IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ගොකරැල්ලේ තරුණයෙක් ගිනස් වාර්තාවකට සැරසෙයි

(උපුල් තම්මිට)
 

යතුරු පැදියක සිටගෙන කිලෝමීටර් 100ක දුරක් ධාවනය කරවා නව ගිනස් වාර්ථාවක් තැබීම සදහා කුරුණෑගල ගොකරැල්ලේ තරුණයකු අද (16) අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කළේය.

කුරුණෑගල ගොකරැල්ලේ පදිංචි අකලංක මැටිකුඹුර(25) නම් තරුණයා අද අනුරාධපුර පොතානේගම හන්දියෙන් සිය ධාවනය ආරම්භ කළ අතර සිය ගමනාන්තය කුරුණෑගල නගරය බව කියැවේ.

මේ සදහා ඔහු උපයෝගී කරගෙන ඇත්තේ දේශීයව එකලස් කළ යතුරුපැදියකි.

මීට පෙර මෙවැනි ගිනස් වාර්තාවක් පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ තරුණයකු වන අතර ඔහු මේ ආකාරයෙන් ධාවනය කර ඇති දුර කිලෝමීටර් 32ක් බව වාර්තාවේ.

 



අදහස් (10)

ගොකරැල්ලේ තරුණයෙක් ගිනස් වාර්තාවකට සැරසෙයි

sahan Friday, 16 February 2018 08:23 AM

රටට වැඩක් ඇති වැඩක් කරල වාර්තාවක් තිබ්බනං...

:       17       26

nuwan Friday, 16 February 2018 10:51 AM

කිසිම ප්‍රයෝජනයක් තියෙන වැඩක් ද ඉතින් ඕක..............

:       1       15

amara Friday, 16 February 2018 01:10 PM

රටේ රථ වාහන නීතියට පටහැනියි

:       111       39

Don Saturday, 17 February 2018 07:33 AM

විශේෂිත අවස්ථාවකදී පොලිසියේ සහයෝගය මත මෙවැනි දේ කළහැකියි.

:       3       18

Sathyayaa Saturday, 17 February 2018 10:08 PM

රටට වැඩක් කරලා ගිනස් වාර්තාවට යන්න කවුරුවත් රටේ නැහැ. දකුණේ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයෙක් මොකක්දෝ සැමරුවේ හිටපු ලොක්කගේ ආශීර්වාදය මැද. සිංගප්පුර් වලින් ආ කල්ලතොණියෙක් පැය කිහිපයක් තුළ බිලියන 12කට වැඩි මුදලක් සොරකම් කර ගිනස් පොතට ඇතුල් වුණේ දැන් ඉන්න දෙවෙනි ලොක්කගේ ආශීර්වාදය හා ආරක්ෂාව යටතේ. මේ අහපන් පුතේ! මෝටර් සයිකලයක් මත නැගී කිලෝ මීටර් 1000ක් ගියත් ලංකාවේ ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ, ඔබේ ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. ඔයිට වඩා හොඳයි ඔය වටේ ඉන්නේ මෝටර් සයිකල් පිස්සෝ ටිකත් අඬ ගහගෙන ගිහිල්ල පුරන් වූ කුඹුරක් කෙටුවා නම්. ඉන්දියාවේ කෙනාගේ පිස්සුව තේරුණ හින්ද තමයි කි.මී. 32න් ගමන නතර කළේ....

:       4       178

ramaSunday, 18 February 2018 09:20 AM

අැයි දෙවියනේ!!! රනිල් සමග අර්ජුන් හොඳ ගිනස් වාර්තාවක් තිබ්බේ? ඔච්චර ඉක්මණට අමතක වුණාද?

:       22       35

Perera Sunday, 18 February 2018 05:22 PM

පලකට ඇති දෙයක් කරලා ලෝක වාර්තා තිබ්බට මේ වගේ වැඩකට නැති දේවල් කරන්නේ නිකන් බොරු සෝබනේට.

:       1       18

kapila Monday, 19 February 2018 07:06 AM

මෝටර් සයිකලේ හැන්ඩ්ල් එකක් තියෙනවා නම්, සීට් එකක් තියෙනවා නම් මොකටද හිටගෙන යන්නේ? අනේ මන්දා? මේකත් අර ෆෝවඩ් ගියර් තියාගෙන රිවර්ස් එකෙන් බෙල්ල උලුක්කු කරගෙන එලවලා වාර්තා තියෙනවා වගේ තමයි.. රටට වැඩකුත් නෑ.. කරන එකාට වැඩකුත් නෑ..

:       0       16

Sathyayaa Monday, 19 February 2018 09:09 PM

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා වැයුවලු. ඒ එක වතාවක් පමණයි. අපේ රට නිදහස ලැබූ දා සිට දුෂණ වංචාවෙන් ගිනිගෙන දැවෙනවා. අපේ නීරෝල එකෙක් නොවෙයි මේ අය සමුහ වශයෙන් වීනා ගයමින් මුළු රටම පිස්සන් කොටුවක් කර තිබෙනවා. අර කවුද කිව්වා වගේ මෝටර් සයිකලයට හැඬලයක් හා සීට් එකක තියෙද්දී කිලෝ මීටර් 100ක් හිටගෙන යන්න හිතෙන්නත් මොකක් හෝ මානසික ආතතියක් තියෙන්න ඕන. මීළඟ ජවනිකාව එන්නේ කිලෝ මීටර් 100 අසුන මත හිටගෙන යමින් පරිගණක ටැබ්ලට් එකකින් මුහුණු පොතේ චැට් කරමින් යන ගීනස් වාර්තාව. එසේ කොපමණ දුරක් ගියාද කියල මගෙන් නම් අහන්න එපා.

:       0       0

Sanjaya Tuesday, 20 February 2018 07:07 AM

විවිධ මිනිසුන්ට විවිධ දක්ෂතා ඇත. ඒවා ඇගයීමට හැකි විය යුතුයි. හැම දේම දේශපාලන ඇසකින් නොබැලිය යුතුයි. කුහක නොවිය යුතුයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site