IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගුරු වැටුප් ගැටළුවට යක්කුත් එකතුවෙයි

(ශාන්ත රත්නායක)

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා විශ්ව විද්‍යාල සිසුන් කොළඹ නාවල වීවෘත  විශ්ව විද්‍යාල ඉදිරිපිට අද (05) විරෝධතාව පැවැත්වූහ.

විරෝධතාවයට එක් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා විශ්ව විද්‍යාල සිසුන් විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව සඳහා විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කර සිටියහ.

මෙම විරෝධතාවයෙදී ගරා යක් නැටුවක්ද පැවැත්වණි.



අදහස් (23)

ගුරු වැටුප් ගැටළුවට යක්කුත් එකතුවෙයි

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Friday, 05 November 2021 05:05 PM

මේක තමයි ගුරු අභිමානය. මේ අය දන්නේ නැහැ ඇතැම් ගුරුවරු උදේ 6 ට පන්ති ආරම්භ කරලා සවස 4 - 5 වන තෙක් උගන්වල ගෙදර යනවග. පාසල් වල 3,4 සහ 5 පන්ති වල මෙන්ම සාපෙල විභාග ලියන පන්තිවලට ගුරුභවතුන් උගන්වන්නේ තම දරුවන් පවා අමතක කරලා. බොහෝ ගුරු මහත්මීන් තමන්ගේ ස්වාමි පුරුෂයාටවත් හරිහැටි කන්න වේලක් නොදී තමයි තම සේවය එලෙස ඉටු කරන්නේ. එහෙම කරලා විභාග පාස් වුණාට පස්සේ, මහ ඇමතිය හෝ වෙනත් දේශපාලකයෙන් ඒ දරුවත් එක්ක පොටෝ ගහලා, ඒ පොටෝ එක හැම ගෙදරකම සාලෙ මැද්දේ තියෙන විදියට තමයි වැඩ කරන්නේ. නමුත් ඔය දේශපාලුවො කවුරුවත් මේ එකම දරුවෙකුටවත් අඩුම තරමින් පැන්සලක් වත් අරං දිපු අය නොවෙයි. මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු 27ක් වෙනවා. පසුගිය වසර 20ක් පමණ දකුණේ සමහර දේශපාලකයින් මගේ තාත්තාට උපන්දින සුබපැතුම් පත් එව්වා. අවුරුදු ලිත් එව්වා. මේ මහජන බදුමුදල්. මට පුලුවනි තව ගොඩක් කරුණු කියන්න. ගුරු අරගලයට ජයම වේවා. නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කරමු.

:       55       48

NuwanSaturday, 06 November 2021 06:09 AM

වෙන්න ඇති. නමුත් ඒ මිනිස්සු කරන කැපවීමට ඒ ආයතනයට හෙවත් රජයට ගෙවන්න බැරිනම්? පුද්ගලික පාසල්වල ගුරුවරු අදත් වැඩ? එයාලට හොදට ගෙවනවද? දැනටමත් පිරිම් ගුරුකමට යන එක නවත්තල. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් වල ගුරුවරන්ට පඩි මදි කියල සේවය හැර යනවා. පුරප්පාඩු 1000 ට වැඩියි. අධ්‍යාපනය නිකන්ම පුද්ගලීකරණයට ලක්වෙලා නේද?

:       6       33

BamunuarachchiSaturday, 06 November 2021 09:26 AM

ඔබේ දේශපානය මෙතන අදාළ නැහැ. බල්ලොත් එක්ක බුදිය ගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියලා කතාවක් තිබෙනවා. ඔබලා දේශපාලකයොත් එක්ක හිටි නිසයි දැන් ඔය හිතේ අමාරුව. ඔබ ඔය කියන ගුරුවරු හිටියා 1950 ගණන්වල. දැන් ඉන්න ගුරුවරු දොස්තරලා වගේ බලාගෙන ඉන්නේ පාසල් වෙලාව පනින කම් ටියුෂන් පටන් ගන්න. අපි නොදන්න ගුරුවරු. ගුරුවරුන්ට පඩි වැඩිකරලා වෙනම බද්දක් ගහන්න පුලුවන්නම් හොඳයි. හොඳ ගුරුවරු නැත්තේද නොවේ. මොවූන්ගේ පඩි නවත්වන්න පඩි ඉල්ලයිද කියලා බලන්න.

:       12       47

චමින්ද Sunday, 07 November 2021 10:56 AM

බමුණු බද්දක් අයකරන්න නොවෙයි රටේ සියලු නිළධාරින් හා සේවකයින් පාලනය කරන ආයතන සංග්‍රහයේ ඕනම රජයේ නිළධාරින් හෝ සේවකයින් තමන්ගෙ සේවාකාලයෙන් බැහැරව සේවයට සම්බන්ධව භාහිර පාර්ශවයන් වෙනුවෙන් සේවා සැපයීම වෙනුවෙන් ලබන ආදායමෙන් සියයට 15 ත් 25 ත් අතර ගාස්තුවක් අයකර ගැනීමට රජයට හැකියාව තියෙනවා නමූත් ඒ සදහා වගකිවයුතු කිසිවකු ඒ ගැන කිසිම අවදානයෙන් නැහැ .යමෙකු තම සේවා කාලයට අමතරව (ටියුෂන් වැනි ) කරන සේවා සදහා අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය ලබා ගත යුතුය

:       0       0

බද්රානි Friday, 05 November 2021 07:34 PM

ගුරුවරුන්ගේ වැටුප් අරගලය අට වසර සමත් පොලිස් කාරයින් යොදාගෙන මර්දනය කිරීමට උත්සාහ කිරීමම ගුරුවරුන්ට කරන අපහාසයක්. ජරාව කාලා බඩ තර කර ගත්තාට, මොලේ නම් වර්ධනයක් සිදුවෙලාම නැති පාටයි. පොලිස් කාරයින්ගේ ළමයින්ටත් උගන්වන්නේ මේ සොච්චම් වැටුපට සේවය කරන ගුරුවරුන් බව ඔවුන්ට නොවැටහීම ගැන නම් ඉතින් ගැටළුවක් නැහැ. පාලකයින් ඉදිරියේ නිවට ලෙස ක්‍රියාකරමින් ඔවුන්ව රකින මුර බල්ලන් නොවී ජනතාවගෙන් වැටුප් ලබන මේ නිලධාරීන් ජනතාවට නිසි ගෞරවය ලබා දෙන්නේ නම් අපිත් පොලිසියේ රාජකාරියේ නියුතු වැදගත් මහත්තුරුන්ට ගෞරව කරන බව දැන්වීමට කැමැත්තෙමි. මම ඊයේ පෙරේදා දැක්කා ප්‍රාදේශීය සභාවක අං ලොකුවට වැඩුණු තඩි මී හරකෙක් ගුරුවරුන්ට අනින්න එලවාගෙන යනවා..

:       80       24

MalikaSaturday, 06 November 2021 09:02 AM

පොලිසියේ අයට ගුරුවරුන් ගේ සොච්චම් වැටුප ගැන හැගිමක් නැහැ. නමුත් ගුරුවරුන් කොපමන උත්සහ කරනවද දරුවන්ට අකුරු කරවන්න. ගුරුවරුන්ට මගේ උපහාරය.

:       28       13

sujeewaSaturday, 06 November 2021 09:32 AM

නැවතත් ඔබ ඔබගේ නූගත්කම නැත්නම් මෝඩ කම ප්‍රදර්ශණය කරමින් ඉන්නවා. සමාජය පිළිබඳ අධ්‍යයනය නොකර සියල්ල දත් වගේ නොහැසිරෙන්න. කිසිත් නොදන්න අයකු ඔබහට රැවටීමෙන් සමාජයට වෙන අයහපත විශාලය. ඔබ කියනා නිලධාරියාගේ තරුවත්, පෙනුමත් සැලකූ කල ඔහු 8 පාස් අයකු නොවන බව පමණක් කියනු කැමැත්තෙමි. සෑම අයකුම තමාගේ කේෂ්ත්‍රය තුල ප්‍රවීණයන් වන අතර තමා නොදන්නා කේෂ්ත්‍රයන්හිදී අදබාලයන්ය. නිලධාරිය කතා කල දෙය කුමක් වුවත් ඒය ඔහුගේ කේෂ්ත්‍රය විය හැකිය.

:       4       55

සමන්තාSaturday, 06 November 2021 01:57 PM

අටපාස් එකාටත් කොස්තාපල් වෙන්න පුළුවන්... ඉන් පස්සෙ පළපුරුද්ද අනුව තරු ලැබෙනවා. මෙතන ඉන්නෙත් එලෙස තරු ලැබූවෙක් කියලා හිතන්න බැරිද සුජීව...?

:       22       6

බද්රානි Saturday, 06 November 2021 03:11 PM

අනේ මොනවට කියනවද උගතා හා නුගතා හැසිරෙන විදිහෙන් කියන්න පුළුවන් උගත්කමේ තරම. අනුන්ගේ නියෝග ඉටුකිරීමට ගුරුවරුන්ව මෙලෙස අගෞරවයට පත් කිරීම සාධාරනී කරණය කරන්නෙත් එවැනිම නුගත් මෝඩයින්ම තමයි. නුගත්, මන්ද බුද්ධිකයින් කරලියේ බඩ පිනුම් ගසමින් සුරසැප විඳින රටක, සොච්චම් වැටුපට සේවය කරන ගුරුවරුන්ගේ දුක නොදැනීම එක අතකට, පුදුම වෙන්නත් දෙයක්ද? හාල් ඇටයේ සිට සියලුම භාණ්ඩ වල මිල අහස උසට නැග ඇති මොහොතක ගුරුවරුන් ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කල යුතු යි

:       0       0

sujeewaSaturday, 06 November 2021 03:41 PM

සමන්තා ඔබ වුවද නූගතෙකි. නූතනයේදී පොලිස් කොස්තාපල් තනතුරට අට සමත් වූවන් බඳවා ගන්නේ නැත. එසේ බඳවාගත් යුගයේදී ගුරුවරුන් බඳවාගෙන ඇත්තේ සාමාන්‍ය පෙල සුදුසුකම් මතයි. එකල බඳවාගත්තවුන් මේ වනවිට විශ්‍රාමයාමට ආසන්නයේ පසුවේ. කොස්තාපල් වරයෙකුට උසස් අධ්‍යාපන සුදුසුකම් වලින් තොරව උප පොලිස් පරීක්ෂකයකු වීම සඳහා වසර 20 කට වඩා ගතවන අතර එයද සීමිත කාඩරය තුළ ලබාදෙන පුරප්පාඩු ප්‍රතිශතය තුළ පමණි. උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා පවතින කාඩරය තුල උපාධිය සුදුසුකමක් වන ප්‍රතිශතයක්ද පවතියි. මා දන්නා උපාධිධාරී ‌උප පොලිස් පරීක්ෂකවරු සිටිනා අතර මේ වනවිට නීති උපාධියේ අවසාන වසරේ සිටින උප පොලිස් පරීක්ෂක වරුන්ද සිටී. ගුරුවරුන් සාමාන්‍ය පෙල හෝ උසස්පෙලින් පැමිණ පසුව කෙෂ්ත්‍රයේ උසස් සුදුසුකම් සපුරාගන්නා සේ පොලිසියටද ඒ ලෙසම උසස් අධ්‍යාපනය හැදෑරීමේ ක්‍රමවේද පවතී. ඒකම වෙනස් වන්නේ ගුරුවරුන්ට උසස් අධ්‍යාපන සුදුසුකම් ලැබූ පමණින්ම උසස්වීම ලැබුණද පොලිස් සේවයට ඒලෙස උසස්වීම් නොලැබීම පමණකි. තමා උසස් ලෙසත්, අනුන් පහත් ලෙසත් සැලකීම මානසික රෝගයකි.

:       35       8

බද්රානිSaturday, 06 November 2021 06:42 PM

සුජීවා බමුණු ආරච්චිගේ නංගි කෙනෙක් වගෙයි කතාවෙන් නම් පේන්නේ. දෙන්නාමටම ගුරුවරුන් පිළිබද වෛරයක් තියන එක සාධාරණයි. එත් ඉතින්, ඔබලාගේ අධ්‍යාපන සහතිකය දෙස බලා ගුරුවරුන්ට වෛර කිරීම හා අපහස කිරීම නම් කිසිසේත් අනුමත කරන්න බැහැ. අඩු තරමේ ප්‍රථමික අධ්‍යාපනය හරි ලබා දුන්නේ ගුරුවරුන් බව අමතක කරන්න එපා. මොනා උනත් අපිට නම් ඉතින් ගුරුවරුන්ට කටක් ඇරලා දෝෂයක් කියන්න බැහැ. සුජීවයි, බමුනුයි, ලංකාවේ පොලිස් මහත්රතුන්ව නම් හොඳට හඳුනන පාටයි. නිතරම පොලිසි වල ලගින අයට පොලිසිය හරිම හිතවත් බව අපිත් දන්නවා. ගුරුවරුන්ට දොස් නගන මානසික ඇඳ බාලයින්ගෙන් අපට වැඩක් නැහැ. කරුණාකරලා ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න. නැත්නම් අපේ රටේ අධ්‍යාපනය වලපල්ලට යන එක නවත්වන්න බැහැ . මහා පරිමාන ටියුෂන් කාරයින් ගෙන් බද්දක් අයකර ගැනීමට රජය ක්‍රියා කල යුතුයි.

:       0       1

BamunuarachchiSaturday, 06 November 2021 09:41 AM

මේ වහන්සේ මොනවද මේ කියවන්නේ? පොලිස් නිලදාරීන් කරන්නේ රාජකාරියක් ක්‍රීයාත්මක කරන්නේ ඔවුනට ලැබෙන නියෝග මිසක් කාටවත් ඕන දේවල් නොවෙයි. දෙන්න එපා සතයක්.

:       6       26

මොට්ටපාලSaturday, 06 November 2021 02:04 PM

බමුණු කියන්නේ පොලිස් නිලධාරින් කියන්නේ රොබෝවරු කියලද? රොබෝවරු කරන්නේ ලැබෙන නියෝගය ක්‍රියාත්මක කරනවා මිස හරි, වැරැද්ද බලන්නේ නැහැනේ... බමුණෝ, පොලිසියට අපහාස කරන්න එපා...

:       19       5

sujeewaSaturday, 06 November 2021 03:49 PM

මොට්ටපාල කියන නමටම ගැලපෙන අදහස්... යම් කණ්ඩායමක් ඔවුන්ගේ පුද්ගල අයිතිවාසිකම් ඉල්ලා පාරට බසින විට එයට කිසිම අදාලත්වයක් නැති ඊට වඩා පිරිසකට තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් කලට වේලාවට ඉටුකර ගැනීමේ අයිතියට බාධාවක් වෙනවා. කොටින්ම පාරවල් අවහිර වෙනවා. දෙගොල්ලන්ගේ අයිතිවාසිකම් අතර සමබරතාවය රකින්න තමයි පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ. සමස්ථ රාජ්‍ය සේවයේම ඉන්න ලක්ෂ 15 ක් හෝ 20 ක් ගත්තත් ඒ් වගේ කී ගුණයක් ඉන්නවද අවහිරතාවයට පත්වන ජනතාව. හොඳට බලන්නකෝ ආදර්ශමත් සියල්ල දත් උතුම්ම ගුරෙකුගේ මුඛ ආවරණය තියෙන තැන. මේ කාලයේ බලන්න ඕන ඒවා මිසක් විකාර දේවල් නෙවෙයි.

:       4       27

BamunuarachchiSaturday, 06 November 2021 03:50 PM

ෂාහ්..! නමටම හරියන අදහස. ලෝකේ මොන රටේ මොන හමුදාවේද ඉහළින් එන නියෝග තෝරලා බේරලා පිළිපදින්න ඉඩ දීලා තිබෙන්නේ? දෙන නියෝග කෙලින්ම ක්‍රියාත්මක කරන්නයි කියලා තියෙන්නේ. පොලිසියේ ඒක කරන්න බැරි නම් පොලිස් ඇඳුම ගලෝලා ගෙදර යන්න පුළුවන්.. හමුදාවේ නම් කෝට්මාෂල් යන්න පුළුවන්. අනේ මල්ලි මෙහෙම කරන්න කියන නියෝග නොවෙයි එන්නේ... එක තැන පැලවෙන්න එපා.. ලෝකේ ගැන ඉගෙන ගන්න. ඉඳලා හිටලා ඇමෙරිකන් සිනමාවක් බලන්න.

:       2       21

Harsha Saturday, 06 November 2021 08:28 AM

ගුරුවරයාට නොසලකන රට දිනෙන් දින වල පල්ල්ලට යනු ඇත. එවිට තොගය පිටින්ම පිට රටට විකුණා දැමිය හැකිය. අනෙකුත් රාජ්‍ය සේවකයන්ට සාපේක්ෂව මොවුන්ට ලැබෙන දෙයක් නැත. පාලකයිනි බොරුව නැතිව මෙම ගැටළුව වහා විසදුනු...

:       41       12

Bamunuarachchi Saturday, 06 November 2021 09:45 AM

ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මොවුන්දෙදෙනාගේ ඔලුදෙක එකට හප්පන්න මොලේ වර්දනය වෙන්න

:       13       45

ගමේ එකාලාSaturday, 06 November 2021 09:03 PM

තමුන්ගෙ සමහර කියුම් වලින් මොලේ උඩ ඉන්නබවයි පේන්නේ ?

:       0       0

SL Saturday, 06 November 2021 12:08 PM

රටේ ආර්ථිකය මෙච්චර වැටිලා තියෙන වෙලාවක් ජවිපෙ ,පෙරට්ටුවන්ගේ තියෙන අසික්කිත කම පෙන්වීමක්... අඩු පඩියට වැඩ කරන්න බැරි නම් ගෙවල් වලට යන්න මොකටද එල්ලිලා ඉන්නේ.

:       12       59

prabash Saturday, 06 November 2021 01:14 PM

ඉවසල ඉවසල බැරිම මොහොතේ තමයි ඉවසීම තියෙන්න ඕනේ... අවුරුදු ගාණක් පඩි වැඩි වෙනකන් බලන් ඉඳලා අන්තිම මොහොතේ කොටස් දෙකකින් වැඩිකරලා දෙන්න හදනකොට චොර කර ගන්නවා...

:       7       51

Sanjeewa Saturday, 06 November 2021 07:20 PM

1.30ට ගාථා කියලා ළමයි පාසලින් එළියට යන්න කලින් ගුරාලා එළියට ගිහින්, ටියුෂන්... මුදල් අමාරුකම් ඇති මගේ හිතේ....

:       3       38

sampath Saturday, 06 November 2021 11:10 PM

ගුරුවරයා හරියට ඉගැන්නුවොත් පොලිසියට රස්සාව නැතිවෙනවා.

:       0       1

beau Sunday, 07 November 2021 02:38 AM

ඇත්තෙන්ම මොකක්ද දැන් තියන ප්‍රශ්නය .ගුරුන්ට ,ලොක්කන්ට මාසෙකට කීයක් ලැබෙනවාද?ඒ ගොල්ලෝ කීයක්ද ඉල්ලන්නේ ?දේශපාලුවන්ට හරි රජයේ සේවකයින්ට මාසික වේතනය නිශ්චය කරන චක්‍රයක් තියනවද ?මේවා නේ මේ ප්‍රශ්නයට ගුරු වර්ජන ගැටලුව අදාළ,අනිත් ඒවා තේරුමක් නැති රණ්ඩු .එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ වැඩ වර්ජනය යුක්ති සහගතද,නැද්ද කියලා .මම නොදනිමි එම නිසා අහන්නේ .දන්නා කෙනෙක් අපිට කියා දෙන්න කරුණාකර

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36122 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site