IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කුලදරුවෝ සසුන්ගත කෙරෙති

(නිමල් ජයරත්න)

 
මුස්ලිම් දරුවකු ඇතුළු සිංහල, ආදිවාසී කුලදරුවෝ හත්දෙනෙක් මඩකලපුව කල්කුඩා ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදී අද(10) සසුන්ගත වූහ.
 
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ සහ මඩකලපුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියෝ එම අවස්ථාවේදී අනුශාසනා පැවැත්වූහ.
 
පිඹුරන්නෑව, මෛත්‍රීගම, රුවන්පිටිය, ඕටමාවඩි, වැලිකන්ද මහින්දාගම, පූනානිගම යන ගම්මානවලින් පැමිණ සිට මෙම කුලදරුවන් අතර, එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක්ද වූහ.



අදහස් (30)

කුලදරුවෝ සසුන්ගත කෙරෙති

ravi Monday, 10 February 2020 06:58 AM

අපිත් මේ ගැන කතාබහ නොකෙරුවාට අපේ බුද්ධ ශාසනය කාබාසිනියා වෙලා හුඟක් කල්.

:       51       35

BamunuarachchiFriday, 14 February 2020 09:38 AM

හැමතිස්සෙම ඒ ඔහෙලා වගේ යමක අසුභවාදය දකින පුද්ගලයින් ඉන්නකන් එහෙම වෙනවා. මෙතැන කුල දරුවන් 7 දෙනෙක් මහණ කරනවා අඩු ගණනින් 3දෙනෙක්වත් ශාසනයේ ඉතිරි වුණොත් එය සසුනට සේවයක්. පටන් ගන්න කොටම ගොබ්බකතා නොකියා මේකට ආශිර්වාද කරන්න. කාලකන්නි ඉන්නවා තමයි එ්ත් තමන් කාලකන්නි කියා පෙන්වන්න එපා....

:       0       0

lalithm Monday, 10 February 2020 07:58 AM

හය, හතර නොතේරෙන කිරි සප්පයින්ව මහණ කරන්න හොඳ නැහැ කියලා කව්රු කිව්වත් වැඩක් නැහැ. මේකම එක හේතුවක් බුදුසසුන පිරිහෙන්න. එකම පවුලේ දෙදෙනෙක් මහණ කරන්න දුන්නු හේතුව හොයලා බලන්න. එතකොට තේරුම් යාවි...

:       351       309

[email protected]Monday, 10 February 2020 08:21 AM

ශාසනය බැබලවූ ආනන්ද මෛත්‍රිය හිමියන් ඇතුළු විශාල භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් පැවිදි දිවියට ඇතුළුවූයේ ළමා කාලයේමයි. ඔය දරුවන් විතරක් නෙමේ හැම දරුවෙක්ම අවුරුදු 2 වත් මහනදම් පුරන්න යොමු කරවන්න ඕනේ. NGO සල්ලි නම් කෑගහන බව පේනවා

:       440       865

lalithmMonday, 10 February 2020 08:55 AM

උදේ, හවස පිරිත් කෑ ගැස්සුවට බොරුවට බණ ඇහුවට වැඩක් නැහැ වගේම ශාසනයේ රඳවාගන්න බැරි පොඩි දරුවන් මහණ කිරීමෙනුත් සසුන රැකෙන්නේ නැහැ. මට නම් NGO සල්ලි එන්නේ නැහැ. එහෙත් මේ වගේ උත්සව වලට නම් NGO සල්ලි දෙන්න පුළුවන් වෙනත් අරමුණු වෙනුවෙන්. බොහෝ දරුවන් මහණ කරන්නේ පවුල්වල වෙනත් ප්‍රශ්න නිසාවෙන්... ඇත්ත හෙළි වෙනකොට රිදෙන අයත් ඉන්නවා. තමුන්ගේ දරුවෙක් මහණ කරන්න දෙන්න ඔය කියන ධාර්මිකයා කැමතිද? මට පුතෙක් නැහැ කිව්වොත් මම පුදුම වෙන්නේ නැහැ.

:       223       252

JayMonday, 10 February 2020 09:40 AM

එතකොට මහන වෙන්න හොඳ කොයි වයසද? ඔයා හිතන්නේ බුදුන් ගේ කාලේ වගේ තරුණ කට්ටිය ගොඩක් දැන් කාලේ ශාසනයට ඇතුල් වෙයි කියලද? ජීවිතය ගැන කලකිරිලා පහුගිය දවස්වල ශ්‍රද්ධාවෙන් මහන උන තරුණ කිහිප දෙනෙක් පහුගිය කාලේ හිටිය, ඇත්තටම සතුටුයි ඒ ගැන. නමුත් බුදුන්ගේ කාලේ ඉඳන් කුඩා කාලේ මහන වූන අය අනන්තවත් හිටියා. බුදුරජානන්වහන්සේ රාහුල මහරහතන්වහන්සේ මහන කල පසු සුද්ධෝදන රජතුමාගේ ඉල්ලීමක් අනුව රීතියක් පැනවූවා දෙමවුපියන්ගේ අවසරය ඇතිව කුඩා දරුවන් මහන කල යුතයි කියලා. එහෙම නැතුව උන්වහන්සේ එපා කියලා කිව්වේ නැහැ.

:       3       155

කල්ප .Monday, 10 February 2020 12:56 PM

ඒ දරුවන්ට ඉගෙනගෙන ඉවරවෙලා අවශ්‍ය නම් සස්නෙන් ඉවත් වෙන්න පුළුවන්... බලෙන් රඳවලා තියාගන්නේ නැහැ. ඔබ දන්නවා උපසම්පදා කරන්න කලින් ගිහිඇඳුම් අන්දලා කණ්ණාඩියකින් තමන්ගේ රූපෙ පෙන්නලා තමයි නැවත සිවුරු දාන්නේ... දන්නේ නැති දේවල් කියවන්න එපා...

:       434       305

kaveeshaMonday, 10 February 2020 03:35 PM

මහත්තයෝ ඔබතුමාට NGO වලින් කොපමණ මුදලක් ලැබුණේද? අපිටත් බැරිද ඔය NGO එකකට සෙට්වෙලා කීයක් හරි හොයාගන්න..

:       42       20

නමින් Monday, 10 February 2020 08:15 AM

ඔන්න අපේ එක්කෙනෙකුත් ගිහින්. දැන් සතුටු ඇති බුද්ධාගමේ අයට... තවත් නම් අපිට එකඑක ඒවා කියන්න තියාගන්න එපා. සිංහල ගොඩක් අය බුද්ධාගම දන්නේ නෑ...

:       2       16

Jay Monday, 10 February 2020 09:42 AM

දැන් මෙතන මේ පින්කමට විරුද්ධව කතා කරන කට්ටිය අනුව හිතා ගන්න පුළුවන් කී දෙනෙක් මේ පින්කම් වලට අකමැතිද සහ බුද්ධාගමට විරුද්ධද කියලා ?

:       110       267

raviMonday, 10 February 2020 11:10 AM

අපි මේ කතාකරන්නේ වෙහෙර, විහාරස්ථානවල සිද්දවෙන.. දේවල් ගැන... අපි කැමතියි අපේ බුද්ධ ධර්මය මේ ලෝකේ තියන තාක්කල් පවතිනවාට...

:       8       61

ගගන Monday, 10 February 2020 09:47 AM

පව් දෙයියනේ මේ දරුවෝ. වයස 18 න් පස්සේ මේ දේ කරන්න නීති හදන්න බැරි ඇයි?

:       204       72

Aris Monday, 10 February 2020 10:32 AM

කෝ මේ ළමා ආරක්ෂක අධිකාරිය...?

:       241       205

JayMonday, 10 February 2020 07:54 PM

ඇයි , මොකටද.? මෙතන කොහෙද ළමා හිංසනයක්. නිකන් බොරුවට කියවන්නේ නැතුව ඉන්න. බුද්ධාගම ප්‍රචලිත වෙනවට ශාසනය දියුණු වෙනවට අකුල් හෙලලා එන්ජිඕ වලින් ගාන කඩා ගහන්න ඔයාලා වගේ කල දුටු කල වල ඉහ ගන්න අය නිකමටවත් බැලුවද කොච්චර ළමා හිංසන මේ රටේ පවුල් ඇතුලෙම වෙනවද කියලා. පන්සලක මහන පින්කමක් කලාම නම් එනවා මෙතන ළමා හිංසන කියලා.

:       28       91

Champa Monday, 10 February 2020 12:28 PM

මෙතන කමෙන්ට් දාන අබෞද්ධයින්ගේ විලාප වලින්, ශාසනයේ උන්නතිය උදෙසා බුදුරජාණන් වහන්සේම පටන් ගත්ත බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර නවත්තන්න බැහැ. මුලින්ම තමන්ගේ දරුවා රාහුලවම පැවිදි කරලා බුදුරජාණන් වහන්සේ ආදර්ශයක් දුන්නා භික්ෂුණී ශාසනය පවත්වා ගැනීමේ වැදගත්කම ගැන. ඊට පස්සේ සුද්ධෝදන රජ්ජුරුවෝ ඉල්ලා හිටිය නීතියක් ගේන්න කියලා දෙමව්පියන්ගේ කැමැත්ත ඇතුව පැවිදි කරන්න. සමහරු මෙතන කියනවා මෙහෙම මහණ වෙන්නේ දුප්පත් පවුල් වල දරුවන්ලු. හැබැයි දුප්පත් බෞද්ධයින්ට මුදල් රෙදිපිළි ආහාර දීලා අන්‍ය ආගම්වලට හරවා ගන්න එකට කිසි විරෝධයක් නැහැ. ඒ වගේම ඉතා කුඩා ගැහැණු දරුවන් මහල්ලන් විසින් විවාහ කර ගැනීමේ අන්‍ය ආගම් චාරිත්‍ර ගැනත් කිසි විරෝධයක් නැහැ. ඈත අතීතයේ යක්ෂ රජවරුන්ගේ පටන් සිංහලයන් පණ දෙවෙනි කොට ආරක්ෂා කරන සම්බුද්ධ ශාසනය ලංකාවෙන් තුරන් කරන්න අබෞද්ධයින් සහ අනාගමිකයින් නිදි නොලබා වැඩ කරනවා.

:       35       301

ArisMonday, 10 February 2020 06:30 PM

සිදුහත් කුමාරයා සසර කල කිරිලා ගිහිගෙය හැර ගියේ වයස අවුරුදු 29 කින්. රාහුල කුමාරයා සිය පුතා නිසා පියා ලගට ගත්තා. අපේ රටේ මේ දෙමව්පිය සෙවනේ සිටිය යුතු කුඩා ළමයි ගන්නේ හාමුදුරුවරු ළගට. ඒ වගේම අපේ හාමුදුරුවරු රහතන් වහන්සේලා නොවෙයි. අනෙක අපේ රටේ සිංහල ජාතිය වදවී යන අවදියක පරම්පරාවක් ගෙනියන්න ඉන්න මේ ළමයි අරන් මහන කිරීමෙන් ඒක ඉක්මන් වෙනවා. එතකොට ඔයා ඔය කියන බුද්ධ ශාසනය අපේ රටේ ඉදිරියටත් පවත්වාගෙන යන්න පුළුවන් වේවිද?

:       57       2

ChampaTuesday, 11 February 2020 04:40 AM

විකාර කතාවක්. සිංහල ජාතිය වඳවේගෙන යනව නම් ඒක නවතිනවද මේ ළමයි මහණ කරන එක නැවැත්තුවහම? සිංහලයෝ ලක්ෂ 150ක් විතර ඉන්නවා. හාමුදුරුවරු ඉන්නේ 15,000ක් විතර. සාමනේරවරු ඇති 1000ක් හමාරක්. ලියන දේ තේරුමක් ඇතුව ලියන්න. අනිත් එක සිදුහත් කුමාරය ගිහිගෙය අතහැරලා ගියේ අවුරුදු 29දි සසර කලකිරිච්ච හින්ද නෙමේ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බෝධිසත්ව විදිහට පෙරුම් පුරලා ඒ ආත්මේ බුදු වෙන්න නියමිත වෙලා තිබ්බ හින්ද.

:       1       45

JayTuesday, 11 February 2020 07:03 AM

දන්නේ නැතිනම් දැනගෙන ලියන්න. විකාර කතා කියන්න එපා. බුදු රජාණන් වහන්සේ රාහුල කුමාරයව පැවිදි බිමට ඇතුලත් කරගත්තේ ඒ තමුන්ගේ පුතා කියන බැඳීමකින් නෙමෙයි සසරින් එතෙර කිරීමට. ඔයා කියන විදිහට බුද්ධ ශාසනය අවශ්‍ය නැහැ. කසාද බැඳලා ළමයි විතරක් හද හද හිටියාම හරි. ආගමට මොකක් උනත් කමක් නැහැ.

:       0       53

ChampaTuesday, 11 February 2020 04:26 AM

භික්ෂුණි? භික්ෂු ශාසනය කියලා කියැවෙන්න ඕනේ.

:       0       0

ArisTuesday, 11 February 2020 08:28 AM

අපි අහලා තියෙන්නේ සතර පෙර නිමිති දැකලා ගිහිගෙය කල කිරිලා ගියා කියලයි. පෙරුම් පුරන් ආව කියලත් කතාවක් තියනව ඉතින්. ඒ ගැන ඊට වඩා ලියන්න මම කැමති නැහැ.

:       0       0

කල්ප Monday, 10 February 2020 01:00 PM

විරුද්ධ වෙන්නලකෝ ළමා විවාහවලට... දුප්පත් දරුවෙකුට ඉගෙනගන්න ශාසනය පන්සල පිටිවහලක් නම් ඇයි ඒකට අකුල් හෙලන්නේ? දුප්පත් දරුවන්ව ඔයා ගෙදර ගෙනැල්ලා තියාගෙන කන්න බොන්න දීලා උගන්නනවද?

:       55       196

raviMonday, 10 February 2020 01:35 PM

මේකත් ඉතින්..., ළමා විවාහයක් තමයි..

:       141       43

RanMonday, 10 February 2020 07:48 PM

රවී, නිකන් හිස් පව්කාර කතා කියලා පවු පුරෝගන්න එපා. පින්කමක් දැකලා ඒකෙන් සතුටු වෙන්න බැරි නම් කට පියාන ඉන්න.

:       30       113

BamunuarachchiFriday, 14 February 2020 09:40 AM

මේත් එහෙම කෙනෙක් තමයි.

:       0       0

.ප්‍රේමදාස Monday, 10 February 2020 03:31 PM

පෙනිපෙනී වෙන ළමා විවාහවලට විරුද්ධ නැහැ මෙයාලා. NGOම තමයි. ඔබට කිසියම් සාක්ෂියක් තියෙනවා නම් නීතිය ඉදිරියට යන්න. අර නළුවා වගේ කියවන්නේ නැතුව....

:       10       113

athuraTuesday, 11 February 2020 02:58 AM

පෙනී පෙනී කිව්වට අපි නම් දැක්කෙ නැහැ. ඔයා දැක්කනම් ඔයාටත් පුලුවන්නෙ නීතිය ඉදිරියට යන්න.

:       13       0

Jay Monday, 10 February 2020 08:02 PM

මෙතන කීප දෙනෙක් ඉන්නවා බොහොම තදින් ළමා ආරක්ෂක /හිංසන ගැන කතා කරන, පොඩි දරුවෝ පවු කියන. ළමා හිංසනය ගැන මෙලෝ සසරක් දන්නේ නැතුව ළමා හිංසනය ගැන මේ වගේ පින්කමක්ක සම්බන්ධව කතා කරනව කියන්නේ ඉතින් තදබල ලෙසම බුද්ධාගමට විරුද්ධ , ශාසන දියුණුවීමට විරුද්ධ, සමහරවිට එන්ජිඕ වලට කහින සෙට් එකක් කියලා සහතිකයි. එහෙම කතා කරන අය මොනවද දන්නේ නැහැ ළමා හිංසනය වෙනුවෙන් කරලා තියෙන්නේ. ඔය ළමා විවාහ, වගේ දේවල්, පවුල් වල සිද්ධවෙන දේවල්, දුෂණ වලට විරුද්ධව ප්‍රබල හඩක් නගපු කට්ටිය වෙන්න ඇති මෙතන පින්කම් වලට විරුද්ධව පොස්ට් දාන්නේ.

:       1       75

sharm warn Tuesday, 11 February 2020 04:46 AM

මේ පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ වයස ගැන අදහස් කියන්න මට කිසිම අයිතියක් නැහැ මොකද මම බෞද්ධ නොවෙන නිසා. නමුත් මම එක දෙයක් ඉල්ලන්න කැමතියි මේ කුඩා හිමිවරුන්ගේ නවක භාරකාර හාමුදුරුවන් වහන්සේලාගෙන් මේ පොඩි හිමිවරු මල් වගේ බලා ගන්න . උන්වහන්සේලාට ජිවිතයේ නියම හරය බෞද්ධ දර්ශනයේ පෙන්වපු ආකාරයෙන්ම පෙන්වලා දෙන්න. එතකොට උන්වහන්සේලාගෙන් යහපත් ලොකු හාමුදුරුවරු බිහිවෙයි ශාසනයට ඒක දැඩිව අවශ්‍ය කාලයක් මේ.

:       4       36

ශිලා Tuesday, 11 February 2020 07:30 AM

අහවල් ආගමේ ළමා විවාහ වලට එරෙහිව ලෝකෙන්ම එල්ලවෙන විරෝධතාව බලාගන්න ඉදල හිටලා හරි මුහුණු පොතට යන්න. මම විතරක් නොවේ ශිෂ්ඨ සම්පන්න ලෝකෙම එරෙහියි ඒකට

:       0       12

jay Tuesday, 11 February 2020 07:45 AM

මෙතන ළමා හිංසනය ගැන ලියන අයට, කෝ ළමා ආරක්ෂක අධිකාරිය කියල අහල පොස්ට් දාන අයට පහල නිව්ස් එක පෙනුනේ නැද්ද මන්ද. ඒ නිව්ස් වලට මුකුත් පොස්ට් දාල නැහැනේ. "2020 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට පහළොස් වෙනිදා දක්වා පමණක්, ළමා අපයෝජන 54 ක් වාර්තා වී ඇති බව, පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය."

:       0       38

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25400 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23411 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site