IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගුරු සංගම් විරෝධය

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ගුරු සංගම් කිහිපයක් එක්ව  අද (04 ) පැවැත්වු  උද්ඝෝෂණයේ දී    එහි පැවැති කළහකාරී  අවස්ථාවේ ඡායාරූප  

 

වැඩිදුර විස්තර සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න

https://tinyurl.com/ybmufmzt



අදහස් (21)

ගුරු සංගම් විරෝධය

rohan Wednesday, 04 July 2018 11:21 AM

මේ ගුරුවරුද මැරවරයෝ ද කියලා හිතාගන්න බැහැ මේ ගොල්ලොද අපේ අනාගත පරපුරට නැණ නුවන ලබාදෙන්නේ ? දෙමුපියනි දෙවරක් නොව තුන්වරක් සිතන්න ඕනේ කාරණයක්.

:       1250       1527

senaka Wednesday, 04 July 2018 11:39 AM

ඉස්කෝල වලට ගිහින් මේ වගේ අයගෙන් ඉගෙන ගන්නවට වඩා හොඳයි, තමන්ගේ ළමයින් ටුව්ෂන් පන්තියකට ඇරලා උගන්වන එක.

:       484       542

mahinda Wednesday, 04 July 2018 12:31 PM

මේ අය තමයි රටේ අධ්‍යාපනය කා දමන්නේ

:       123       168

ගාල්ෙල් පාල Wednesday, 04 July 2018 01:10 PM

මේ අයද පාසල්වල උගන්වන්නෙ. සාපෙළ, උ/පෙළ අසමත් අය ගුරු සේවයේ නැහැ. පහුගිය ආණ්ඩුවේ උසස්වීම් ගත්ත අය තමයි අද කලබල කලේ

:       237       341

PIYAL BATUWANGALA Wednesday, 04 July 2018 01:54 PM

මේ අයටද ගුරුවරු කියන්නේ රොෂාන් සේනක ඔයාලගේ කතාවට මමත් හවුල්කරුවෙක්

:       203       144

Pradeep Wednesday, 04 July 2018 02:13 PM

මේ ක්‍රියාව හෙලා දැකීමට පෙර ඔවුන් ඒ සදහා පෙළඹුන හේතුව හොයන්න ඕන. ගුරු වෘත්තීය කියන්නේ ඉතාම වැදගත් වෘත්තියක් වගේම හොද දැනුමක් ඇති අය කල යුතු වෘත්තියක්. දේශපාලන පලිගැනීම් වලට ලක් වුනා කියන කාරණය ගුරු වෘත්තියට සුදුසුකමක් වෙනවා නම් ඒක කොයිතරම් දුරට සාධාරණද? එතකොට ඒ අයගෙන් ඉගෙන ගන්නා දරුවන්ට යන කලදසාව.. ඒ දරුවෝ හැමෝම දේශපාලනයට යනවනම් ගැටළුවක් නෑ. මොකද ඒකට උගත් කමක් අවශ්‍ය නැති නිසා.

:       7       256

saman Wednesday, 04 July 2018 02:17 PM

මොකද නැත්තේ. මගේ පන්තියේම ඉගෙනගත්ත අපොස හරියට සමත් නැති කාන්තාවක් ගුරුවරියක් වෙලා ඉන්නවා. එයාට තිබුණු එකම සුදුසුකම දේශපාලනයයි, ජනසවිය ලැබුණු එකයි විතරයි

:       44       126

rasika Wednesday, 04 July 2018 02:30 PM

ගොඩක් ගුරුවරු ඉස්කෝලවලට ගියා. මේකට සම්බන්ද වුනේ නෑ.. මෙතන ගොඩක් හිටියේ අධ්‍යාපන පරිපාලන සේවකයෝ.. මොවුන් බොහොමයක් දේශපාලන පත්වීම්. ගුරුවරු දන ගස්සපු එකටවත් මේ ගුරු සංගම් උද්ගෝෂණ කලේ නැ. මෙතන ඉන්න අධ්‍යාපන පරිපාලන නිලදාරීන් කවදාවත් ගුරුවරු ගැන හිතුවේ නැ. අධ්‍යාපන පරිපාලනෙම දේශපාලනීකරණය වෙලා. සමහර ගුරු උපදේශකලට උපාධියක්වත් නැ. හැබැයි උපදෙස් දෙන්නේ උපාධි තියෙන අයට. ගුරුවරුන්ගේ කැපවීම එදත් අදත් විශිෂ්ටයි. ගුරුවරුන්ට කොච්චර ගැටළු තියෙනවද කියල හොයල බලන්න කවුරුත් නැ.. බස්නාහිර පළාත් අධ්‍යාපන සේවය අන්තිමයි. ඔක්කොම දේශපාලනීකරණය වෙලා .

:       4       156

saama Wednesday, 04 July 2018 02:49 PM

මේ වගේ මැර ගුරුවරුන්ද අපේ ළමයින්ට උගනන්නේ .ප්‍රශ්නයක් තිබේ නම් සාකච්ඡා මාර්ගයෙන් විසදාගැනීමනේ හොද. අනේ මන්දා යහපාලනය හොද වැඩිද ?

:       83       29

ධනුෂ්ක Wednesday, 04 July 2018 03:09 PM

අද රටේ හැම තැනම පිරිහීමට හේතුව තමා ස්වාධීනව තිබිය යුතු තැන් වලට දේශපාලන මුල් බැසීම. මෙහි සියලු සංසිද්ධිත් එහි එක් පැතිකඩක්. හැබැයි අසාධාරණයට එරෙහිව සටන් කරනවා අැර උඩ අය කියන විදියට බෝධි පූජා හෝ යාඥා කරලා වැඩක් නෑ. මොකද බීරි අලින්ට කන් අැහෙන්නේ මේ වගේ ලොකු ශබ්දයක් දැම්මම නැත්තන් අැහෙන්නෑ වගේ ඉන්නවා.

:       52       68

සුරංග Wednesday, 04 July 2018 04:57 PM

ගුරුවරු මේ වගේ තත්වයට පත්විය යුතු නෑ. ඔවුන් ඉතාම ගරු ගාම්භීරව සිටියුතු පිරිසක්. නමුත් ඔවුන්ට එපරිදි සිටීමට පරිසරයක් රටේ නැහැ. තිබෙන නීතිය හරි හැටි ක්‍රියාත්මක වෙනවා නම් මෙවැනි වැරදි සිදු වෙන්නේ නෑ. නීතියක් අනුව ක්‍රියාත්මක වන පරිපාලනයක් රටේ හැම තැනම නැති නිසා තමයි මේ රටේ ජීවත් වීමට ඔළුවක් තිබෙන මිනිස්සු අකමැති වෙලා පිට රටට සේවය කරමින් ආවඩමින් සිටින්නේ. මේ ගැටළුවේදී දේශපාලකයොන්ට විතරක් අත දිගහරින්න බෑ. ඔවුන් ලඟ ඉන්නවා විශ්‍රාම ගිය හා විශ්‍රාම යන වයසේ නිලධාරීන්. ඔවුන් නීතියට මුවා වී වැරදි කරනවා. ඇමතිතුමා එක් පොල් ගෙඩියක් කඩන්න කිව්වාම නිලධාරීන් ඒ පොල් ගෙඩිය ඇමති තුමාට කඩලා දෙනගමන් ඔවුන් ද වත්තේ තියෙන් ඔක්කොම පොල් ඇමතිතුමාටත් හොරා කඩා ගන්නවා. මගේ නම් අදහස අද නිලධාරීන් දන්නේ කාටහරි කරදරයක් කරන්න පුලුවන් නීතිය විතරයි. සේවයක් කිරීමට තියෙන නීති ගැන දන්නේ නෑ. දන්න විත්තිය පෙන්නන්නෙත් නෑ. මහජනයා පහල සේවකයෝ දුක් විඳිනවා. මෙම තත්වය උසස් යැයි හිතනා විශ්වවිද්‍යාල වලත් තියෙනවා. ගොඩක් ආචාර්‍ය වරු තමන් ගේ රාජකාරිය නොකර උසස් පෙල ටියුෂන් කරනවා. උසස්පෙල ටියුෂන් ගුරුවරු කොහොමද මහාචාර්‍ය වෙන්නේ.

:       7       102

සමීරWednesday, 04 July 2018 06:17 PM

ඔබ කියන කථාව ඇත්ත. රජයේ නිලධාරීන් ලෙස නොගැලපෙන අය තමයි ඉන්නේ. මිනිහෙකුට කථා කරන්න දන්නේ නෑ. තමාගේ කාර්‍යය මොකක්ද කියලා දන්නේ නෑ. නිලධාරීන්ට එක වසරේ ඉඳලා උගන්වන්න වියඳම් කලෙත් අපි. කැම්පස් යන්න වියඳම් කලෙත් අපි. නිකං ඉන්න කොට පඩි ගෙවිවෙත් අපි. ගෙදර ලමයිගේ වැඩටිකට වාහන දීලා වියඳම් කලෙත් අපි, ගෙදර ලමයින්ට පරිඝණක අරන් දුන්නෙත් අපි. මේවා සත්‍ය ඇත්ත. තමන්ගේ නොහැකියාව වහගන්න දක්ෂයෙකුට හෝ අවංක අයකුට ඉහලට යන්න දෙන්නේ නෑ.

:       0       0

ධනුෂ්ක Thursday, 05 July 2018 01:21 AM

ගාල්ලේ පාල දන්නෑ. ඉස්සර එහෙම පත්වීම් ගත්ත අය ඉන්නවා.

:       0       16

lalithsjm Thursday, 05 July 2018 02:24 AM

ගුරුවරු සටන් කරන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. මේ දේශපාලකයන් හා ඔවුන්ගේ අය තමා අද මේ ගෞරවනීය වෘත්තියට මේ වගේ අපරාධයක් කරලා තියෙන්නේ. ඔබලාගේ සටනට ජයම වේවා

:       0       17

isurandi Thursday, 05 July 2018 03:50 AM

අසාධාරණය පිටුදකින නිසානේ කොයි කවුරුත් උද්ගෝෂණ පවත්වන්නේ. යම්තාක් දුරට සාධාරණයක් ඉටුවෙනවානම් ඕනෑම කේෂ්ත්‍රයකට පවතින රජයකින්. එහෙමනම් තීරණයකට එළඹෙන්න පුළුවන් මෙවැනි උද්ගෝෂණ කොපමණ දුරට සාධාරණද ,අසාධාරණද කියලා!

:       0       82

රංසි Thursday, 05 July 2018 01:55 PM

ඔබ හරි

:       0       12

Sathya Thursday, 05 July 2018 04:08 AM

සමහර අයගේ ප්‍රතිචාර දැක්කම හිතෙනවා සාමාන්‍ය දැනීමවත් නැති මිනිස්සුද එහෙම නැත්නම් කුලියට කමෙන්ට් කරන අයද කියල. අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් මුලින්ම නැවත්තුවනම් නිවාඩු දෙන්න, උද්ඝෝෂණ කරන්න වෙන්නේ නෑනෙ. දේශපාලන පලිගැනීම් කියල බඳවා ගැනීමේ පරිපාටි , සේවා ව්‍යවස්ථා උල්ලංගනය කරමින් උසස්වීම් දෙන්න පුලුවන්ද? කලින් ආණ්ඩුව දුන්න කියල, මේ ආණ්ඩුවත් ඒ වරදම කරන්න ඕනිද? රටේ මිනිස්සු නැගී සිටින්න ඕනි මේවාට විරුද්දව. අපිට අදාළ නෑ කියල කට වහන් හිටියම පාලකයෝ දිගටම කරන්නේ එකම තමා. රට හැමදාම එකම තැන.

:       6       189

janahitha Thursday, 05 July 2018 06:01 AM

ලෝකය වෙනස්කරන ගුරු දෙවිවරුන්ගේ ගරුත්වය නැතිකිරීමට හා මෝඩයන් පිරිසක් බිහිකිරීමට වත්මන් ආණ්ඩුව ඔවුන්ව මේ දෙයට පෙළඹුවා. ගුරුවරුන් කරන මෙහෙය දන්නේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත අයයි. ඔවුන්ට දොස් නැගීමට පෙර ඔවුන් ඔබල වෙනුවෙන් කොයි තරම් කැපවීමක් කලාදැයි ඔබලාගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න .

:       0       19

Ran Man Thursday, 05 July 2018 08:14 AM

අලි විදුහල්පතිවරු අද හෙට ඉදීවි.

:       0       0

Daham Thursday, 05 July 2018 08:31 AM

ගුරු පුහුණු විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාව ඉගනගත් උපාධි සහිත ගුරුවරු අතලොස්සක් සහ, දේශපාලකයෝ පස්සේ ගිහින් වෙන කිසිම රස්සාවකට සුදුසුකමක් නැති ගණිතයත් අසමත් නමුත් පිනට ගුරුවරු වෙච්ච බහුතරයකුත් ඉන්න ඉසා තමයි උගත් වැදගත් ගුරු වෘත්තිකයන්ටත් අවමානයක් වෙන්නේ

:       0       6

nuwan Thursday, 05 July 2018 05:25 PM

ගුරුවරුන්ට ඉතාම අසාධාරණයක් වෙලා තියෙන්නේ හැමදාම? කවදාවත් ගුරුවරු උද්ඝෝෂණ කලාද පඩි වැඩි කරන්න කියල නෑ.. හැමදාම කලේ ගුරුවරු අනුන් ගැන හිතන එක.. අනුන්ගේ ළමයි හදන එක. සමහර ගුරුවරුන්ගේ වැටුපට සමානයි අධ්‍යාපන සේවයේ කම්කරුවන්ගේ වැටුප දැන්. අවුරුදු ගනාක් කට්ට කාලා, උදේ ඉදන් පැය ගණනක් හිටගෙන පන්තිවල කෑගහලා ළමයින්ට උගන්වලා.. ගන්න පඩිය කීයද 22 000ක් මොකද ගුරුවරුන්ට අතිකාල තියෙනවද ? හවස පන්ති කලා කියලා ගෙවනවද? දැන් රටේ ඉන්න අම්මලට එක ළමයෙක් බලාගෙන ගෙදර ඉන්න අමාරුයි, එත් එක ගුරුවරයෙක් ළමයි කීයක් බලනවද ? ගුරු ඇගයීම ඉතාම පහලයි. අනෙක් රටවල ගුරු වෘත්තිය සමිති තම ප්‍රබලම. මේ උද්ගොෂනෙත් ගුරුවරු ගැන නෙමෙයි , ගුරුවරුන්ට තියෙන ප්‍රශ්න කවුරුත් කතා කරන්නේ නෑ.. මම දන්නා එක ගුරුවරියක් උගන්නන්න මීගමුවේ ඉදන් මතුගමට එනවා.. බස් 4 ක් ගන්න ඕනේ. ඔක්කොම මාරුවීම් කරන්නේ දේශපාලන මැදිහත්වීමෙන්. ඒවා අයින් කරන්න කියල කියන එක වැරදිද?

:       0       45

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19788 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site