IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ගොවිජන මන්දිර’ විවෘත කරයි

මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය බත්තරමුල්ල ‘ගොවිජන මන්දිර’ ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරිමේ උත්සවය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පැවැත්විණි.

රාජ්‍ය සම්පත් සකසුරුවම් ලෙස භාවිතා කර වියදම් අඩුකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකෙරිණි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් සමරුඵලකය විවෘත කිරිම සිදුකරනු ලැබිණි.

 

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (17)

‘ගොවිජන මන්දිර’ විවෘත කරයි

Raveendra Friday, 31 January 2020 12:58 PM

මහජන මුදල් නාස්ති කරමින් මේ නොහොඹිනා උත්සව.. එක එක අයගේ නම් ගම් සහිත අර පාලක, මේ පාලක විවෘත කිරීම් කවදා අපගේ මාතෘ භූමියෙන් තුරන් වේද? තොරතුරු දැනගැනීමේ අටමගලේ යටතේ මේ සඳහා කාගේ මුදල් වියදම් වුනේද යන්න අප චමල් උන්නැහේගෙන් විමසීමට කැමැත්තෙමු. මෙම අදහස් රටේ මුල්පුරවසියාට ඍජුවම කියවීමට හැකි වේවා..!!!

:       102       421

janahitha Saturday, 01 February 2020 03:42 AM

ඔබතුමා මේ ගොඩනැගිල්ල තියෙද්දී සබීතා තුමියට අනුග්‍රහය දක්වන්න රාජගිරියේ මසකට මිලියන 2.4ක් ගෙවා වසර පහකට රජයේ මුදල් වෙන් කළ බව දන්නේ නැතිද? මෙය වසර 5ක් වනතුරු අවලංගු කල නොහැක. ඔබටත්, මටත් මිලියන 144ක් ගෙවන්නට සිදුවේ. මේ අපරාධය කරන්නට හවුල් වුණු පුද්ගලයා හිරේ දැමිය යුතු වුණත් පොහොට්ටුවට එකතු වී ඇමතිකම් දරයි. ඔන්න ඕකයි තත්වේ... යහපාලනයට ඡන්දෙ දුන්නත්, පොහොට්ටුවට දුන්නත් එකමයි.

:       0       6

EsalaSaturday, 01 February 2020 06:46 AM

අහලා බලන්න සජිත් උත්සව වලට වියදම් කරපු විදිහ ඉස්සෙල්ලම..

:       1       2

saman Friday, 31 January 2020 01:01 PM

වටේ ඉන්න සමහර අයගේ දුක්මුසු මුහුණු ටික බැලුවාම තේරෙනවා පහුගිය කාලේ ගොඩනැගිල්ලෙන් එයාලා කාලා තියන ප්‍රමාණය...

:       0       32

Chathuri Friday, 31 January 2020 01:07 PM

මේ ගොඩනැගිල්ල කලින් හදපු එකක් නේද? මේවා විවෘත්ත කිරීමටත් දේශපාලුවන් අවශ්‍ය නැත. මහන්සිවී වැඩකරන, හොරවංචා නැති වැසියෙකුට අවස්ථාව දෙන්න. ඉතිරි කෙරුවත් අවසානයේ ජනතාවට ඉතිරි වෙන්නේ බිත්ති හතර විතරයි... මේ පුද්ගලයින් ජේ.ආර්. ප්‍රේමදාස වැනි ජනාධිපතිවරුන් ඉද්දී... කොහේද හිටියේ? දන්නේ නැති නිසයි අහන්නේ...? අයියා ජනාධිපති වුණු ගමන් සියලුම දෙන දේශපාලුවන් වුණා. මැජික් එකක් වගේ. මැතිවරණයෙන් පස්සේ ජනතාවගේ දෙලොව රත්වෙයි.. පෝලිමේ ඉන්නවා තනතුරු රට කන්න.

:       2       105

chandima Friday, 31 January 2020 02:38 PM

උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ කෙලින් වෙන්නේ නැහැ කියනවනේ. මොනතරම් වියදම් අඩුකරනවා, උත්සව අඩුකරනවා කිව්වත්, පරණ ගොඩනැගිල්ලකට තීන්ත ගාලා පීත්ත පටියක්වත් කැපුවේ නැත්නම් නින්ද යන්නේ නැහැ වගේ...

:       92       174

janahitha Saturday, 01 February 2020 03:45 AM

පරණ ගොඩනැගිල්ල තියාගෙන මිලියන 144 සබීතා මහත්මියට, ඔහෙට, මට, ජනතාවට ගෙවන්න වෙනවා. මක්කයි ඔහේ මේ කියන්නේ? තවත් යූඑන්පී කරනවද කඩේ යනවද? පොහොට්ටුව මේක වලංගු කරන්නේ නැහැ. හිටපු ලොක්කගේ ඉල්ලීමට අපි ගෙවමු. ඔහේගේ ගෙදර මුට්ටිය රත් කරන්න බැරි වෙන ගනුදෙනුවක්...

:       4       0

ChandimaSaturday, 01 February 2020 10:21 PM

වලිගෙ පෑගිලා වගේ ?

:       0       7

Nandalal DE SILVA - France Friday, 31 January 2020 04:11 PM

රාජ්‍ය සම්පත් සකසුරුවම් ලෙස භාවිතා කර වියදම් අඩුකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකෙරිණි. අම්මෝ මෙහෙම සීග්‍රගාමී ජනාධිපතිවරයෙක් ! ජනාධිපතිවරණය තිබුනේ 2019 නොවැම්බර් අගදී. ගෝඨා මහත්තය විශ්වකර්ම දේවපුත්‍රයාටත් වඩා ඉක්මනට මේ බිල්ඩිම ඉදිකර, 2020 ජනවාරි අන්තිමට පෙර එහි පදිංචිය වෙනුවෙන් බාරදීම, ගිනස් වර්තාපොතට ඇතුල්කරොත් නරකද? මේ වගේම ඉතාම ඉක්මණට අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩවල මිළ ගණන් පහත හෙලා ජනතාවට සීඝ්‍රගාමී සහන දීමටත් එතුමාට පුළුවන් වේවා කියා පතමු...

:       3       60

JANABALA Saturday, 01 February 2020 03:54 AM

ප්‍රංශයේ නිසා පොඩි පටලැවීමක්... මේක හැදුවේ 2015 ඡන්දයට පෙර යහපාලනය මේක අවලංගු කරලා රාජගිරියේ මිතුරියකගේ ගොඩනැගිල්ල මසකට මිලියන 2.4 ගානේ අවුරුදු 5කට අරන් ගෙවන්නේ අපි 62 ලක්ෂයක් ජනතාව... මහජනතාව මෙතුමිය හිටපු ලොක්කෙකුගේ ඉතා කිට්ටු මිතුරිය අපේ ගානෙන් කුලියට අරන් තියෙන්නේ... ඔන්න ඕකයි තත්වේ. ඔය ප්‍රංශය තියෙන්නේ මාලිගාවත්ත කිට්ටුව නේද? කොස්ගස් හන්දියේ මේවා හොඳින්ම දන්නවනේ පොහොට්ටුව මේක කෙසේවත් අවලංගු කරන්නේ නැහැ. ලොක්කාගේ ඉල්ලීමට ණයවෙලා තියෙන මිලියන 144 අපිට ගෙවන්න වෙලා දෙවියෝ බලත්වා...

:       1       0

Gonawala sunilSunday, 02 February 2020 12:51 AM

ප්‍රතිචාර දක්වා ඇති කිසිම කෙනෙක් පුවත හරියට කියවා නැත. මෙතන පවසා ඇත්තේ ස්ථාපිත කරා යනුවෙනි. ඉදිකරපු බවක් කොහෙවත් සඳහන් කර නැත. මිනිසුන් කොපමණ මෝඩද කියා පේනවද? නිවැරදි දෙය දැකීමට සහ ලිවීමට නුවණ පහල වේවා !

:       0       1

අප්පුහාමි Friday, 31 January 2020 05:01 PM

නමින් ගොවිජන මන්දිරය වුවද ගොවියා මහපාරේය. මන්දිරයේ සිටින්නේ හාල්පාරුවන්ය...

:       3       70

appuva Saturday, 01 February 2020 03:46 AM

රාජගිරියේ මන්දිරයද?

:       1       0

බොරු වියදම් Friday, 31 January 2020 09:43 PM

රාජ්‍ය සම්පත් සකසුරුවම් ලෙස භාවිතා කර වියදම් අඩුකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකෙරිණි. මොකවද බන් මේ අන්දන්න හදන්නේ බොරු බයිලා ගහලා... වැඩනොකරන එක ආවත්, වැඩ කරන්න කියලා ආවත්, විරුවෙක් ආවත්, විරු හොරෙක් ආවත් මොකක් ආවත් බොරුවයි, හොරකමයි, නාස්තියයි. පරණ ගොඩනැගිල්ල තීන්ත ගන්න ඇති. ජනතාව ගොනාට අන්දන්න එක්කෝ ආණ්ඩුව නැත්තන් බොරු ප්‍රචාර... මෙතන පරණ ගොඩනැගිල්ලට ඇවිල්ලත් බොරු වියදම්, මාධ්‍ය සංදර්ශන වැඩ හා සේවාව නැහැ. ආකල්ප වෙනස් කරගන්නේ නැතිව එකෙක්ගෙන්වත් වැඩක් නැහැ. පුලුවන්නම් ඇමතිගේ ඉඳන් සුළු සේවකයා දක්වා වියදම්, වාහන නඩත්තු, ගොඩනැගිලි නඩත්තු සකලවිධ ඔබ ආයතනයෙන් කරන වියදමට රටේ ගොවි ජනතාවට සැබෑවටම ලැබෙන සේවය සංසංදනය කරපල්ලකෝ... වැඩි ප්‍රතිශතයක් යන්නෙත් බොරු ව්‍යාපෘති නම් යටතේ කොරන මගුල් වලට යන ප්‍රචාර, රැස්වීම්, උත්සව විතරයි. ඵලදායි වැඩේට අන්තිමට සල්ලි නැහැ.

:       0       0

ලුම්බිණි Saturday, 01 February 2020 02:51 AM

ඇත්තටම මේ ගොඩනැගිල්ල හදන්න පටන් අරගෙන ඉවර කරන්න ගියෙත් මාස දෙක හමාරද? අනික මේ පුවරුව හරියට ප්‍රචාරක දැන්වීමක් වගෙයි. රාජ්‍ය සම්පත් සකසුරුවම් ලෙස භාවිතා කර වියදම් අඩුකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව මේක කළා කියලා කිව යුතුද? එකම වියදම් අඩුව නම් ඉස්සර භාෂා තුනකින් කියන විස්තර දැන් එක භාෂාවක් මගින් කියන එකයි.

:       0       14

janahanda Saturday, 01 February 2020 03:47 AM

මහන්සි වී වැඩකරන, හොරවංචා නැති වැසියෙකුට අවස්ථාව දෙන්න.. දුමින්ද සහ රනිල් මැතිඳුන්ද සමග සබීතා මහත්මියද?

:       1       0

මල්ලි Saturday, 01 February 2020 06:44 AM

මේ ඵලකය සඳහා වියදම කීයක් විතර වෙයිද? මම නම් කියන්නේ ලක්ෂයකට වඩා වැඩියි. හොඳ සකසුරුවම...

:       1       6

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35234 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24055 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site