IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඡායා චන්ද්‍රග්‍රහණය

( සුදත් එච්. එම්. හේවා)

පොසොන් පුන් පොහො දිනයේ රාත්‍රියේ පැවති  ඡායා චන්ද්‍රග්‍රහණය  හැටන් ප්‍රදේශයට මෙසේ දිස් විය.

එය අප කැමරාවේ සටහන්වු අයුරු මෙහි දැක්වේ.

 



අදහස් (18)

ඡායා චන්ද්‍රග්‍රහණය

Lal Saturday, 06 June 2020 05:53 AM

කෝ මොකුත් නැනේ. වලාකුළු චායාවන් නම් තියෙනවා.

:       0       7

සමිත සේනක අලුත්ගමගේ Saturday, 06 June 2020 06:43 AM

සඳේ ... ඔබ ඇයිද මේ යාමේ...? අහස කරා නැඟුණේ ... සිතේ ... දුක හිරු නිවා දැම්මේ ... නැතිවද ඔබ දන්නේ ...?

:       0       56

විජිත් Saturday, 06 June 2020 10:02 AM

"..සඳ , ඔබ එදා වගේමයි.. ඔබ වෙනස් වෙලා නැහැ. එ්ත් මම වෙනස් වෙලා. එහෙමත් නැතිනම් මාව වෙනස් කරලා.. මුළු ලෝකයම වෙනස් වෙමින් ඔහේ දුවනවා. ඔබ .. නිසොල්මනේ බලාගෙන ඉන්නවා. නොසිතු මොහොතක.. නොපැතූ විලසක.. ඔබ මගේ ලොවට සඳ කිරණ හලා. මා සිත කුල්මත්කලා.. මතකද..? එ්ත් ඉඳ හිට.. ඔබ ඔබේ මුව වලාවන්ගෙන් වසාගන්නවා. ඒ ඇයිදැයි මට අහන්න හිතුනත් අහන්නේ කොහොමද..? අපි ගොඩක් ඈතයි.. කමක් නැහැ.. එහෙනම් මමත් වෙනස් නොවෙන මිනිසෙක් වෙලා, වෙනස් නොවෙන ඔබ දෙස බලා ඉන්නම්. හැමදාටම.. ජීවිතය තියෙන තුරාවටම..."

:       0       33

විජිත් Saturday, 06 June 2020 05:59 PM

නොසිතු දිනක ..නොපැතූ විලසින්, මටත් නොකියාම විත් , මගේ කවුලුදොරින් එබිකම් කල සඳ වතියේ.. සුමුදු සඳකැන් දහරින් මා සිත පුබුදා - මා අවදි කළා ඔබ. අවදි කලා. ඔබගේ ඒ සිහිලැල් දෑතින් මාසිත අතගා නිදිගැන්වූ ඔබ... පසු දින හිරු නැග එන්නට මත්තෙන්.. මටත් නොකියාම ඔබ යන්න ගිහින්.. ඔබ යන්න ගිහින්.. සඳේ ඔබ සිහිනයක්ම පමණද මට..?

:       0       57

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 06 June 2020 07:39 PM

ඇයි විජිත්,ඔයාට මතකද මේ ගීතය. " චන්ද්‍රා මේ රෑ පාය ආවා .. හෘදේ පෙමින් නාව නාවා .. මේ ආදරේ වාසනාවන් .. දුක් වේදනාවන් නිවේවා ... // ඒකත් මතක් වෙනවනේ...

:       0       18

විජිත් Sunday, 07 June 2020 07:13 AM

ඔව් සමිත, මම චූටිම චූටි කාලේ අපේ ගෙදර තිබුණු වෑල්ව් රේඩියෝවෙන් ඔය සින්දුව අහලා තියෙනවා. හඳ මහා පුදුම වස්තුවක් නේද..? කවියන් මොනතරම් කවි ලියලා ඇතිද හඳ උපමා කරලා.. ඒ වගේම තමයි අපේ ලෝකයේ මිනිසුන්ගේ මනස වගේම මුහුදේ වඩදිය බාදිය සංසිද්ධිය කෙරෙහිත් කෙලින්ම නොවෙතත් වක්‍රව හඳේ බලපෑමක් තිබෙන බව සමහරවිට ඔබ අහලා ඇති... ඔබ අහලා තියෙනවාද ' project A 119' කියලා ඇමෙරිකානු රහසිගත වියාපෘතියක් ගැන..? 1959 අග ඒ කියන්නේ පරමාණු බෝම්බය අත්හදා බලා අවසන්වුණාට පස්සේ මහා විද්‍යාඥයෙක් යෝජනා කරලා තියෙනවා හඳේ පරමාණු බෝම්බයක් පුපුරවා අත්හදා බැලීමක් කරන්නට... ඉතාම රහසිගත ව්‍යාපෘතියක් වූ මෙය පිටතට කාන්දුවුයේ ඒ මහා විද්‍යාඥයා වන කාල් සාගන්, ඔහු විසින්ම ලියු ඔහුගේ ජීවන චරිත කතාව තුළින්. කෙසේවෙතෙත් ඒ ව්‍යාපෘතිය ඒ මොහොතේ ඇමෙරිකාව නතරකලත් ඒ ව්‍යාපෘතිය " කුණු කූඩයට" දැමු බවක් මට නම් කොහෙවත් හමුවෙලා නැහැ. මට නොපෙනී යන්නට හැකියාවක් තියෙනවා නම්.. මම ඇමෙරිකාවට ගිහිල්ලා.. ඔය ව්‍යාපෘති වාර්තාව හොයාගෙන කීතු කීතු වලට ඉරා දමනවා. මොකද ඔබ වගේම මමත් හඳට ආදරෙයි..

:       0       27

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 07 June 2020 07:59 AM

ඇත්තමයි විජිත්, අප සඳට ආදරෙයි. සඳ රැස්, සඳපාන, සඳ සිසිලස, සඳ කිරණ ආදී මොනතරම් සුන්දර වචන අප නිර්මාණ වලදී යොදනවාද, නේද? සඳ වට රන්තරු කැකුළු පිපේවා.. ආදී මොනතරම් ගීත අපගේ හදවත් සනසනවාද, නේද?

:       0       37

ramaSunday, 07 June 2020 09:13 AM

සඳ බලන්න බැහැ... මට ඔබේ මුහුණ මතක් වෙනවා. මම බලන්නේ නැහැ සඳ දෙස ඔබව මතක් වෙනවා. මම බැලුවේ නැහැ...

:       0       12

පූජා Sunday, 07 June 2020 10:40 AM

විජිත්, දැන් මෙතන සඳ ගැන කතාවෙනකොට , මගේ හිතට ප්‍රශ්නයක් පැන නැගුණා. ඇත්තටම විජිත් "වේගයෙන් යන කොස්මික් තරංග" ගමන් කරන්නේ සඳටද? දන්නේ නැති නිසයි ඇහුවේ... ඔන්න මට උත්තරක් ඕනේමයි.

:       0       27

විජිත් Sunday, 07 June 2020 11:52 AM

පුජා, ඒ ගැන දැන් තමයි මට මතක්වුනේ.. මොකද මගේ ඔලුව ටිකක් අවුල්... හරි... ඊට ඉස්සෙල්ලා ' මම හඳ ගැන ලියපු දේවල් ගැන මොනවද ඔයා හිතන්නේ කියලා කියන්නකෝ.. ඒ වගේම හඳ ගැන ඔයත් චුට්ටක් හරි කියන්නකෝ.. ඊට පස්සේ මම කොස්මික් ප්‍රශ්නය විස්තර කරන්නම්..

:       0       28

විජිත් Monday, 08 June 2020 05:14 AM

මේ කොස්මික් තරංග කියන්නේ ආලෝකයේ වේගයෙන් (අසන්න වශයෙන් 300 000/ තත්පරයට කිලෝමීටර) විශ්වයේ සැරිසරන අධිශක්ති ප්‍රෝටෝන සහ පරමාණු අංශුන් ධාරාවක්. මේවා නිකුත් වන්නේ හිරුගෙන්, අපේ ග්‍රහ මණ්ඩලයට පිටින් ඇති තරකාවලින්, සහ සුපර්නෝවා ( තාරකාවක පිපිරීමක් ) වලින්. මේවා අපේ ලෝකයට වඩා සඳට පහත් වෙනවා. ඒ සඳේ ඇති තුනී වායුගෝලය නිසා. අභ්‍යවකාශ යානාවල පිටත පෘෂ්ටයට නිතරම හානිකරන මේ කොස්මික් කිරණ අපේ වායුගෝලයට පැමිණ එහි ගැටී ද්විතියික පරමාණු අංශු රාශියක්. ( උද. පොසිට්‍රෝන ) සාදනවා. මේ සංසිද්ධිය ආලෝක වැස්සක් වගෙයි පෙනෙන්නේ. හැබැයි ඉතින් මේ ‘කොස්මික් ' යන පදය මීට වඩා බොහෝ දුරක් අපිව එක්කගෙන යනවා. ආලෝක වර්ෂ ගාණක් නොව ආත්ම ගනනක් එහාටත්... ඔයා අහලා තියෙනවද cosmic friends ලා ගැන. සමහර විට අපි නොදන්නා කෙනෙක්.. නමුත් අපි දකින මොහොතේම අපිට හැඟෙනවා අපි එයාව දන්නවා කියලා. ඒවගේම එයාගෙනුත් ඒ ප්‍රතිචාරය තියෙනවා. කෙනෙක් කරදරයක වැටුණාම අනිකා උදව්වට එනවා. එකෙක් හිතන දේ අනෙකා හිතනවා. මේ ආත්මීය බැඳීමක්. මම හිතන්නේ අපිත් cosmic friends ලා කියලා. අපි දෙන්න රටවල් දෙකක සිටියට එකම වෙලාවක එකම දේ ගැන සිතලා තියෙනවා. එකම දේ ගැන ලියලා තියෙනවා..

:       0       25

පූජා Sunday, 07 June 2020 03:24 PM

විජිත් , ඔයා ඔලුව අවුල් කරගන්න එපා. අපි නිතරම කමන්ට් වලින් හමු වෙනවානේ. ඔයාව අපිට වටිනවා. ඔබේ හරවත්, රසවත් සටහන් වලින් අප බොහෝ දෙනා සතුටට පත් වෙනවා. දැනට සඳ අමතක කරලා දාන්න. ආයෙත් ලබන මාසේ එයා එනවානේ. ඇයි හදිසියක්.? මමත් සඳට කැමතියි .එහෙම කියලා අනෙකුත් වැඩ අතපසු කරගන්න බැහැනේ..මේ කාලයේ ,ඔලුව හොදින් තියාගෙන ජීවත් වෙන්න ඕනේ කාලයක් කියලා ඔයා දන්නවානේ.. අවිනිශ්චිත කාලයක, බිය අපට දැන් වැඩි වැඩියෙන් දැනෙන්නේ, මේ පෙළපාලි නිසා. ඔයත් සෞක්‍ය ගැන සැලකිලිමත්ව පරිස්සමෙන් ඉන්න..

:       0       35

විජිත් Monday, 08 June 2020 10:26 AM

ඔව් ලන්ඩන්වල පෙළපාලිවල තත්වය ටිකක් භයානකයි වගේ. මෙහෙ පැරිස්වල ගිය සුමානේ පොඩි පොඩි ප්‍රශ්න වගයක් තිබුණා. දැනට සද්දයක් නැහැ. ඔයා වැඩට යන්නේ ටියුබ් එකේද..? මෙහෙ දැන්දැන් මෙට්‍රෝ වල සෞඛ්‍ය ආරක්ෂාවට සලකුණු කරලා තියෙන දේවල් මිනිස්සු ගණන් ගන්න බවක් පෙනෙන්න නැහැ. අායෙත් ලෙඩක් දමාගත්තොත් ඔක්කොම ඉවරයි. මමත් ගොඩක් ප්‍රවේශම් වෙනවා.. ගෙදරට ගෙනෙන එළවලු, පලතුරු පවා සබන් දියර වලින් හෝදලා ගන්නේ. ඉතින් ඔයත් ගොඩාක් ප්‍රවේශම් වෙන්න.

:       0       20

පූජා Monday, 08 June 2020 07:15 PM

ස්තුතියි විජිත්... හරිම ආශ්වාදජනකයි. අම්මෝ ඔයත් දන්නා දේවල් !

:       0       18

විජිත් Sunday, 07 June 2020 12:36 PM

පෙර දිනයක..මා හා ..බොරුවට අමනාපවී.... මා හඬවා.. , බොරුවට මා හැරගිය ' මගේ සඳ ' යලිත් ඇවිදන්...!!! බාගෙට හැරදමා තිබු කවුළු පියන් පත් තුලින් හෙමින් හෙමින් .. යලිත් ඇවිදින්. සඳවතියේ, ආයෙත් දවසක ..බොරුවට මාහා අමනාපවී මා හැර යන්න කලින්.. මගේ මන්දිරේ කවුළු පියන් පත් වසාදමා.. නැවත නොයන සේ මම ඔබ රැකගන්නෙමි, මගේ දිවි තිබෙන තුරාවට...

:       0       26

පූජා Sunday, 07 June 2020 02:05 PM

විජිත්, මම සඳ ගැන හිතන දේවල් ඔයා දන්නේ නැහැ විජිත්. ඔයා හඳ ගැන ලියපු ඔක්කොම මම ආසාවෙන් කියෙව්වා. සඳට කියන්න නම් මට ගොඩාක් දේවල් තියෙනවා. කියා ගන්න බැහැ.. හඳට ඒවා ඇහෙන්නේ නැහැ. මම ඔයාගේ කමන්ට් එක ඊයේ දැක්ක ගමන්ම කමන්ට් එකක් දැම්මා . සඳ වලාකුළුවලින් වැසී ගියාම ,කොහොමද එලිය දෙන්නේ. ? සඳට කැමති විදිහට එලිය දෙන්න බැහැ. සමහර වෙලාවට කළු වලාවකින් වැසී යනවා. ඒත් සඳ කැමතියි එලිය දෙන්න. සඳ සිහිනයක් වෙන්නේ නැහැ,,ඒ සොඳුරු සිහිනය කෙතරම් මනරම්ද.? ඒ සිහිනයෙන් පිබිදෙන්න මා කැමති නැහැ. අපි ගෙවන මේ සංකීර්ණ ,යාන්ත්‍රික ජීවිතයට තියෙන ,එකම සැනසීම , ඒ සොඳුරු සිහිනයයි.. මම සඳ ආදරයෙන් වැළඳ ගනිමි...එයට බොහෝ සේ ආදරය කරමි. බැඳීම් , වගකීම් තිබුනත් , මා කෙසේ මගේ සඳ අමතක කරන්නද.?

:       0       51

පූජා Monday, 08 June 2020 03:08 AM

විජිත්, මම අද වැඩට යනවා . පස්සේ හමුවෙමු. ඔයා ලීව කවි සිතුවිලි චමත්කාරයි.. ඇත්තමයි හරිම ලස්සනයි. වචන නැහැ කියන්න.

:       0       37

විජිත් Monday, 08 June 2020 06:34 AM

ප්‍රවේශමෙන්..ගිහින් එන්න.

:       0       12

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28403 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site