(වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී මාලු දැළකට හසු ව තුවාල වූ කැස්බෑවෙකුට අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ශල්‍යකර්මයක් කර ප්‍රතිකාර ලබා දී තිබේ.
මඩකලපුව වෙරළ තීරයේදී හමුදා නිලධාරීන්ට හමුවී වනජීවී නිලධාරීන්ට භාර දී තිබූ මෙම කැස්බෑවාගේ ඉදිරි වරල් මා දැළට හසුවී කැඩී ගොස් තිබිණි.
පවත්නා අවම පහසුකම් යටතේ වුවද තම සෞඛ්‍ය ඒකකයේදී කැස්බෑවාට ප්‍රතිකාර කළ බව අම්පාර වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
“සතෙකුට ශල්‍යකර්මයක් කරන්න මේ නිරාවරණය වූ ස්ථානය සුදුසු නැහැ. නමුත් මේ කැස්බෑවාගේ ජීවිතය බේරාගන්න කෙසේ හෝ ශල්‍යකර්මය කළ යුතුව තිබුණා. ශල්‍යගාරයක අවශ්‍යතාවය අපි මීට පෙරත් දන්වලා තිබෙනවා. නමුත් මේතාක් කාලයක් එයට පිළිතුරක් ලැබුණේ නැහැ. මෙලෙසින් ශල්‍යකර්මයක් කිරීම සතාගේ ජීවිතයට හානිකරයි. තුවාලයට විෂබීජ ඇතුළු වී සතා මිය යන්න පවා පුළුවන්. තුවාල වූ මේ කැස්බෑවාගේ ඉදිරි අස්ථි දෙකම කැඩිලා. වරල් නොකපා කැස්බෑවා බේරා ගන්න අපි උත්සාහ කළා. ”
අම්පාර පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා කැස්බෑවාගේ අස්ථි නැවත යථා තත්ත්වයට ගැනීම සඳහා අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේදී එම ශල්‍යකර්මය කළේය. අඩවි ආරක්ෂක කිත්සිරි මෙවන්, වන සත්ත්ව නියාමක රොහාන් ජිනදාස, කමල් රත්නසිරි, චතුරංග බණ්ඩාර යන නිලධාරීහු ඔහුට සහය වූහ.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැස්බෑවාටත් ශල්‍යකර්මයක්
sandy123 Wednesday, 30 January 2019 06:13 AM
උතුම් ක්‍රියාවට දායක වූ සැමට මගේ හද පිරි ප්‍රණාමය. අවශ්‍ය ශල්‍යාගාර පහසුකම් ලබාදීමට බලධාරීන්ගේ ඇස් ඇරේවා!
yaha Wednesday, 30 January 2019 10:08 AM
අපේ රටේ ඛේදවාචකය මෙයයි. කයිවාරු විතරයි.. අමාත්‍යංශ ලේකම්ලා.. නිලධාරීන් ඇමැතිවරු.. නියෝජ්‍ය ඇමතිවරු. කැබිනට්, රාජ්‍ය මොන නම් වලින් හිටියත් මොවුන් වැඩක් නැහැ. වැඩක් කෙරෙන තැනකට වැඩ කරන්නේ නැහැ. සත්තුන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් ඔහොම තමයි. පහසුකම් ඉල්ලනවා දෙන්නේ නැහැ. දෙන්න බැරිකමක් නෙමේ.. මේ අය බලන්නේ ගසාකන්න අවස්ථා එනකම් විතරයි... ඉඳගන්න පුටුවක් නැහැ කිව්වොත් දෙන්න නැහැ.. ඒ වුණාට ඊට වඩා ලොකුදේවල් වලට තමයි කෙල හලන්නේ.. කියලා වැඩක් නැහැ.. බිම් මට්ටමෙන් වැඩ කරන අය ටික දවසක් යනකොට එපාවෙලා කළ කිරෙනවා... ඊට පස්සේ හරි මහජන සේවයක් නැහැ.. ලොකුඅය පක්ෂ මාරු කරකර සල්ලි ගන්නවා.. මිනිස්සුන්ට කවදා තේරෙයිද? හරි හමන් අය පාලකයෝ විදිහට පත් කරගන්න...
tikiri Friday, 01 February 2019 10:20 AM
මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ වනජීවියට අයිති වෙන්නේ වල් අලි විතරයි කියලා...