ලොව දිගම මෝටර් රථය ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව තිබූ ලිමෝ රථය නැවත ධාවනය කළ හැකි තත්ත්වයට පත් කර එම ගිනස් වාර්තාව අලුත් කර තිබේ.
1986 දී ලොව දිගම මෝටර් රථය ලෙස ලිමෝ රථය ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් විය. පසුව එම රථය නැවත ධාවන තත්ත්වයට පත්කරමින් පසුගිය මාර්තු 1 දා එම ගිනස් වාර්ථාව අලුත් කිරීමට එහි නිර්මාණකරුවෝ සමත්වූහ.
මෙම මෝටර් රථය අඩි 100 කට වඩා දිගය.
1986 දී ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ බර්බෑන්ක් හි සේවාදායකයන්ට අවශ්‍ය පරිදි මෝටර් රථ වෙනස් කරන්නෙකු වන ජේ ඕර්බර්ග් විසින් ඉදිකරන ලද ”දි ඇමෙරිකන් ඩ්‍රීම්” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම ලිමෝ රථය ආරම්භයේදී මීටර් 18.28 (අඩි 60) දිගින් යුක්ත විය.
රෝද 26 ක් මත ධාවනය වූ මෙම ලිමෝ රථයේ ඉදිරිපස සහ පසුපස ඩ8 එන්ජින් යුගලයක් තිබුණි. ඕර්බර්ග් පසුව ලිමෝව මීටර් 30.5 (අඩි 100) දක්වා විස්මිත ලෙස දිගු කළේය.
ස්මාර්ට් ෆෝර්ට්වෝ මෝටර් රථ 12 එක පේළියට නතර කළත් ඒම පේලියට වඩා ”දි ඇමෙරිකන් ඩ්‍රීම්” දිගින් වැඩිය. 1976 කැඩිලැක් එල්ඩොරාඩෝ ලිමොසීන් මාදිලිය මත පදනම් ව ”ද ඇමෙරිකන් ඩ්‍රීම්” නිර්මාණය වී ඇත.
”දි ඇමෙරිකන් ඩ්‍රීම්” ඉදිරිපස සහ පසුපස දෙපැත්තෙන්ම ධාවනය කිරීමට හැකියාව ඇත. මගීන් 75 දෙනෙකුට මෙහි ගමන් කිරීමට හැකියාව ඇති අතර ගමන් කරන්නන්ට අති සුඛෝපබෝගී පහසුකම් අත් විඳීමට ඉඩ ලබා දෙයි.
තාක්ෂණික ඉගැන්වීම් ආයතනයක් වන ඔටොසියම් හි මයිකල් මැනිං ඊබේ වෙබ් අඩවියේ විකිණීමට තබා තිබූ දිරා ගිය ”දි ඇමෙරිකන් ඩ්‍රීම්” මෝටර් රථය දැක එය නැවත ධාවනයට සුදුසු තත්ත්වයට පත් කිරීමේ අදහසින් මිලදී ගත් බව ඔහු පැවසුවේය.
නමුත් අවශ්‍ය මුල්‍ය පහසුකම් නොතිබූ හෙයින් වසර 7, 8 ක් පැත්තකට දමා තිබූ අතර ඉන් අනතුරුව නැවත ඊබේ වෙබ් අඩවියේ විකිණීම සඳහා ලැයිස්තු ගත කරන ලදි.
එය දුටු ෆ්ලොරිඩාවේ ඕර්ලන්ඩෝ හි ඩෙසර්ලන්ඩ් පාර්ක් කාර් කෞතුකාගාරයේ සහ සංචාරක ආකර්ෂණයන්හි හිමිකරු වන මයිකල් ඩෙසර් මැනිං සම්බන්ධ කර ගත්තේය. මැනිං සහ ඩෙසර් එකතු වී නැවත ධාවනයට සුදුසු තත්ත්වයට මෙම රථය පත් කරන ලදි. ඕර්ලන්ඩෝ හි ඩෙසර්ලන්ඩ් පාර්ක් කාර් කෞතුකාගාරයේ මෙම ලෝකයේ දිගම මෝටර් රථය ප්‍රදර්ශනයට තබා ඇත.
(034)
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගිනස් පොතට ගිය දෙපැත්තටම දුවන මෝටර් රථය
Perera Saturday, 19 March 2022 04:03 AM
අපේ සර්ට මුලු පවුල පිටින් යන්න ඕක ලංකාවට ගෙන්න ගන්න බැරිද?
චමින්ද Sunday, 20 March 2022 07:16 PM
කුමාරයා රජවුනාම ගෙනේවි