(හැටන් රංජිත් රාජපක්ෂ)
ජාතික විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින් විසින් මුදා හැර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍යය ජලාශයෙන් ඉවත් කිරිමේ ශ්‍රමදානයක් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවැත්විණ.
හෙක්ටයාර් 285 කින් යුත් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් නොර්වුඩ් ප්‍රදේශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජලය ජලාශයට එකතුවන ස්ථානයේ හා හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ ජලය ජලාශයට එකතු වන ස්ථානයේ එක් රැස් වි ඇති ඝන අපද්‍රව්‍යය සහ ජලාශයේ වටා මෙසේ එක්රැස් වි ඇති ඝන අපද්‍රව්‍ය ඉවත් කරනු ලැබීය.
ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලය මගින් සංවිධානය කර තිබු මෙම ශ්‍රමදාන කටයුත්තට සමගාමිව කෙසෙල්ගමුඔයේ දෙපස පදිංචිකරුන් සහ දික්ඔය ඇළ අවට පදිංචිකරුවන්ට ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා නොහරින ලෙසට දැනුවත්කිරිමේ වැඩසටහනක්ද දියත් කරනු ලැබුවා.තවදුරටත් එම ජලාශයට ඝන අපද්‍රව්‍යය මුදා හරින ප්‍රදේශවාසින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බවටද මෙහිදි ජනතාව දැනුවත් කෙරිණි.
කාසල්රි ජලාශය විදුලි උත්පාදනයට මෙන්ම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයටද විශාල දායකත්වයත් සපයන නිසා මෙම ජලාශය පිරිසිදුව තලා ගැනිමේ වගකිම ප්‍රදේශවාසින්ගේ වගකිමක් බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
මෙම ශ්‍රමදානයට නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සහ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් හා සේවකයන් මෙන්ම, එම ජලාශයේ ධිවර සමිති වල සමාජිකයන් විදුලි බල මණ්ඩලයේ සේවකයින් , යුධ හමුදාව , නාවික හමුදාව සහ පොලිසියේ නිලධාරින් , වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් රැසක් සහභාගි විය.
මෙම ජලාශයෙන් එක් කල ගත් ප්ලාස්ටික් වතුර බොතල් නල්ලතන්නිය රිකාටන් කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයට සහ අනෙකුත් ඝන අපද්‍රව්‍යය නුවරඑලිය මහ නගර සභාව වෙත රැගෙන ගොස් භාර දිමට මෙම ශ්‍රමදාන කටයුත්ත සංවිධානය කල ජාතික ජලජ ජිවි නුවරඑලිය කාර්යාලයේ නිලධාරින් කටයුතු කර තිබුණි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කාසල්රි ජලාශයේ දිරා නොයන ඝන අපද්‍රව්‍ය ඉවත් කරයි