IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ගුරු බැතියෙන් අමර සමර...

(ඩයනා උදයංගනී)

කොළඹ පෞද්ගලික මල් ශාලාවක පුරා වසර 6ක් තිස්සේ තැන්පත් කර තිබූ, හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ භෂ්මාවශේෂ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ ඉදිකළ සුසාන ඝරයක තැන්පත් කිරීම අමරදේව පදනම මගින්  සිදුකෙරිණි.

බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින ‘අමරදේව සංගීත හා පර්යේෂණ කලා කේන්ද්‍රයෙහි’ (අමරදේව අසපුව) අමරදේවයන්ගේ සහ එතුමන්ගේ බිරිඳ වූ විමලා අමරදේවයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට වෙනම ස්ථානයක් ද එහි ගෘහ නිර්මාණ ශිල්පියා විසින් සැලසුම් කර තිබිණි.

එසේ වුවත් අමරදේව අසපුව ඉදිකිරීම දිගින් දිගටම පමාවෙමින් පැවතීම හේතුවෙන් එම අසපුව ඉදිවන භූමියේ ඒ ආසන්න ස්ථානයක මෙම සුසාන ඝරය ඉදිකර භෂ්මාවශේෂ තැන්පත් කිරීම සිදුවිය.

අමරදේවයන් අභාවප්‍රාප්ත වී අද (3) දිනට වසර 6ක් සම්පූර්ණ වූ අතර, එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතුවලින් පසු මේ දක්වා එම භෂ්මාවශේෂත්, ඉකුත් වසරේ මාර්තු මස අභාවප්‍රාප්ත වූ විමලා අමරදේවයන්ගේ භෂ්මාවශේෂත් මෙතෙක් එම මල්ශාලාවේ තැන්පත් කර තිබිණි.

එම භෂ්මාවශේෂ ඉවත්කරගන්නා ලෙස මල් ශාලාවෙන් ද දැනුම්දීමක් කර තිබූ බවත්, ඒවා තැන්පත් කිරීමට අමරදේව අසපුව ඉදිකරන තුරු බලා සිටිය නොහැකි බැවින් ඉදිකරන අසපුව ආසන්නයේම වෙනත් ස්ථානයක් ඉදිකළ බවත් අමරදේව පදනමෙහි ආරම්භක සභාපති, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවසීය.

මෙම සුසාන ඝරය ඉදිකිරීම සඳහා අමරදේවයන්ගේ ශිෂ්‍යාවක ද වන ආචාර්ය නන්දා මාලිනී මහත්මිය මුදල් ලබාදුන් බවත්, වෛද්‍ය සර්ධා මහතා ද ඒ වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ බවත් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කළේය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ද සහභාගීත්වයෙන් පැවති චාම් උත්සවයකින් පසු මෙම භෂ්මාවශේෂ තැන්පත් කිරීම සිදුකෙරුණු අතර එහිදී ආචාර්ය නන්දා මාලිනිය විසින් අමරදේවයන්ගේ භෂ්මාවශේෂත්, අමරදේවයන්ගේ වැඩිමහල් දියණිය වන ප්‍රියංවදා අමරදේව මහත්මිය විසින් විමලා අමරදේව මහත්මියගේ භෂ්මාවශේෂත් මෙහ තැන්පත් කරන ලදී.

පතිරගොඩ නාලන්දාරාමවාසී භික්‍ෂූන් වහන්සේලා මෙම අවස්ථාවේදී සෙත්පිරිත් සජ්ඣායනා කළ අතර, කතෝලික ආගමික වතාවත්ද සිදුකෙරිණි.

භෂ්මාවශේෂ තැන්පත් කරන ස්ථානය තෙක් ඉදිකර ඇති සුසාන ඝරයේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීම ඉදිරි දිනවලදී සිදුවන බව ද සුනිල් ආරියරත්න මහතා පැවසීය.

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහතා සිහිකිරීම වෙනුවෙන් අමරදේව අසපුවේ ඉදිකිරීම් ආරම්භ වූයේ යහපාලන රජය පැවති 2017 වසරේදීය.

මෙරට දරුවන්ට සංගීතය හැදෑරීම සඳහා ඉන්දියාවේ ශාන්ති නිතේකනය වැනි ආයතනයක් ආරම්භ කරන ලෙස පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් ජීවත්ව සිටි සමයේ ඉල්ලීමක් කර තිබූ අතර, එම ඉල්ලීම ඉටුකරන බවට එතුමන්ගේ අවසන් කටයුතු සිදුකෙරුණු 2016 වසරේ නොවැම්බර් මස 5 වැනිදා ඊට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිඥාවක් ද ලබාදුන්නේය.

ඒ අනුව අපේ ගම පරිශ්‍රයේ පර්චස් 120ක භූමි භාගයකදී 2017 වසරේ අගෝස්තු 28 වැනිදා මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර එහි වියදම රුපියල් කෝටි 20ක් බවට ඇස්තමේන්තුගත කර තිබිණි.

දිගින් දිගටම ඉදිකිරීම් ප්‍රමාද වෙමින් පැවති මෙම අමරදේව අසපුව 2019 අගෝස්තු 31 දිනයේදී ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට එම වසරේ ජූනි මස උපදෙස් දී තිබුණත් එහි ඉදිකිරීම් මේ දක්වාත් අවසන් කර නොමැත.

එවක ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඉදිකිරීම් ආරම්භ වූ මෙහි කටයුතු වත්මන් රජය යටතේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට පවරනු ලැබූ අතර, මෙහි ඉදිකිරීම් පමාවෙමින් ගොඩනැගිලි වල්වැදෙමින් පැවතීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා මාධ්‍ය මගින් ද අනාවරණය කර තිබිණි.

කෙසේ වුවත් මේ වන විට එහි ඉදිකිරීම් යළි ආරම්භ වී ඇති බවත් නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් එහි ඉදිකිරීම් කරමින් සිටින බවත් සුනිල් ආරියරත්න මහතා පැවසීය.

තවත් මාස 8ක් පමණ ඇතුළත මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසූ බව ද ආරියරත්න මහතා සඳහන් කළේය.

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ බාල දියණිය වන සුභානි අමරදේව මහත්මිය සහ පුත් රංජන අමරදේන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

ගුරු බැතියෙන් අමර සමර...

Ruwan R Monday, 07 November 2022 10:30 AM

මෙහෙම හරි මේ කටයුත්ත ඉටු කරන්න ඉදිරිපත් වු හැමෝටම පින්..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 99 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 222 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site