IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


චීන ජාතිකයෝ 100 ක් කොළඹදී අද යුග දිවියට

චීන ජාතිකයන් සිය දෙනකු යුග දිවියට පිවිසි මංගලෝත්වසයක් අද   කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණ.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබිණ. 

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන්ට අනුව මෙම විවාහ මංගලෝත්සවය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා – චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60 ක් පිරීම නිමිත්තෙනි.

සංචාරක අමාත්‍යංශය, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, කොළඹ චීන තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන රැසක මෙහෙයවීමෙන් මෙම මංගලෝත්සවය සංවිධානය කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පවතින චීන ආයෝජන සහ ඉදිකිරීම් රැසක් සඳහා චීන ජාතිකයෝ විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. චීන ජාතිකයන් වෙනුවෙන්ම පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල් සහ අවන්හල් රැසක්ද කොළඹ නගරයේ තැනින් තැන දක්නට ලැබේ.

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (34)

චීන ජාතිකයෝ 100 ක් කොළඹදී අද යුග දිවියට

piyal Sunday, 17 December 2017 01:56 PM

ආ... වත්තල ජෝන් මහතාත් ඔය ගිහින් තියෙන්නේ. සුජීව සේනසිංහ කිව්වට මෙයාට වයස අසූවක් කියල ඔය ඉන්නේ කොල්ලා වගේ.

:       113       406

mamaSunday, 17 December 2017 02:55 PM

චීන කොල්ලෝ බලාගෙන.... ඔය ඉන්නේ ටයිගර්..

:       4       483

RaveendraMonday, 18 December 2017 03:29 AM

මමා මයා වෙත, අප විශ්වාස කරනවා ඔබ අදහස් කර ඇත්තේ ව්‍යාඝ්‍රයා යන සත්වයාට විය හැකිය.

:       1       46

ChandimaMonday, 18 December 2017 06:28 AM

ජෝන් නොයන මගුලක් නැහැනේ බොලේ.

:       0       64

Gihan Sunday, 17 December 2017 02:48 PM

ඇත්තෙන්ම ලස්සනයි. සියළු දෙනාට සුභ මංගලම්!!!

:       0       235

sampath Sunday, 17 December 2017 02:48 PM

හිනාව බලල කියනවද අර අන්තිම රූපේ ඉන්න පිරිමි දෙන්නගෙන් මනමාලයා කවුද කියලා?

:       0       727

Rveendra Sunday, 17 December 2017 02:52 PM

අප විශ්වාස කරනවා විදේශිකයන් අතර ප්‍රචලිතව තිබෙන එක් ලාංකික අනන්‍යතාවයක් සිනහවෙන් කෙනෙකු පිළිගැනීම. අනේකවිධ ප්‍රශ්න තිබුණත් අප පිටස්තරයකු දුටුවිට අප සිනාවෙන් ඔවුන්ව පිළිගන්නවා. තවද සිනහවීමට ඕනෑම කෙනෙකුට වැයවන්නේ ඉතාමත්ම සුළු මාංශ පේශි ප්‍රමාණයක් බව අප කවුරුත් දන්නා කරුණක් වන අතර එමගින් තම ශරීර සෞඛ්‍යයටද හොඳක් ලැබෙනු ඇත.. පළමු ඡායාරුපයේ අපගේ සහෝදර කාන්තාවන් දෙදෙනෙකුගේ රූපකාය දැකීමෙන් අපහට ඇතිවුණේ කනගාටුවකි. කෙසේ වෙතත් අවසාන ඡායාරුපයේ " හාදයා අවුල් ජාලයක් වුණත් " සුන්දර සිනහවකින් මුව සරසා සිටීම ගැන අපද සතුටු වන්නෙමු. අද දින යුග දිවියට පත් ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරන්නෙමු.

:       1       1251

siri Sunday, 17 December 2017 03:08 PM

බලන්නකෝ අපේ මුල් ඇඳුම කොච්චර ලස්සනද? ඉස්සරනම් ඕව තිබුණේ උඩරට "ප්‍රභූ" පවුල් වලට අයිති දේපල හැටියටයි. දැන් චීන්නුත් අඳින්න පටන් අරන්.

:       92       284

jayantha Sunday, 17 December 2017 03:38 PM

අනාගතයේ චීන ලංකා කියන්න වේවි රටේ නම. ඔය පටන් ගත්තා පමණි.

:       164       206

maheshika Sunday, 17 December 2017 06:03 PM

ඔය ප්‍රබු කියන්නේ කොහෙන් අපු කට්ටියක්ද? රටට හෙන ගහල තියෙන්නේ ඔය ප්‍රබු කියන කොටස උඩ තියාගන වන්දනා මාන කරන අපේ රටේ ඉන්න කොඳු නාරටිය කැඩුන ගොන් හරක් නිසා.

:       2       16

රාජා Sunday, 17 December 2017 08:20 PM

අඩේ චීනගේ මගුලද ජෝන්ගේ මගුලද?

:       0       40

BamunuarachchiWednesday, 20 December 2017 03:54 AM

දැන්නම් ජෝන්ගේ ඉතුරු වෙලා තිබෙන්නේ ගොක්කොල මගුල තමයි.

:       0       0

chandra weerasinghe Sunday, 17 December 2017 09:10 PM

පිරිසිදු, සිංහල ප්‍රවේණිය චීන ජාන ඇතුල් කර බහුතර සිංහල ජනතාව විකෘත්ති කිරීමේ වෑයමක් තමයි මේ කරන්නේ? අහලවත් තියෙනවද මුස්ලිම් හෝ දෙමල අය මේ වගේ දේවල් කරනවා කියලා...

:       145       213

sanjayTuesday, 19 December 2017 02:09 PM

ඔව් ඔව් සිංහලයා මුළු රටම හදන ගමන් නේ.

:       0       0

D.C. WEERASINGHE Sunday, 17 December 2017 09:19 PM

හිටන්ට තියෙන්නේ වතුකරේ දෙමළ රුධිරයයි!! රනිල්ට තියෙන්නේ නිදහස ලැබුණු කාලේ සුද්දන්ගෙන් ලැබුණු රුධිරයයි!! අලි මදිවට හරක් කිව්වලු !! ඔන්න චීන්නුත් එනවා !! බලාපොරොත්තු වන්න බහු ජාතික සිංහලයන්!!

:       204       256

athuraTuesday, 19 December 2017 05:48 AM

එතකොට අර හිටපු සීයට තියෙන්නේ මොන ජාතියද මහත්මයෝ.

:       16       6

ලුම්බිණි Monday, 18 December 2017 12:07 AM

අනේ අපේ දේශපාලකයන්ට වැඩක් නැති උනාම කරන දේවල්. චීන දේශපාලකයෝ මේවා දැකල මොනවා හිතනවද දන්නේ නැහැ.

:       0       32

Ananda Jayasinghe Monday, 18 December 2017 01:13 AM

1405 දී චෙන්ග් හෝ නම් චීන නාවිකයා ආසියාවෙ ලංකාව අැතුලු රටවලට ආවා. බටහිර නාවිකයන් එන්න පෙර. නමුත් ඔවුන් එම සබදතා ඉදිරියට ගෙන ගියේ නැහැ. බටහිර නම් සිල්වා පෙරේරා ප්‍රනාන්දු අපේ අයට ලැබුනා. 21 සියවස තුල නව ප්‍රවනතා ගොඩනැගේවි! ෆාහියන් හිමියන්ගෙ රටේ හිතවතුන්ට ලැබුවාවු නව දිවියට සුභාසිරි පතමු!

:       0       163

sisira Monday, 18 December 2017 02:36 AM

ශ්‍රී ලංකාවේ මකබාස් නොහොත් අල්ල පනල්ලේ බාසුත් ගිහින් ඉන්නේ මගුල් ගෙදර...

:       0       92

janatha anura Monday, 18 December 2017 03:14 AM

නැතුව ඉන්දු ලංකා කියලා රට දෙකට බෙදා ගන්නද? දෙලක්ෂයක ජනතාවක් දිවි පිදුවේ අපේ වරදින් අනෙකුත් ජාතීන්ට නොසලකා හැරියොත් නැගිටීමට සිදුවෙනවා.

:       14       59

saman Monday, 18 December 2017 04:22 AM

ඔය පහලම ෆොටෝ දෙකේ ඉන්න දෙන්නගෙන් පරෙස්සම් වෙන්න.

:       0       25

sampath Monday, 18 December 2017 05:21 AM

මේක නම් හොඳ දෙයක් නෙවේ. එයාලා මෙහෙ නැවතිලා තවත් නැති ප්‍රශ්නයකුයි ඔයානම් හදාගන්නේ.. චීන නගරය කියලා කොළඹ නම වෙනස් කරලා චීන කොලනියක් වෙන්න වැඩි ඈතක නැහැ.

:       0       55

aruna shantha wickramasingha Monday, 18 December 2017 05:36 AM

අපේ කොඩියේ චීන්නුටත් තීරුවක් වෙන්කරන්න වෙයි නුදුරු අනාගතේදීම.

:       1       61

Bimal Monday, 18 December 2017 05:55 AM

උඩරට මුල් ඇඳුම ඔහේ හිතෙන හැටියට ඇඟට දමා ගන්න ඇඳුමක් නෙවෙයි. දැන් මේ මංගල උත්සව සංවිධායකයන් මුල්ඇඳුම විහිළුවක් කරලා. මනාලයා මුල්ඇඳුම ඇඳන් ප්‍රසිද්ධියේ මනාලිය සිප ගන්නවා. මනාලිය ඔසරිය උස්සාගෙන හින්දි සිංදුවට නටනවා. ඕන වහන්තරාවක් ඇඳගෙන කසාද බැන්දාට කමක් නැහැ. අපේ පුරාන සිරිත් විරිත් විනාශ නොකර !

:       456       720

RaveendraMonday, 18 December 2017 06:34 AM

බිමල් මයා වෙත, ඔබ විසින් ඉතාමත්ම නිවැරදි අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව අප සතුටුවන්නෙමු.

:       83       453

රජින්ද Monday, 18 December 2017 06:04 AM

දෑවැද්ද කලින්ම දීපු එකේ හම්බන්තොට චීන කොලනියටත් ගිහින් එන්න.... ඒක විතරක් නෙවේ මේ රට ඉස්සරහට අරාබි, චීන, ඉන්දියා කලවම් අමුතුම රටක් වෙනවා.

:       146       60

Mahesh Monday, 18 December 2017 08:47 AM

මනමාලයට ඉස්සරහ බලන්න කියලා ජෝන් මනමාලිගේ මුහුණ බලන් ඉන්නවා.

:       1       60

Aruna shantha wickramasingha Monday, 18 December 2017 11:12 AM

පොර්ට් සිටී චයිනීස් කොලනි එකේ අනාගත පදිංචි කාරයෝ ටික වෙන්න ඇති. චීනයේ මැරි කරලා ළමයි එක්කෙනයි හදන්න අවසර තියෙන්නේ. ලංකාවේ පදිංචිවෙලා අනාගතේදී තවත් සුළු ජාතික ප්‍රශ්නයක් ඇති වෙනවා ෂුවර්...

:       0       122

gunarathnaTuesday, 19 December 2017 01:25 PM

අරුණ ඔබතුමා හිතන විදිය හරියටම හරි. ඉදිරියේදී මේ අය ලංකාවේ විවාහ උන කට්ටිය හැටියට සියලුම දෙනාට ලංකාවෙන් ඉඩම් ගෙවල් දෙන්ට යෝජනා එන්ට පුළුවන්.

:       0       0

manoj Tuesday, 19 December 2017 11:14 AM

මගුල් කෑවට නම් කමක් නෑ............. ලංකාවේ පුරවැසිභාවය නම් දෙන්න එපා.

:       0       1

pakeer Tuesday, 19 December 2017 02:03 PM

මේක හොඳ අවස්තාවක් වේවි ඉදිරියට සිංහල යට වෙන ජාතියක් එක්ක mix වෙන්න. එහෙම උන තරමට තමයි දියුණු වෙන්න පුළුවන්. එහෙමයි පරිනාම වාදයේ තියෙන්නේ. මම නම් හරිම කැමතියි චීන්නු මෙහෙ ඇවිත් පදිංචි වෙනවනම්.

:       0       0

sanjay Tuesday, 19 December 2017 02:08 PM

චීන මිනිස්සුන්ගේ ලස්සන. හමේ පාටේ ලස්සන .

:       0       0

Bamunuarachchi. Wednesday, 20 December 2017 03:56 AM

මට සිංගප්පුරුව මතක වුණා. තමිල්නාඩුවත් මතක් වුණා.

:       0       0

wasantha Friday, 22 December 2017 10:19 PM

දවසකට චීන ජාතිකයින් 100 ක් බඳිනවා නම් අවුරුදු 10ක් විතර යනකොට චීන දැරුවන් කොපමණ ලංකාවේ ඉඳීවිද මන්දා?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27010 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23517 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site