IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


ජනපති යාපනයේ දී කුඹුරට බසියි

(අංජුල මහික වීරරත්න)

වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ යාපනය පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට එක් වෙමිනි.

පරන්තන් වෙල්යායට පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ගොවීන්ගෙන් වී වගාව සම්බන්ධ ගැටලු පිළිබඳ විමසා බැලූ අතර එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන බව ද පැවසීය.



අදහස් (27)

ජනපති යාපනයේ දී කුඹුරට බසියි

ganegoda Sunday, 12 February 2023 04:10 PM

අල්ලලා මඩේ පාගන්න ඕනේ...

:       32       53

ABSunday, 12 February 2023 07:07 PM

පරන්තන් වෙල්යායටම පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ගොවීන්ගෙන් වී වගාව සම්බන්ධ ගැටළු පිළිබඳ විමසා බැලූ අතර එම ගැටලුවලට විසඳුම් පමණක් නොව ග්‍රාමීය ගොවි ජනතාව අතර ඍජුවම සම්බන්ධයක් ගොඩනැගීම, ජනතාවගේ ගැටළු ඔවුන් සමග සාකච්ඡා කිරීම සහ පිළිතුරු ලබාදීම සහ විශේෂයෙන්ම ද්‍රවිඩ ජනතව සහ හමුදාවන් පිළිබඳව තිබෙනාවූ අනවශ්‍ය බිය සැකය නැති කර ඔවුන් සමග සුහදත්වයක් ඇති කිරීම / වීම වැනි සිදුවීම් අගය කරමු. ජනතවගේ ගැටළු විසදීමට නිලධාරීන් සමගම ජනතාව වෙත යාම නිසා දිගු කාලින ගැටළු සඳහා ඉක්මණින් විසඳුම් ලබාදීමටත් හැකියාව තිබේ. පුරවැසියන් බලාපොරොත්තු වනුයේ ඔවුන්ගේ එදිනෙදා පවතින ගැටළු සඳහා විසඳුම වේ. ජනාධිපතිවරයා පරන්තන් වෙල්යායට පැමිණ ජනතාව හමුවූ අතර එහි සිටි ද්‍රවිඩ පුරවැසියන් 13 වන සංශෝදනය ක්‍රියාත්මක කිරීමට හෝ බලය බෙදීම පිළිබඳව කිසිඳු ඉල්ලීමක් ඉදිරිපත් නොවීමද විශේෂත්වයකි. ජනාධිපතිවරයා පරන්තන් වෙල්යායට පැමිණීමෙන් උතුරු නැගෙනහිර ජනතාවට "බලය වෙනුවෙන් රැවටුණා ඇති " යනුවෙන් පණිවුඩයක් ලබාදී තිබේ.

:       9       29

gamsabaa Sunday, 12 February 2023 11:40 PM

AB , චන්දය ලංවෙනකොට හැමකෙනෙක්ම මේවගේ දේවල් කරනව .. ඒ කාලේ මහින්ද රාජපක්ෂත් ගිය ගිය තැන පොඩි ලමයි වඩාගෙන චන්ද දර්ශන මවාපෑම් අපිට තාම මතකයි . මෙතනදි ඉතාමත් වැදගත් වෙන්නෙ , මෙයා කවුද ? මෙයාගෙ ඒ හිටපු කාලයේ පැටිකිරිය කොහොමද කියන එකයි ! ! !

:       2       14

අරවින්ද මොණරවිලMonday, 13 February 2023 01:08 PM

මට නම් ඔයා ලියලා තියෙන ඒවා අණ්ඩර දෙමළ වගෙයි.

:       3       9

Ratawasiya Sunday, 12 February 2023 04:59 PM

නියරකට තියලා මඩ තියන්න හොඳයි...!

:       28       58

koralageMonday, 13 February 2023 08:04 AM

මේ කතා පොරොන්දු සහ දවල් සිහින පමණි,නමුත් කිසිම ක්‍රියාවක් නැත.මාරතු 09 වෙනිදා ජනතාව ඔබව අවදි කරන තුරු සිහින දකිමින් සිටින්න. IMF ණය ලබා ගත් පසු සියල්ල අමතක වී නැවත සුපුරුදු පරිදි ජනතාව රවට්ටනු ඇත.

:       1       7

පැරකුම් Sunday, 12 February 2023 05:05 PM

ඡන්ද සටන ජයටම යනවා වගෙයි. ඉස්සෙල්ලා 13 දුන්නා... දැන් වී ගන්නවාලු රටටම ආහාර උතුරෙන් දෙනවාලු... ඔහොම යං ගිහින් බලමු…!

:       26       46

ruwwn Sunday, 12 February 2023 05:52 PM

කූඩැල්ලෝ ගොඩයි...

:       10       36

පඹයා Sunday, 12 February 2023 06:05 PM

ඔව් ඉතින් රට සවාරි යන්නේ නැත්නම් රට ඇතුළේ හරි හෙලිකොප්ටරයෙන් රවුම් ගහන්න.. මෙයාට තියෙන්නේ උඩින් යන ගාය...

:       20       43

surangaSunday, 12 February 2023 07:01 PM

හෙලිකොප්ටරේක කඩාගෙන වැටුණොත් අපිට මොන ජොලිද..? ගෙයක් ගෙයක් ගානේ කිරිබත් උයනවා. රතිඥ්ඥා පත්තු කරලා පාවාදෙන්නා මළබව ලෝකයටම කියනවා. දවස් 7ක් ප්‍රීති උත්සව...!

:       27       44

ලසන්ත Monday, 13 February 2023 06:31 PM

Suranga ඔයාගේ අම්මා හරි, තාත්තා හරි මැරුණොත්, කවුරු හරි කිරිබත් කෑවොත් ඔයාට ඇතිවන හැඟීම කොහොම වේවිද? ඔහේ මැරුණොත් මිනිස්සු කිරිබත් කෑවොත් දරුවන්ට කොහොම හැඟීමක් ඇතිවේද? ඉතින් කෙනෙක් මැරුණොත් තවත් කෙනෙකුට සතුටු වෙන්න සතෙකුටවත් බැහැ.. බලන්නකෝ කපුටෙක් මැරුණොත් අනෙක් කපුටන් කෑගන්නේ කොහොමද කියලා... ඔහේට එහෙමවත් සිතක් නැතිවීම මිනිසත්කමටත් නිගාවක් කියලා කියන්න පුළුවන් මට මතකයි... 1993.05.01 දින එකල විපක්ෂයේ ප්‍රබලයින් හැසිරුනේ කොහොමද කියලා... එම කට්ටියේ අයට නම් කෙනෙක් මැරෙනවා කියන්නේ රජ මගුලක්ම තමයි...!

:       4       2

sharm warnTuesday, 14 February 2023 11:15 AM

රනිල් ගොබ්බයාට පුතෙකුත් ඉන්නවනේ බොලේ .මාරයි .ඩී.එන්.ඒ ටෙස්ට් එකක් බලන්නම වෙනවා

:       0       3

විජ්ජාසිංහ Sunday, 12 February 2023 07:31 PM

රනිල් ඔයා ඉක්මනට වළට බහින්න... එතකොට හැමදේම හරි

:       2       5

Jagath Sunday, 12 February 2023 07:34 PM

පඹයාට හොඳයි කාක්කො එලවන්න.

:       0       11

JAGATH Sunday, 12 February 2023 08:24 PM

උතුරේ චන්ද බලාගෙන දකුණේ චන්දෙ නැතිකර ගැනීමකි

:       0       6

චමින්ද Sunday, 12 February 2023 08:52 PM

අදට මාස කීපයකට පෙර රුපියල් 220ට පෝලිමේ ඉඳලා ගන්නා ලද දේශීය හාල් කිලෝ එක අද රුපියල් 142ට කඩේ ගන්න පුළුවන්. ස්තුතියි ජනාධිපති තුමනි. ගොවියාට ද සාධාරණ මිලක් ලබා දී ගොවියා ද රැකගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

:       3       3

sharm warnTuesday, 14 February 2023 11:17 AM

අනේ චමින්ද (චමින්ද කෙනෙක්ම තමයි )කඩේ නම කියන්නකෝ .අපිත් හොයනවා 142 ට ගන්න පුළුවන් හාල් වර්ගය සහ කඩේ මොකද්ද කියලා .පුන්නක්කු වත් එච්චර ලාබෙට නෑ

:       2       2

de silva Sunday, 12 February 2023 11:12 PM

රටේ මොන තරම් ප්‍රශ්න තිබෙනවද විසඳන්න ?රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කරගෙන රජයේ වියදම් 30% වත් අඩු කරගන්න ඕනේ ඉදිරි මස 2-3 තුල ,මූල්‍ය අරමුදලේ ගිවිසුම ඉක්මන් කරගන්න ඕනේ.මේ ඔක්කොම තිබෙද්දී මෙයා යාපනේ කුඹුරු වල ඇවිදිනවා .අපේ සල්ලි වලින් හෙලිකොප්ටර් ඉන්ධන ගහගෙන

:       1       3

Perera Sunday, 12 February 2023 11:30 PM

මී හරක්නේ .කුඹුර තමයි උචිත

:       1       3

Chathuri Monday, 13 February 2023 01:34 AM

කරන බලු වැඩවලට. ඔය වගෙ තැන් වලට පරිස්සමින් යන්න. මඩ හෝදලා අරින්න පුලුවන්. ත්මුන්ගෙ කුනු පැල්ලම් සදා කාලිකයි. මේතනට ජනාදිපති කෙනෙක් අවශ්‍ය නැහැ. කෘශිකර්ම ඇමති ඇරියානම් ලස්සනට වැඩේ කෙරෙනවා. වී ටොන්ගානක් ගන්බ සල්ලි මේ ගමනට වෙන් කරන්න ඇති. මුන්ට ටතවම රට බන්කොලොත් කියන එකේ තෙරුම දන්නේ නැහැ. මොකද හැදේම වේලාවට අතට පයටලැබෙනවානේ. මේසේරම මුදල් ඉතුරුයි. මාලිමාවට පුටුව දීලා යන්න ජනතාව ඉල්ලන්නෙ. නිවැරදි මාර්ගය. අවනිතිය පාවිච්චි කරමින් මුන් කොහෙද රටක් ගොඩගන්නෙ.

:       1       5

nihal Monday, 13 February 2023 01:42 AM

මම හිතුවේ නියරේ ඉන්නේ පඹයෙක් කියලා

:       1       3

Gunasinghe Monday, 13 February 2023 08:37 AM

ගොයම් කපන යන්ත්‍ර ඉවත් කළා නම් රැකියා ප්‍රශ්නය සෑහෙන්න විසඳෙනවා

:       2       2

sharm warn Monday, 13 February 2023 09:37 AM

අඩු ගානෙ විය ගහෙ බැඳලා හාන්න ගන්න වත් බැරි වෙයි.. එච්චරටම පින් ගොනෙක්. . .දැණ් උතුරට සාමය විකුනලා පොරක් වෙන්න යන්නෙ.. එ කාලෙ ප්‍රබාකරන්ගෙ දෙපතුලෙ වැඳ වැටිලා සාමය දෙන්න හැදුවා විලි ලැජ්ජාවක් නැතුව.. දැන් මෙයාව මුරට තියාගෙන ඉන්න මහලොකු දේශප්‍රෙමි මැදමුලනියන්ස් මෙව්වට මොකෝ දන්නෑ කියන්නෙ..

:       2       3

අරවින්ද මොණරවිල Monday, 13 February 2023 10:43 AM

කවුද දන්නේ නැහැ මීහරකට දැන්ම පණිවිඩය දුන්නේ ?

:       1       3

Rata Perata Monday, 13 February 2023 01:04 PM

හැම එකාම නියර දිගේ ගිහින් ඇවිල්ලා තමයි රට කන්නේ .මේ වගේ ගොන් ආතල් වලට අපි ආපහු අහුවෙන්නේ නෑ

:       1       7

apiapita Monday, 13 February 2023 05:05 PM

මැතිවරණ සංදර්ශන බලලා රැවටෙන්න එපා...!

:       1       7

podiaarachchi Tuesday, 14 February 2023 08:41 PM

ඡන්දයක් ළඟාවෙනකොට ජීවිතේට නොකරපු දේවලුත් කරනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 104 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6637 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6274 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7689 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18354 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1316 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 39 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 840 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site