IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගැටළු විසඳාගැනීමට 5000 ක් ජනපති - අගමැති හමුවට එති

(ඡායාරූප - වන්නි රොමේෂ් මධුෂංඛ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිලමෙහෙවෙරේ ජනතා ගැටලු විසඳීමට වව්නියාවට පැමිණියහ. සියගැටළු විසඳාගැනීම සඳහා වව්නියාවේ සාමාන්‍ය වැසියෝ 5000 කට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.


උතුරු පළාතේ වැසියන් කෙන්ද්‍ර කරගෙන වවුනියාවේ පැවති  නිල මෙහෙවර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ වවුනියාව සෛවප්‍රකාශ මහා විද්‍යාලයීය භූමියේදී පැවත්වුණි. මෙම අවස්ථාවට,ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් රැසක්ම සහභාගී වූහ.


ජනාධිපතිවරයාද අග්‍රාමාත්‍යවරයාද පිළිගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ .සුමන්තිරන්,  දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු හා පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක්ද පැමිණ සිටියහ.


මාස හයකට වැඩි කලක් තිස්සේ උතුරු ප්‍රදේශයේ වැසියන්ගේ නොවිසදුණු ගැටළු රැසකට අමාත්‍යවරුන් හා ලේකම්වරුන් වරින්වර වවුනියාවට පැමිණ විසදුම් ලබාදුන් අතර ජනාධිපතිවරයා විසින් උතුරේ වැසියන්ට ඉඩම් බලපත්‍ර 5000 ක් බෙදා දීම සංකේතවත් කරමින් බලපත්‍ර කීපයක් බෙදා දෙන ලදී.

 



අදහස් (23)

ගැටළු විසඳාගැනීමට 5000 ක් ජනපති - අගමැති හමුවට එති

Perakum Saturday, 21 October 2017 06:43 AM

ජහ පාලනයට පින්සිද්ධ වෙන්න අපිට නම් කිසි ගැටළුවක් නෑ. එ්කයි අපි නාවේ.

:       0       565

RaveendraSaturday, 21 October 2017 03:02 PM

මයවෙත ඔබගේ සුන්දර සහ අරුත් බර අදහස්වලට අපද එකගවන්නෙමු.ඔබ කීපරිදි අප සියල්ලෝම "ජහ ජහ පාලනයට " පින්සිද්ධ වෙන්නට ඉතාමත් ප්‍රීති ප්‍රමෝදයෙන් කල් ගත කරන්නෙමු.එසේ ලක්මවගේ දරුවන් වන අපව ප්‍රීති ප්‍රමෝදයෙන් කල්ගත කිරීමට මේ පිරිස මොනතරම් මහසිවෙනවද , නොකා නොබී දවසේ පැය 24න් පැය 25ක්ම අප වෙනුවෙන් කැපකිරීම නිසා මේ උන්දලාගේ මුහුණු ද අවලස්සනවී ඇතිබව මනාවට පෙනේ.....කෙසේ වෙතත් මේසා විශාල උත්සව වුනත් මෙම ඉතා අවංක මහජන සේවකයන්ගේ ගෙදරින් ගෙනත් වියදම් කිරීම ගැනද අප ඔවුනට ස්තූතිකල යුතුමය.

:       0       328

saman - Male Saturday, 21 October 2017 07:20 AM

උතුරේ ජනතාවගේ ප්‍රශ්න විතරක් විසඳලා හරි යන්නේ නැතිබව මෙතුමාට තේරෙන්නේ නැද්ද ?. මෙතුමාගේ ක්‍රියා කලාපයෙන් ඔප්පු වෙන්නේ දවසින් දවස දකුණේ ජනතාවගෙන් ඇති වෙන බවයි.

:       4       432

saman Saturday, 21 October 2017 08:08 AM

මුණෙ තියන හිනාව... මමත් හිතුවා මේ දකුණේ තියන ගැටළු විසඳන්න හදනවා කියලා... බැලින් නම් උතුරේ...

:       1       216

අනුර ඉලන්කෝන් Saturday, 21 October 2017 08:37 AM

සමන් ඇයි උතුරේ ඉන්නෙ ලන්කාවේ ජනතාව නෙමෙයිද?

:       237       443

sathyapalaSaturday, 21 October 2017 11:50 AM

අනුර ඇයි දකුණේ ඉන්නෙ ලංකාවේ ජනතාව නෙමෙයිද? දකුණේ ඔක්කොම විකුණලා ඔක්කොම අවුල් කරලා රටම පඹගාලක පටලවලා ඒත් උදේ හවා නිතරම තරගෙට රයිගමයයි, ගම්පොලයයි වගේ උතුරේම කරකැවෙන්නේ කියන එකයි අපිටත් ප්‍රශ්නය...

:       287       637

samanSaturday, 21 October 2017 01:14 PM

එ්ක නේන්නම් මහත්තයෝ ! මට ජනාධිපතිතුමාගේ මුහුණේ තිබුණු හිනාව දැක්කම එ්කත් අමතකවෙලා ගියා. මොකද ඉතින් අපේ ගැටළු විසදන්න ඔහොම හිනා වෙලා එන එකක්යැ...

:       9       156

K PereraSaturday, 21 October 2017 07:09 PM

උතුරේ ඉන්නෙත් ඉන්දියාවෙන් ලංකාවට ආපු අය, දකුණේ ඉන්නෙත් ඉන්දියාවෙන් ආපු අය, හින්දු ආගමත් ඉන්දියාවෙන් අවේ, බුද්දාගමත් ඉන්දියාවෙන් අවේ, එහෙනම් ඇයි මේ ක්‍රොදේ, අවුරුදු තිහක යුද්යේ ඉල්ලන් කපුවා ඉක්මනට අමතක වේගන එනවා මේ සමහර කොමෙන්ට්ස් දාන අයට.

:       0       10

sampathSunday, 22 October 2017 07:46 AM

කේ. පෙරේරා....ඉතිහාසය මගින් පටන් අරගෙන වගේ. හෙළ ජාතිය ගැන පොතපත කියවන්න. දැනුම වැඩිකරගන්න.

:       0       0

Kumari Saturday, 21 October 2017 08:38 AM

මගේ අම්මේ 5000ක්. ගැටළු විසඳීම කෙසේවෙතත් නූල්බෝලයක් ගෙන්නලා ඔක්කමල තව ටිකක් පටලවයි.

:       2       131

lusena Saturday, 21 October 2017 09:38 AM

මේ මුහුණු කොහොමටත් ගැලපෙන්නේ උතුරේ ප්‍රශ්න විසඳන්න තමයි. බලයට ආපුදින පටන්ම කලේ ඒ දෙයයි. උතුරුකරයේම බින්න බැස්සා නම් හොඳයි. දකුණට එන්න නැතුව....

:       3       169

sathyapala Saturday, 21 October 2017 10:15 AM

"පොඩි අය නැති ගෙදර නාකි දනගානවා" කිව්වලු. මේ මොන විහිළුවක්ද ? ගමේ ප්‍රශ්න විසඳන්න ප්‍රාදේශීය සභා පළාතේ මන්ත්‍රීවරු, දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාශවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ සියල්ලන්ටම ඉහළ සිට රට පාලනයට ජනාධිපති සහ අගමැති ඉන්නේ. ඒ රටේම ගැටළු වලට විසඳුම් දෙන්නට. එහෙත් එහෙවු දෙන්නා මුළු රටම අවුලක් කර ගැටළු ඇතිකර දැන් ඒවාට විසඳුම් දෙන්නට බැරුව පහළම මට්ටමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිගේ රාජකාරිය කරන්නට ගමේ නාන ළිඳ හදන්න, කාණු උතුරන පැමිණිලි වලට විසඳුම් දෙන්නට ගමට ගිහින්....

:       25       514

de silva Saturday, 21 October 2017 12:49 PM

ගැටළු විසදීම කෙසේවෙතත් ලස්සන සුරංඟනා කතා ටිකක් අහල යන්න පුළුවන්... කතා පුන්චලා දෙන්නම එකම වේදිකාවේ....

:       0       31

rohana Saturday, 21 October 2017 12:57 PM

සත්‍යපාල නමැති පා.ම.මහින්දගේ පස්සෙන් යන කෙනා හැමදාම දමන්නේ ඔය වැනි මෝඩ අදහස්මයි. මේ ඉස්සර අදහස් දැමු බන්දුල පෙරේරා නැමැත්තා විය යුතුයි.

:       1196       255

ජයතුංගSaturday, 21 October 2017 04:03 PM

අනුන් කියන දේ මෝඩයි, තමන් හැර වෙනත් උගතෙක් හෝ බුද්ධිමතෙක් නැතැයි කියා හිතන උගත්, බුද්ධිමත් මහත්මයෙක්.

:       0       0

අනුර ඉලන්කෝන්Saturday, 21 October 2017 04:10 PM

රෝහන ඔයා හරි

:       31       1

sathyapala Sunday, 22 October 2017 04:45 AM

ඔබ වැනිම පක්ෂයක් වෙනුවෙන් ඕනෑම දෙයක් හරි කියන තවත් වන්දිබට්ටයෙක්.මම පසුගිය රජය විවේචනය කරන විට ඒ ආණ්ඩුව කරපු වැරදි දේවල් පවා හරි කියමින් මා හට මෙලෙසම චෝදනා කළා. අන්තිමට ඒ රජය වැටුනා. මේ රජය කරන වැරදි හරි කියන ඔබ වැනි අය නිසා මේ රජයටත් ලැබෙන්නේ අන්ත පරාජය පමණයි. මම රට වෙනුවෙන් පමණක් කඩේ යමි. මම කිසිම පුද්ගලයෙක් වෙනුවෙන් කිසිදා කඩේ නොයමි.

:       1       81

parakkrama Saturday, 21 October 2017 02:43 PM

ආණ්ඩුවේ උදවිය එක එක ජන කොට්ඨාශ පිලිබඳ ප්‍රශ්න ගැටළු විසඳීමට මොන දේ කළත්, උත්සාහයක යෙදුනත් , ඒ ගැන තර්කානුකුලව සිතා බලා ඇගැයීමට හෝ ධනාත්මක විවේචන, සංශෝධන ඉදිරිපත් කිරීමට හෝ අපොහොසත්, රජ්ජුරුවන්ට කඩේ ගිය සහ තාමත් පොරකමින් කඩේ යන උදවිය ඔහේ ඉතින් පාට කන්නාඩි දාගෙන, වපර ඇහින් බලමින් නං දොඩන බව නම් පැහැදිළිය. ඇත්තටම , ක්‍රියාත්මක කිරීමට එළඹෙන වැඩපිළිවෙලවල් අඩාල කරමින් , රටේ නොයෙකුත් ගැටළු සඳහා විසඳුම් සොයන විට ජනතාව නොමග යවමින් වැඩ අවුල්කරන්නේ කවුදැයි සිතා බලා සිතට එකඟව කතා කලොත් කාටත් යහපතක් වෙයි නේද ? මෙහෙම ගියොත් අපට හැමදාම ඉන්න වෙන්නේ තුන්වැනි ලෝකයේම නේද ? ජාත්‍යන්තරයෙන් කොන්වෙලා නේද ?

:       73       19

thilak Saturday, 21 October 2017 03:36 PM

උතුරට ගොරවල දකුණ බදාගෙන හිටියොත් උතුරේ අයට මොකක්ද හිතෙන්නේ. හැමෝම එකවගේ නොසැලකුවොත් කවදාවත් අපේ රටේ ප්‍රශ්න විසදන්න බැ. තමන්ගේ දේසපාලන වාසිතකා ජනතාව බෙදකරන දෙසපලුවන්ගේ අතකොලු වෙන්න එපා

:       16       1

Kumara (Galf) Saturday, 21 October 2017 04:06 PM

වැඩක් නැහැ පත්තරෙන් දැක්කොත් නම් ඉතින් උත්තර ලැබීම කෙසේ වෙතත් එක දැක්ක හරි කියයි.

:       0       1

ගිහාන් Saturday, 21 October 2017 04:12 PM

මට නම් පේන්නේ සත්‍යපාලට මේ පාලක ජෝඩුව තමන්ගේ බලය ‍රැක ගන්න රෙදි ගලවගෙන සුළු ජාතීන්ගේ දෙපතුල් ලෙවකන අප්‍රසන්න හැසිරීම ගැන තේරිලා. ඒක දැක දැක හිරිකිත නොදැනෙන ඔබට මොකක් හෝ ලොකු අසනීපයක් තියෙන බවයි අපිට නම් තේරෙන්නේ.

:       25       96

සමින්ද පීරිස් Sunday, 22 October 2017 12:19 AM

ගැටළු 5000 ක් කිවුවත් ඇත්තට ම ඇත්තේ විසඳාගතයුතු මූලික ප්‍රශ්ණ 3-4 ක් විතරයි. දකුණේදි සිංහලෙන් ඇසුවත් උතුරෙදි දෙමළෙන් අහගත්තත් හැමදෙනාට ම තිබෙන්නේ එකම ප්‍රශ්ණ. මුළු රටට ම බලපාන ප්‍රශ්ණ විසඳන්න ඹබ තුමාලගේ කාළය යොදවල‍ා, ජනතාව ට අනෙකුත් ප්‍රශ්ණ විසඳාගන්න ග්‍රාමසේවක සිට ප්‍රාදේශීය ලේකම් දක්වා දැනට තිබෙන පරිපාලන ව්‍යුහය ශක්තිමත් කරන්න.

:       0       7

Lalith Sunday, 22 October 2017 12:39 AM

මේ පිරිස අගමැති ජනපති හමුවට එන්නේ කගේ වරදින්ද? මේ අදාල ආයතනවලට ඒ ඒ කටයුතු වලට විසදුම් දෙන්න ලක්ෂ ගණන් වියදම් කරලා නිලධාරීන් පත් කරලා ඉන්නවා. කාර්යාල පවත්වාගෙන යනවා. නමුත් ඒ කිසිකෙනෙකුට නිසි අවසාන තීරණයක් දෙන්න හැකියාවක් නැහැ. විසදුමක් දුන්නත් දේශ පාලකයෙක් ඒ තීරණ වෙනස් කරනවා. නැතිනම් නිලධාරියා මාරු කරනවා. නැතිනම් ප්‍රසිද්දියේ අපහස කරනවා. ජනතාව ඉදිරිය තමුන් සර්ව බලධාරී ප්‍රාඥයන් බව හුවාදැක්විමට උත්සහ කරනවා. ඒ හැම දේකින්ම ජනතාව රවටා ඉදිරි මැතිවරණයට චන්ද වැඩි කර ගැනීමට උත්සහ කරනවා. නැතිනම් රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමය තීරණය කිරීමට, පරිපාලනය අධීක්ෂණය කිරීමට පත්වුණු දේශ පාලකයන් මේ විදියට පෝලිමේ ජනතාවගේ ප්‍රශ්න විසදීම අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන එකක් තබා මොවුන් ප්‍රාදේශීය ජනතා නියෝජිතයින්ටවත් ප්‍රශ්න විසඳීමේ අවස්ථාව ලබා දෙන්නේ නැහැ තමන් පුම්බා ගැනීමට අවශ්‍ය නිසා.

:       0       7

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28411 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site