IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගල්විහාර පූජා භූමියේ සැරිසරන සතුන්ට පොලිසියෙන් ආහාර


 (නිමල් ජයරත්න)
 
පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පූජා භූමියේ සැරි සරන රිලවුන්, මුවන් සහ සුනඛයින් ඇතුලූ වන සතුන්ට අවශ්‍ය ආහාර සහ ජලය ලබාදීමට පොළොන්නරුව පොලිසියේ නිලධාරීහු අද (07) කටයුතු කළහ.
 
පොළොන්නරුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ජි.එස්. සංජීව මහතාගේ සහභාගිත්වයෙන් මෙම කටයුත්ත සිදුකෙරිණි.
 
ගල්විහාර භාරකාර කන්දකැටියේ අත්තිදස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම පිංකම සඳහා පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ සහ ගල්විහාර පොලිස් මුරපොලේ පොලිස් නිලධාරින්ගේ සහය ලැබිණි.
 
රටේ පවතින තත්ත්වය මත ගල්විහාර පුජාභූමිය නැරඹීමට වන්දනා නඩ නොපැමිණීම හේතුවෙන් පුජාභූමියේ සැරිසරන වන සතුන් විශාල සංඛ්‍යාවක් ආහාර හිඟයකට සහ  පානිය ජල අර්බුදයකටද මුහුණ පා සිටිති.
 
පොළොන්නරුව පොලිසියේ සම්පත් උපයෝගි කරගනිමින් මෙම කටයුත්ත සිදුකළ අතර ජල බවුසර් මගින් ජලය ගෙනවිත් ගල් විහාර පූජා භූමියේ ස්ථාන 40 ක් ස්ථාපිත කර සතුන්ට අවශ්‍ය ජලය දිනපතා ලබාදීමට කටයුතු කරන බව පොළොන්නරුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.



අදහස් (20)

ගල්විහාර පූජා භූමියේ සැරිසරන සතුන්ට පොලිසියෙන් ආහාර

kaml Sunday, 07 June 2020 10:21 AM

ඔය බැරල් කැලි වැඩේ අවසන් වුණාම පොලීසියෙන්ම අවිත් අරන් යාවිද? නැතිනම් ඩෙංගු මදුරුවන්ට දාන ශාලාවක් වෙයිද?

:       160       2

පොලිස් Sunday, 07 June 2020 11:13 AM

ඔව්, අපි ඒ බැරල් අනිත් පැත්ත හරවලා තියන්නේ. ඇයි අවුල්ද? තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න.

:       3       150

KumarMonday, 08 June 2020 02:10 AM

ප්‍රශ්නයට පිළිතුරු ලියල තිබෙන්නේ ඇමෙරිකාවේ පුහුණු වුන පොලිස් නිලධාරියෙක් වගෙයි. වනසතුන්ට අහාර හොඳ ක්‍රියාවක් නොවේ. එසේ කිරීමෙන් ඒ සතුන් වැඩිවෙන අතර ඒ නිසා පරිසරයට හානි වෙන්න ඉඩතිබෙනවා. හොඳම නිදසුන මාවතගම රිලවුන් කුරුළු බිත්තර ගිලදමිමෙන් පලගැටියන් වැඩිවීමක් ඇති වෙලා තිබෙනවාලු. පොලොන්නරුව පැත්තෙත් එවැනි දෙයක් සිදුවිය හැක.

:       14       105

JaySunday, 07 June 2020 11:10 PM

හොද වැඩක් කළාම ඒක අගය කරන්නේ නැතුව නැති වැරද්දක් හොයන්න හදන්නේ ඔයත් අර 3% කොටසට අයත් කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් සතුන් සාගතේ මැරෙනකල් බලන් ඉන්න අමනුස්සයෙක් වෙන්න ඕනි.

:       0       92

රට වැසියාMonday, 08 June 2020 02:15 AM

අනේ මන්දා අපේ අයට මොනවා කරත් අවුල්.

:       0       39

GayanTuesday, 09 June 2020 04:47 AM

කුමාර් මහතා මෙතෙක් කලක් ඔය සතුන් කෑවේ බිව්වේ වන්දනා නඩ දුන්නු ඒවා එහෙම උනා කියලා සතුන් වැඩි වෙලා පරිසරය අසමතුලිත උනේ නැහැ. ඉස්සෙල්ලම ප්‍රශ්නය තේරුම් ගන්න

:       0       18

isurandi Sunday, 07 June 2020 10:33 AM

මිනිසාට වගේම තිරිසනාටත් බඩගින්න පිපාසය දැනෙනවා. මහා පරිමාණයෙන් විනාශකරන එළවලු පලතුරු මේ වගේ ක්‍රම වේදයකට සතුන්ට ලැබෙන්න සලස්වානම් මහගු පිනක්. ඒ වගේම මෙවැනි යහපත් සිතුවිලි පහල වන මෙතුමන්ලට ජාති ජාතිත් පිනක් මෙවැනි කටයුතු ඉදිරියටත් කරන්න විරිය ලැබෙන්න කියලා පතමි

:       0       50

විජිත් Sunday, 07 June 2020 10:43 AM

එකම රටේ, එකම ආයතනයක නමුත් හදවත් දෙකක්... ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.. එ් කොහොමද කියලා... බලන්න මේ පොලිස් නිලධාරී මහත්වරුන් කරන මේ සත්ක්‍රියාව... බව්වන්ට පාන් අතින්ම කන්න දෙනවා.. සමහර විට ඒ බව්වා එයාගේ ජිවිතයේ පළමු වතාවටම වෙන්න ඇති මිනිසෙකුගෙන් 'ආදරණීය' පාන් කැබැල්ලක් කෑවේ. සමහරවිට එයා එයාගේ යහලුවන්ටත් කියයි. ඊගාවට රිලව් සෙට් එකක් ඉන්නවා. ඒ අතරේ අම්මා කෙනෙකුත් ඇවිත් පැටියාවත් අරගෙන.. ඒ ගොල්ලොත් බඩගින්නේ ඉන්න ඇත්තේ.. තවත් තැනක වතුර භාජනයක්.. ඒ මුව පොව්වන්ට. පොලොන්නරුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක "සංජිව" මහත්මයා ඇතුළු සියලුම නිලධාරීන් "පොසොන්" දින කළ මේ සත් ක්‍රියාව අතරේම " වෙසක් " පොහොය දවසේ මීගමුවේදී සිදුකළ අළුගෝසු වැඩක් ගැනත් නොකියාම බැහැ. බ්‍රිටෝ ප්‍රනාන්දු මහත්මයාගේ සුරතල් බව්වා.." මැක්ස් ". නිවසේ තාප්පයට මුත්‍රා කල " නීති විරෝධී වරදට '' වෙඩිතබා ඝාතනය කළා. වෙඩි පහර කාගෙනම තමන්ගේ ගෙදරට ආ මැක්ස් බ්‍රිටෝගේ අත්දෙකමත මිය ගියා. වෙසක් පොහොයදා මේ අහිංසකයාව ඝාතනය කළේ විශ්‍රාමගිය පොලිස් නිලධාරියෙක්. වෙනස මේකයි.. පොළොන්නරුවේ පොලිස් නිලධාරීන්ට තිබූ 'හදවත' අර ඝාතකයාට පිහිටා නොතිබීමයි..

:       0       234

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 07 June 2020 11:43 AM

ඇත්තෙන්ම විජිත්, සමහර ස්ථානවල දේවතාවුන් වැඩ ඉන්නවා වගේම, යක්ෂයිනුත් සිටිනවා.

:       0       158

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 June 2020 10:56 AM

සියළුම දෙනාට අනේක වාරයක් පිං මේ අසරණ සතුන්ට ආහාර දුන්නාට. සියළුම සේයාරූ වලට මා කැමතියි. ඒත්, මං වැඩියෙන්ම කැමැති රිලා බබා ඉන්න එකට. හුරතල් මුහුණු පොඩ්ඩ.

:       0       54

පූජා Sunday, 07 June 2020 12:10 PM

අනේ 2වැනි ෆොටෝ එකේ ඉන්න, චුට්ටා මව් තුරුලේ නැලවෙමින් ඉන්නා ලස්සන. පොලිසියේ නිලධාරීන්ටත් උණුවෙන හදවත් තිබීම ගැන හරිම සතුටුයි.. බව්වලා නම් නිරෝගී පාටයි. පුජාභූමියේ සැරිසරන වන සතුන් විශාල සංඛ්‍යාවක් ආහාර හිඟයකට මුහුණ දී සිටින මේ දුෂ්කර අවස්ථාවේ... එම කාරුණික මහතුන්ගේ සත් ක්‍රියාව බෙහෙවින්ම අගය කරමු.

:       4       182

විජිත් Sunday, 07 June 2020 03:23 PM

පූජා, ඔය කියන චුට්ටාගේ හෙයාර් ස්ටයිල් එක නම් නියමයි.

:       0       25

Champa Sunday, 07 June 2020 02:57 PM

පොලිසියේ උතුම් ක්‍රියාවක්. වැදගත්ම දේ අද විතරක් නෙමෙයි දිනපතාම වතුර දෙනවා කියපු එක. බැරල් යොදා ගත්තේ මේ වැඩේ කරන්න පහසුවක් විදිහට වෙන්න ඕනේ. පලවෙනි පිංතූරෙන් පෙන්වන දේ ගැන පොඩ්ඩක් හිතුව නම් හොඳයි නේද? පොඩි රිලා පැටවුනුත් කීප දෙනෙක් ඇවිල්ල ඉන්නවා. හරිම හොඳ පින්කමක්.

:       0       6

ranjith Sunday, 07 June 2020 04:30 PM

විජිත් මහත්මයා, ඔබතුමාගේ මේ වාර්තාවේ තිබෙන මම කැමතිම තැන තමයි - අපි එකිනෙකා හුවමාරු කරගන්නේ අපේ හුස්මමයි... ඔබ හෙලන හුස්ම වාතලයට ගොස් නැවත මා කරා එනවා මම ගන්න හුස්ම ලෙස... මම අහනවාද ඒවා සිංහලද, දෙමළද නැත්නම් මුස්ලිම් හුස්මද කියලා..? - මේ වචන ටික මගේ පපුවේ කෙළවරටම කිඳා බැස්සා. ඇත්තටම අපේ රට කරන උන් ජාතිවාදයක් අවුස්සා අපිව අරගෙන යන්නේ කොහෙද කියා අපිවත් දන්නේ නැහැ. බලන්න සුළුතර කළු ජතිකයෙක්ට සිදුවුණා අසාධාරණයට විරුද්ධව බහුතර සුදු ඇමෙරිකානුවන් සටන්කරන හැටි.

:       0       36

විජිත් Monday, 08 June 2020 10:08 AM

ස්තුතියි රන්ජිත් මහත්මයා. හැබැයි ඔබ ක්ලික් කරද්දී ප්‍රමාද දෝෂයක් වෙලා. වොෂින්ටනයේ ඇමෙරිකානු ජනතාව සිදුකරන උද්ගෝෂණ ගැන මම ලියපු සටහනක ඔය කතාව මම ලිව්වා මතකයි. කමක් නැහැ..ඔබේ අගේ කිරීම ගැන ස්තුතියි.

:       0       30

vidya Monday, 08 June 2020 02:03 AM

පොලිස් සේවයෙහි ඉන්න මහත්ම මහත්මීන් ඉතාම සංවේදී . මට මතකයි අවස්ථා දෙකක පොලිස් නිලධාරනී දෙදෙනෙක් පොඩි දරුවන් යම් කිසි හේතුවක් නිසා ගෙවල් වලින් එලියට ගෙන තමන්ගේ දරුවකුට වගේ අඬනකොට එතුමියන්ගේ මව් කිරි පොවපු හැටි. මේ කරන දානමය ක්‍රියාදාමය අපි ඉහලින්ම අගය කරමි.

:       0       38

Pradeep Monday, 08 June 2020 02:56 AM

මනුෂ්‍යත්වය නම් මෙයයි. නොමිනිසුන් බහුතරයක් මැද මෙවන් උදාර මිනිසුන් සුළුතරයක් හෝ සිටීම සතුටට කරුණකි. මීට පෙර යාල වනෝද්‍යානයේත් මෙලෙස සතුන්ට ජල පහසුකම් සැපයූවිට ඒ ජලය පානය කිරීමට පැමිණි සතුන් දඩයම් කිරීමට තරම් කුරීරු වූ අමනුෂ්‍යයින් සිටියා. මිනිසා සොබා දහමෙන් ඈත්වන විට, සොබා දහමට වින කරන විට ඊට ප්‍රතිඵල ලෙස සොබා දහමින් ලැබෙන දඬුවම ඉතාමත් බරපතලය. මෙහි ආදීනව අපි දැනටමත් භුක්ති විඳිමින් සිටින්නෙමු. මුදලට, බලයට හැමදේම කලහැකියයි සිතා සිටිනා මිනිසා සොබාදම් මාතාව හමුවේ... සොබාදම් නීතිය හමුවේ ලිලිපුට්ටෙකි. අවාසනාව නම් මිනිසා කිසිදිනෙක මෙය වටහා නොගැනීමයි.

:       0       59

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 09 June 2020 02:55 AM

ප්‍රදීප් මහතා කීවේ රටක් වටිනා කතාවක්. එයට ස්තූතියි.

:       0       29

upali Monday, 08 June 2020 04:50 AM

කෝ මේ ඔතාරා නෝනා? ඔඩෙල් එකත් විකුණලා සතුන්ව බලාගන්නවා කිව්වනේද? ලංකාවේ ඉන්නවද?

:       0       5

leel gunawardena Monday, 08 June 2020 05:17 PM

කොහොමත් එදා ඉඳලා මේ සත්තු පුරුදුවෙලා තිබුනේ වන්දනා කරුවන් හරි, සංචාරකයන් හරි දෙන දේවලුත් කන්නයි. අමතරව... මෙය දැන් මගහැරිලා තිබෙනවා. එහෙම කියන්නේ මමත් හිටපු සංචාරක කටයුතු කළ කෙනෙක්‌.. අනුරාධපුරයේ 1980 වර්ෂයේ ඉඳලා, ඉතින් මේවා මම හොඳට දැකලා තිබෙනවා. මෙය යහපත් ක්‍රියාවක්.. මෙවැනි අවාසනාවන්ත වකවානුවක. පොලිස් නිලධාරීන්ට මගේ ප්‍රණාමය සැමට ජය...

:       0       35

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28416 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site