වරද තියෙන්නේ එජාප නායකතුමාගේ අතීතයේ සිටි ඥාතීන්ගෙ. ඔවුන් මෙම විහාරය නොකළානම් නයි නටවන්න බැහැනේ.

:       2       13

binkunndaa Friday, 05 June 2020 08:10 AM

කැළණි එන්නේ නයි මැජික් බලන්නනේ. මේ සැරෙත් ඒවා දැම්මා නම් කාගෙන ඇවිල්ල පිදේනි දීලා යයි.

:       2       257

ධම්ම Friday, 05 June 2020 08:12 AM

ලොකුහාමුදුරුවන්ගේ නයි කතාව නිසා අපේ හිත් පෑරුණා.

:       1       106

විජිත් Friday, 05 June 2020 11:22 AM

එහෙම කියන්න එපා.. නයි කතාවට උන්වහන්සේට නාග ලෝකයෙන් කාර් පර්මිට් එකක් ලැබුණා. තවතව දේවල් ලැබුණයි කියලත් මට මිතුරෙක් කීවා.

:       1       106

විජිත් Friday, 05 June 2020 08:28 AM

මගේ සිත්ගිය 8 වෙනි ඡායාරූපය නිහඬව එහෙත් ලොකු අදහසක් කියනවා කියලයි මට හිතෙන්නේ. බෝ මළුව අසල සැදැහැවතුන්, සැදැහැවතියන් දෙතුන් දෙනෙකුට වැඩිය නැහැ... ඒ අයත් විවිධ ඉරියව්වලින් විවිධ දිශාවන්ට මුහුණලා සිටින්නේ.. මේ සිටින්නේ අපි ඔක්කොමව නියෝජනය කරන දෙතුන් දෙනෙක් වත්ද...? අපි සංසාරයේ අතරමංවෙලා.. යන තැන නොදැක එහෙ මෙහෙ ඇවිදිනවා.. දුඹුරු පැහැයෙන් යුත් ගොඩනැගිල්ලෙන් කියන්නේ සසරේ අපි පසුකරගෙන යායුතු අමාරුම අවධියයි.. ඊටත් එහායින් දාගැබේ ඉහල කොටස සුදු පැහැයෙන් දිස්වෙනවා. අප යායුත්තේ එතැනටයි.. පරිශුද්ධත්වයේ උතුම්ම තැන නිවන එතනයි.. මට මේ ගීතය සිතට ආවා... සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ... ඔබේ බුදු වදනක් ගෙවා සුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ..... ඔබේ මුදු සිහිලක් මහා කරුණා නුවන් දිය ගැඹරේ ගිලී සැනහී නිවා ගිනි සසරේ පහන් වැට සේ සොයා ආයෙමි හිමියනේ ඔබේ.... ඔබේ නෙතු කැල්මක් ගී පද :- කුමාරදාස සපුතන්ත්‍රී ගී තනුව :- ආචාර්ය වික්ටර් රත්නායක ගායනය :- සුනිල් එදිරිසිංහ

:       1       65

පූජා Friday, 05 June 2020 09:16 AM

මගේ නම් හදවතටම දැනුනු පින්තුරය වන්නේ 12 වෙනි පින්තුරයයි... ඇයගේ බැල්ම, සිටිනා ඉරියව්ව, වචන දහසකින් වත් එකතුකර ලියන්න බැරි මහා පොතක් වගෙයි. ඇය මේ හිස් බැල්මෙන් බලා සිටින්නේ ජීවිතයේ අනියත බවද..?

:       27       66

PradeepFriday, 05 June 2020 10:42 AM

ඔව්.. ඇයගේ ජීවන ගමනේ එක කලක ඇය මහා අකුසල කර්මයකට දායක වෙලා ඇති. ඊට ඇය ලැබූ දඬුවම මෙය විය හැකියි. නමුත් මේ භවයේදී එහි ආදීනව වටහාගෙන ඇති සෙයකුයි ඇගෙන් දිස්වෙන්නේ. ඔව්.. මේ ජීවිත කොතරම් අනියතද, කොතරම් නිස්සාරද.. එකිනෙකා කා කොටා ගනිමින් තරඟකාරීව අපි මේ කොහෙද යන්නේ...?

:       221       46

Binkundaa Friday, 05 June 2020 01:19 PM

"ප්‍රදීප් ඔව්.. ඇයගේ ජීවන ගමනේ එක කලක ඇය මහා අකුසල කර්මයකට දායක වෙලා ඇති" ඔය කියන අකුසල කර්මය ඉස්සෙල්ලම කරපු ජාතිය ගැන හිතුවොත් ඊට ඉස්සෙලා ජාතියක් තිබෙන්නේ පුලුවන්ද? නිකන් ලොකුබොරුවක් පස්සේ නේද දුවන්නේ? ඔය ළමයා ඔතන දුක් විඳින්නේ ලංකාවේ තිබෙන විෂම දුෂිත පව්කාර සමාජයේ වරදින් මිසක, නිකන් අභූත අකුසලයක් නිසා නොවේ.

:       82       66

PradeepFriday, 05 June 2020 04:05 PM

බින්කුන්ඩා බොහෝ ඇසූ පිරු තැන් ඇති අයෙකු බව අදහසෙන්ම පෙනෙනවා. ඉතින් ඔබ වැනියෙක් සමග සංවාදයකට මගේ දැනුම ප්‍රමාණවත් නොවන බවයි මගේ වැටහීම. එනිසා ඔබට ගරු කර මම නිහඬ වෙමි. මම පැවසුවේ මට දකින්න ලැබුණු දෙයයි. නමුත් මේ දරුවා ගැන ඔබ බොහෝ දේ දන්නා හැඩයි. ඉතිං ඔබේ මතයට හිස නමනවා හැර කුමක් කරන්නද.. ?

:       1       57

ප්‍රීති Friday, 05 June 2020 02:20 PM

පුජා, ෆොටෝඑක බලලා ලෝකෙට දුක පෙන්නුවාට ඔබ ඇයත් සමග ඔබව සංසන්දනය කරලා ලාමක සතුටක් ලබනවා නේද?සමහරවිට ඔය පින්තුරයේ සිටින කෙනාම හොඳ වාහනයකින් බැස්සොත්, ඔබවම සංසන්දනය කරගෙන ඔබ දුක් වෙන්නෙත් බැරි නැහැ.. තමන්ට වැඩිය පහලින් සිටිනාවා නම් ඕනෑවටත් වඩා අනුකම්පා කරන, අයම තමයි ඔවුන් මදක් ඉහලට යද්දී ඉරිසියා කරන්නේත්. අනුන්ගේ දේවල් විනිශ්චය නොකර තමන්ගේ වැඩක් බලාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. අනුන්ට බණ කියනවට වඩා, තමන් බණ පිළිපදින එකයි වැදගත් වන්නේ. පන්සලකට ගොඩ වැදුනත් ඔයාල වගේ අය කරන්නේ ඕක තමයි. ඒකයි මෙහෙම ලිව්වේ. අමනාප වෙන්න එපා. ශුභ පොසොන් මංගල්‍යයක් වේවා!!

:       105       1

පූජා Saturday, 06 June 2020 09:25 AM

මම මෙතන අනුන්ට බණ කියන්න ආවේ නැහැ.. පින්තූර දැකලා, මගේ හිතට ආව අවංක අදහස් ටික තමයි මම අකුරු වලට පෙරලුවේ. මම අන්‍ය ආගමික උනත් , මම ඉන්න රටේ " අමරාවතී " පන්සලට ගියාම දකිනවා විදේශිකයෝ ,මොන තරම් බුදු දහමට ගරු කරනවද කියලා. ඔයාලා වගේ අය තමයි වට්ටි අම්මලා වාගේ පන්සල් ගියත්, අනුන්ගේ ඕපාදුප හොයන්නේ. ලංකාවේ බුදු දහම වනසන විදිහට පොත් ලියන අය, බුදු දහමට නිගරු කරන දේශපාලකයන් කරන කියන දේවල් වලට කට පියාගෙන ඉන්නේ ඇයි? ඔබේ කමන්ට් එක විචාරශීලීව බැලුවොත් , ඔබට මා ගැන තිබෙන ඉරිසියාව මැනවින් පැහැදිලි වේ. ඔබටත් සුබ පොසොන් මංගල්‍යයක් වේවා !

:       0       51

පූජා Saturday, 06 June 2020 11:34 AM

ප්‍රීති, මට ලෝකෙට දුක පෙන්නලා කාවවත් සංසන්දනය කර ලාමක සතුටක් ලබන්න තරම් මා බොළඳ නැහැ. මා ගහට, කොළට සතා සීපාවට , මනුෂ්‍යත්වයට, සොබා දහම් අම්මට "ගොඩක් " ආදරය කරන කෙනෙක්. එහෙම කෙනෙකුට , තමන්ව වෙන කෙනෙකුට, සංසන්දනය කර සතුටක් ලබන්න කොහොමටත් බැහැ... ඔබට ඕනවෙලා තිබෙන්නේ මාව රිදවා ලාමක සතුටක් ලබන්නට බව... ඔබේ කොමන්ට් එක කියවන ඕනෙම කෙනෙකුට තේරෙනවා. ඔබ වැනි අයට අනුකම්පා කරනවා හැර මා වෙන කුමක් කරන්නද..? අනික මට බන කියන්න දන්නේ නැහැ. ෆොටෝ බලලා මගේ හිතට නැගුනු අදහස් ටිකක් වචන වලට පෙරළුවා පමණි..

:       1       51

විජිත් Saturday, 06 June 2020 12:58 PM

ප්‍රීති මහත්මිය, ඡායාරූපයක් අගය කිරීමේදී ඒ ඡායාරූපයෙන් දිස්වන භෞතික දර්ශනය, අභිනය හෙවත් හැඟීම් පළකිරීම.. ආලෝකයේ තීව්‍රතාවය වැනි දේ මිස එහි ඇති ජිවමානබව හෝ එහි සිටින්නාගේ වත්පොහොසත් බව හෝ ආගම.. වැනි දේ අපට අවශ්‍යවෙන්නේ නැහැ. අනික මෙය කවියක්..!!! චයාරුප කවියක් ලියද්දි අපේ සිතේ තිබෙන හැඟීමක් අපි යම්කිසි ප්‍රස්තුතයකට කලාත්මකව ආරෝපණය කිරීමක් කරන්නේ. මේ ඡායාරූපයේ සිටින තරුණ මහත්මියව අපි කවුරුත් දන්නේ නැහැ. නමුත් ඇය පන්සලේ සිටි ඉරියව්ව අපේ සිත් ගත්තා. මමත් මේ ඡායාරූපය ගැන ලියන්නට සිතා පසුව වෙනත් එකක් තෝරාගත්තා. ඇත්තටම ඒ තරුණ මහත්මිය සිටි ඉරියව ගැන කවි දාහක් වුනත් ලියන්න හැකියි නේද..? අනික මේ කවියේදී පුජා ඒ තරුණියව විවේචනය කිරීමක් කරලා නැහැ. ඒවගේම තමයි මේ ඡායාරූපයෙන් භාවාත්මකව කියවෙන්නේ ' අසරණවූ' බවක්... ඉතින් බුද්ධධර්මය අනුව අපි ඔක්කොම අසරණවෙලා ඉන්නේ. අසරණවූ ඒ තරුණිය සරණක් බලාපොරොත්තුවෙන් බුදුන් වහන්සේ හමුවට යාම වරදක්ද..? ඡායාරූපයක් කියන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක් ...අජීවී ප්‍රතිබිම්බයකට පණදීම වරදක් නොවෙයිනේද..? මට බොහොම විශ්වාසයි, මේ ඡායාරූපයේ සිටින යුවතිය මෙය දුටුවොත් පුජාව අගේ කරාවි..!!!

:       1       30

බද්රානි Friday, 05 June 2020 10:11 AM

මේ ඇඳිරි නීතිය අස්සේ කැලණියේ නයි නැටුමක්වත් බලා ගන්න බැරිවුණු එක ගැනයි මට නම් දුක... හොඳ වෙලාවට, අර තොන්ඩමන්ගේ අවමගුල් පෙරහැරේ කටයුතු වලට සහභාගී වූ අතරතුරම පන්සලටත් ගොඩවෙලා ගෙදර ආවේ? අපරාදේ, තොන්ඩමන් මහත්තයා තව දින කීපයකට පසුව මියැදුනා නම්, ඔය කාට කාටත් පොසොන් පෝයටම පන්සල පැත්තේ ගිහින් පිනක් දහමක් කර ගන්න තිබුණා.

:       0       170

පූජා Friday, 05 June 2020 10:13 AM

නිමක් නැති සංසාරේ ,කරදර ,දුක් පීඩා පොදි බැඳගෙන , අනන්තවූ ආශාවන් පසුපස ලුහු බඳින අප , අවසානයේ නවතින්නේ , සම්මා සම්බුදු පියාණන්ගේ ,දහම් සිසිල වූ "ධර්මයේ " පිහිට පතාගෙනද ? ආශාවන්ගෙන් පිරුණු සත්වයා ,කපුටා ලෙසත් ,මුට්ටිය ඇතුලේ තිබෙන සිසිල් දිය ,සම්මා සම්බුදු පියාණන් දෙසු ධර්මය ලෙසත් දුටුවෙමි...

:       178       105

kamal Friday, 05 June 2020 01:14 PM

අවාසනාවකට වගේ මෙතන කොමෙන්ට් දාලා තියෙන හැමෝම මලාට පස්සේ නිවන් යන්න බලාගෙන ඉන්නවා වගෙයි. මගේ දැනුමට අනුව බුද්ධාගම මලාට පස්සේ නෙමයි ජිවත් වෙලා ඉන්නකොටයි පිහිට කර ගතයුත්තේ. බුදුන්ගේ චරිතයන් අපි ඉගෙන ගන්නේ නැති දේවල් තමයි, නොපසුබට දස්සනා විරිය, අපොයි පූරුවේ කල කරුමේ කියලා මිනිස්සුන්ට පාච්චල් නොකිරීම, බෝගසට නොවැද බෝගසේ හෙවනින් බන බාවනා කිරීම, සංසාරේ අනියත ගැන නිකම් හිස් කතා කියමින් කළ යුතු දේ නොකිරීම...

:       106       49

karuFriday, 05 June 2020 01:44 PM

ඔබ අනුන්ට වෛර කරන මොලේ අමාරු කාරයෙක් වගේ මට පෙනෙන්නේ. බුදුන් වහන්සේ කියලා තියෙනවාද තමන්ට කිසිවක් නොකළ අයට වෛර කරන්න කියලා..? කරුණාකරලා අංගොඩින් බෙහෙත් ටිකක් ගන්න.

:       1       75

samareFriday, 05 June 2020 04:12 PM

ඔවු මෙතන කොමන්ටු දමන කවුරුත් කැමතිම දේ තමයි නිර්වාණය... ඔහේගේ මොලේ කචල්ද..?

:       0       52

samanSunday, 07 June 2020 07:51 AM

මම නම් කැමතිම දේ තමයි වාහන පර්මිට් එකක්.

:       0       4

චමින්දSaturday, 06 June 2020 01:27 AM

මෙහි 12 වැනි පිංතූරයත්, සසර දුකත් පැහැදිලිකල පූජා ප්‍රදීප් කමල් හා බිංකුන්ඩාගේ අදහස් සසරේ අනියත බවක් පෙන්වද්දී එයට ඩිස්ලයික් දැක්වූ අන්‍යාගමිකයින්ට සත්‍යය අවබෝධ වේවා

:       40       16

[email protected] Friday, 05 June 2020 04:27 PM

දිවයිනටම ඇඳිරිනීතිය තියෙද්දී මේ කට්ටිය කොහොමද පන්සල් ගියේ?

:       0       117

Nadeera Saturday, 06 June 2020 01:58 AM

තමන්ටත්, රටටත්, ජාතියටත් කෙලවුනට කමක් නෑ. කොහොමහරි තමන්ගේ ආගමේ චාරිත්‍ර ඉටුකරන්න ඔනී කියන අන්ධ භක්තිකයින් නොවී යථාර්ථවාදී බෞද්ධයන් සිටීම ගැන ආඩම්බරයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28399 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site