(කාංචන කුමාර ආරියදාස)
කලාවැව හා බළලූ වැව ඉස්මත්තේ නිරන්තරයෙන් ගැවසෙන වන අලින්ගේ වසන්ත කාලය උදාවීමත් සමඟ වෙනත් වසරවලට වඩා ඔවුන් ඔවුන් අතර බරපතළ ගැටුම් රැසක් මේ දිනවල හටගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
ඒ අනුව කණ්ඩායම් පහකට බෙදී සිටින කලාවැව රක්ෂිතය සිටින වන අලින් සහ ඇතුන් අතර ඇතුන් ඇතුන් සහ අලින් අලින් අතර බරපතළ ගැටුම් හටගෙන තිබේ.
උදේ දිවා දහවල් කාලයේ මේ ගැටුම් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
වෙනත් වසරවල මෙතරම්ම වන අලින් අතර මද කිපුණු කාලයේ ගැටුම් ඇති නොවන බව පවසන ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙවර පිරිමි සතුන් මෙන්ම කාන්තා සතුන් ද ගැටුම් වලට මැදිහත් වීම විශේෂත්වයක් බව ය.
කලාවැවේ සිටින , ඇසළ, නමැති ඇතා තවත් අලින් දෙදෙනෙකු සමග දින කිහිපයක සිටම ගැටුමක් ඇති කරගෙන ඇති අතර ,රේවත, නමින් හදුන්වන ඇතා ද තවත් ඇතෙකු සමඟ ගැටුමක් ඇති කරගෙන තිබේ.
එමෙන්ම පසුගිය දිනවල අලියෙකු තම දළවලින් ඇන ඝාතනය කර තිබූ දීඝජන්තු 2 ඇතා කලාවැව ප්‍රදේශයේ දින ගණනාවකින් දකින්නට නොමැති වීමද විශේෂත්වයකි.
එමෙන්ම ගැටුම්වලට මැදි නොවී කුඩා සතුන් බේරා ගැනීම සඳහා මව් ඇතින්නියන් දැඩි වෙහෙසක් දරන ආකාරය කුඩා පැටවුන් ගැටුම්වලින් ඉවත් කිරීමට දැඩි උත්සාහයක් ගන්නා සංවේදී දසුන් ද මේ දිනවල කලා වැව ඉස්මත්තේ දී දැක ගැනීමට හැකියාව තිබේ.
කලාවැව ඉස්මත්තේ සිටින ශක්තිමත් වන අලින් සහ ඇතුන් තම වර්ගයා බෝ කිරීම සඳහා මෙම ගැටුම් ඇතිකර ගැනීම සිදුවන බව ප්‍රදේශවාසීන් මෙන්ම වනජීවී නිලධාරීහු ද පවසති.
මේ දිනවල දිවා කාලයේ හෝ සවස් කාලයේ කලා වැව බලලු වැව ඉස්මත්තේ නිකරුනේ ගැවසීමෙන් වළකින ලෙසත් එමෙන්ම හරකුන් එළුවන් වැවට මුදා හැරීම දර සෙවීමට ගමන් කිරීම ආදී සිදුනොකරන ලෙස වනජීවී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමක් ද කර සිටිති.
වන අලි සහ ඇතුන් මේ දිනවල දැඩි කෝපයෙන් පසුවීම නිසා බරපතල අනතුරු වලට මුහුණ දිය හැකි බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කලා වැව ඉස්මත්තේ වන අලි ගැටුම්
nisar Friday, 21 September 2018 07:25 AM
යූ.එන්.පී. කාරයින්ගෙන් ඉගෙන ගෙන ඇති...